header logo
SLIC
උණුසුම් පුවත්
ප්ලූටෝ සහ ටයිටන් මත මෙතෙක් හඳුනා නොගත් අද්භූත රසායනික සලකුණක්
Jul 09, 202608:32 AM
ප්ලූටෝ සහ ටයිටන් මත මෙතෙක් හඳුනා නොගත් අද්භූත රසායනික සලකුණක්
Mobitel 1278

නාසා ආයතනයට අයත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් ප්ලූටෝ ග්‍රහලෝකය සහ සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් මත මෙතෙක් හඳුනාගත නොහැකි වූ අද්භූත රසායනික සලකුණක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇත.

පවත්නා විද්‍යාත්මක දත්ත ගබඩාවල ඇති කිසිදු රසායනික ද්‍රව්‍යයකට මෙය සමාන නොවන අතර, මෙම සොයාගැනීම ඇතුළත් පර්යේෂණ වාර්තාව 'Astronomy & Astrophysics' සඟරාවේ පළ කිරීමටද අනුමැතිය ලැබී තිබේ.

විද්‍යාඥයන් දුරස්ථ ලෝකයන්හි පවතින රසායනික ද්‍රව්‍ය හඳුනාගනු ලබන්නේ, අදාළ අංශු මඟින් ආලෝකය අවශෝෂණය කරගන්නා ආකාරය අධ්‍යයනය කරන 'වර්ණාවලි වික්ෂේපණය' (Spectroscopy) නම් තාක්ෂණයෙනි.

සෑම රසායනික ද්‍රව්‍යයකටම මිනිස් ඇඟිලි සලකුණක් මෙන් අනන්‍ය වූ ආලෝක සලකුණක් පවතී.

නමුත් මෙවර ප්ලූටෝ සහ ටයිටන් යන ලෝක දෙකෙන්ම මයික්‍රොමීටර 5.113ක තරංග ආයාමයකින් යුත් අසාමාන්‍ය ආලෝක අවශෝෂණ කලාපයක් (Absorption band) නිරීක්ෂණය වී ඇත.

ජේම්ස් වෙබ් දුරේක්ෂයේ විවිධ මෙවලම් දෙකකින්ම මෙම සංඥාව සනාථ කර ඇති බැවින්, මෙය උපකරණවල දෝෂයක් නොවන බව විද්‍යාඥයෝ පවසති.

පර්යේෂකයන් විසින් මෙම අද්භූත සලකුණ ඇසිටිලීන්, බෙන්සීන්, කෙටීන් වැනි කාබනික සංයෝග සහ ශීත කළ ද්‍රව්‍ය රැසක් සමඟ සංසන්දනය කර බැලුවද කිසිවක් එයට නිවැරදිව ගැලපී නැත.
මේ සම්බන්ධයෙන් විද්‍යාඥයන් පවසන්නේ, මෙය මෙතෙක් රසායන විද්‍යාවෙන් හඳුනා නොගත් නවතම ද්‍රව්‍යයක් විය හැකිය බවය.

නැතහොත්, දැනට හඳුනාගෙන ඇති රසායනික සංයෝගයක් මෙම ලෝකවල පවතින අධික ශීතල තත්ත්වයන් යටතේ වෙනස් ආකාරයකින් හැසිරීම නිසා ඇති වූවක් විය හැකි බවද ඔවුන් පවසා ඇත.

මෙම සොයාගැනීම විද්‍යාඥයන් වඩාත් පුදුමයට පත් කර ඇත්තේ ප්ලූටෝ සහ ටයිටන් යනු සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස් පරිසරයන් සහිත ලෝක දෙකක් බැවිනි.

ටයිටන් සතුව නයිට්‍රජන් සහ මෙතේන් බහුල ඝන වායුගෝලයක් මෙන්ම ද්‍රව මෙතේන් සහිත විල් සහ ගංගා පවතී. අනෙක් අතට, ප්ලූටෝ සතුව පවතින්නේ අතිශය සිහින් වායුගෝලයක් සහ නයිට්‍රජන්, මෙතේන් සහ කාබන් මොනොක්සයිඩ් අයිස්වලින් වැසුණු ශීතල මතුපිටකි.

කෙසේ වෙතත්, සූර්යාලෝකය සහ කොස්මික් කිරණ හේතුවෙන් මෙම ලෝක දෙකෙහිම සංකීර්ණ කාබනික රසායනික ක්‍රියාවලීන් සිදුවන අතර, එකම අද්භූත රසායනික සලකුණ දෙදෙනාගේම මතුපිටින් දර්ශනය වීමට එය හේතුවක් විය හැකි බව විශ්වාස කෙරේ.

මෙම අභිරහස විසඳීම සඳහා ඉදිරියේදී රසායනාගාර පරීක්ෂණ මෙන්ම ජේම්ස් වෙබ් දුරේක්ෂය හරහා තවත් නිරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

එමෙන්ම, අනාගතයේදී ටයිටන් චන්ද්‍රයා ගවේෂණය කිරීමට නියමිත නාසා ආයතනයේ 'ඩ්‍රැගන්ෆ්ලයි' (Dragonfly) මෙහෙයුම මඟින්ද මේ පිළිබඳව නිවැරදි තොරතුරු අනාවරණය කරගත හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව