header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ChatGPT සහායෙන් Anime ගිණුම් 46,000ක් මැකූ 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට
Jul 09, 202607:45 AM
ChatGPT සහායෙන් Anime ගිණුම් 46,000ක් මැකූ 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට
Mobitel 1278

කෘතිම බුද්ධි තාක්ෂණයෙන් යුත් ChatGPT මෙවලමෙහි සහය ඇතිව සකස් කරන ලද පරිගණක මෘදුකාංගයක් ආධාරයෙන්, ප්‍රකට ජපන් කාටූන් (Anime) වෙබ් අඩවියක පරිශීලක ගිණුම් 46,000කට අධික ප්‍රමාණයක් අවලංගු කළ 15 හැවිරිදි උසස් පාසල් සිසුවෙකු ජපාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිසුවා 'Bandai Namco Filmworks' සමාගමට අයත් 'Bandai Channel' නමැති සජීවී දර්ශන නැරඹීමේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල කරමින් එහි ව්‍යාපාරික කටයුතුවලට බාධා පමුණුවා ඇතැයි සැක කෙරේ.
‍
2025 නොවැම්බර් මාසයේදී මෙම සිසුවා අදාළ වෙබ් අඩවියේ පැවති ආරක්ෂක දුර්වලතාවක් හඳුනාගෙන ඇත.

ඉන්පසු ඔහු සාමාජික ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම ස්වයංක්‍රීයව සිදු කළ හැකි පරිගණක ක්‍රයාවලියක් සකස් කිරීමට ChatGPT හි සහය ලබාගෙන තිබේ.

2025 නොවැම්බර් 4 වන දින ඔහු විසින් නිකුත් කරන ලද ව්‍යාජ පරිගණක විධාන හේතුවෙන් වෙබ් අඩවියේ ලියාපදිංචි වී සිටි සාමාජිකයන් 46,812 දෙනෙකුගේ ගිණුම් ස්වයංක්‍රීයවම අවලංගු වී ගොස් ඇත.

මේ හේතුවෙන් අඩාල වූ වෙබ් අඩවියේ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට සමාගමට දෙසැම්බර් මාසය දක්වා කාලය ගත වී තිබේ.

පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකාර සිසුවා පවසා ඇත්තේ,

"ගිණුම් ඉවත් කිරීමේ කේතය මම තනියම හැදුවත්, ඒක ක්‍රියාත්මක වෙන්න ගොඩක් වෙලාව ගියා. ඒ නිසා මම ChatGPT එකෙන් උදව් අරගෙන වෙනත් පරිගණක භාෂාවකින් ඒක ඉක්මනින් නිම කළා. මම හතර වසරේ ඉඳන් තනියම පරිගණක ක්‍රමලේඛනය ඉගෙන ගත්ත කෙනෙක්. මට මේ සමාගම එක්ක කිසිම තරහක් තිබුණේ නැහැ. ලෙහෙසියෙන්ම ඇතුළු වෙන්න පුළුවන් ගිණුම් විශාල ප්‍රමාණයක් තිබුණු නිසයි මම මේ වෙබ් අඩවිය තෝරාගත්තේ." යනුවෙනි.

පොලීසිය පවසන පරිදි, සමාගම විසින් සිසුවාගේ පරිගණක අන්තර්ජාල ලිපිනය අවහිර කිරීමට පියවර ගත්තද, ඔහු 30 වතාවකට වඩා සිය IP ලිපිනය වෙනස් කරමින් දිගින් දිගටම මෙම ප්‍රහාරය එල්ල කර ඇත. මෙම සිසුවා මීට පෙර පසුගිය ජුනි මාසයේදීද වෙනත් පරිගණක අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි අයෙකි.

සිද්ධියෙන් පසු 'Bandai Namco Filmworks' සමාගම පීඩාවට පත් පාරිභෝගිකයන්ගෙන් සමාව අයැද සිටි අතර, සේවාව අඩාල වූ කාලය සඳහා මුදල් ප්‍රතිපූරණය (Refunds) කිරීමටද පියවර ගෙන ඇත.

පරිශීලකයන්ගේ දත්ත කිසිවක් අන්තර්ජාලයට කාන්දු වී හෝ අවභාවිත වී නොමැති බවද සමාගම තහවුරු කර තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana