header logo
SLIC
උණුසුම් පුවත්
රෝගීන් 15ක් ඝාතනය කළ වෛද්‍යවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Jul 08, 202609:42 PM
රෝගීන් 15ක් ඝාතනය කළ වෛද්‍යවරයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
Mobitel 1278

සිය භාරයේ සිටි අසාධ්‍ය රෝගීන් 15 දෙනෙකු ඝාතනය කිරීමේ වරදකරු වූ 41 හැවිරිදි ජර්මානු ජාතික සහන සේවා වෛද්‍යවරයෙකුට එරට අධිකරණයක් විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබේ.

ජර්මානු රහස්‍යතා නීතිවලට අනුව 'ජොහැන්නස් එම්.' (Johannes M.) ලෙස හඳුන්වා දුන් මෙම වෛද්‍යවරයා, 2021 සැප්තැම්බර් සහ 2024 ජූලි අතර කාලය තුළ කාන්තාවන් 12 දෙනෙකු සහ පිරිමින් තිදෙනෙකු ඝාතනය කර ඇති බව අධිකරණයේදී ඔප්පු වී ඇත.

කෙසේ වෙතත්, බලධාරීන් විශ්වාස කරන්නේ මෙය මෙම මහා පරිමාණ අපරාධ වැලක ආරම්භය පමණක් විය හැකි බවය.

ඔහු සම්බන්ධ තවත් සැකකටයුතු මරණ 76ක් පිළිබඳව පැමිණිල්ල මේ වන විටත් විමර්ශනය කරමින් පවතින අතර, ඒවාද ඔප්පු වුවහොත් මෙය ජර්මානු ඉතිහාසයේ දරුණුතම අනුක්‍රමික මිනීමැරුම් සිදුවීමක් වනු ඇත.

ඝාතනයට ලක්වූවන් වයස අවුරුදු 25ත් 94ත් අතර පසු වූවන් වේ.

ඔවුන් බේරාගත නොහැකි බරපතළ රෝගාබාධවලින් පෙළුණද, ඔවුන්ගේ මරණය ආසන්නව තිබූ ඒවා නොවන බව අධිකරණයේදී අනාවරණය විය.

වෛද්‍යවරයා රෝගීන්ගේ නිවෙස් වෙත ගොස්, ඔවුන්ගේ කිසිදු කැමැත්තකින් තොරව මාරාන්තික ඖෂධ සංයෝග ශරීරගත කර මෙම ඝාතන සිදුකර තිබේ.

ඇතැම් අවස්ථාවලදී සිරුරු සහ සාක්ෂි වසන් කිරීම සඳහා ඔහු රෝගීන්ගේ නිවෙස්වලට ගිනි තැබීමට ද උත්සාහ කර ඇත.

2024 ජූලි මාසයේදී ඔහු අත්අඩංගුවට පත්වීමට සුළු මොහොතකට පෙරද පැය කිහිපයක් ඇතුළත වයෝවෘද්ධ රෝගීන් දෙදෙනෙකු ඝාතනය කර තිබුණි.

වසරක් පුරා ඇදී ගිය නඩු විභාගයේදී නිහඬව සිටි වෛද්‍යවරයා, පසුගිය මාසයේදී රෝගීන් 12 දෙනෙකු මැරූ බවට පාපොච්චාරණය කළේය.

"මම හිතුවේ මම කරන්නේ නිවැරදි දේ කියලා. ඔවුන්ව රෝග පීඩාවලින් සහ දුක්විඳීමෙන් මුදවා ගැනීම හැමෝටම හොඳම දේ කියලා මම මාවම රවටා ගත්තා," යැයි ඔහු අධිකරණය හමුවේ පවසා සිටියේය.

නඩු විභාගය අතරතුර වින්දිතයන්ගේ ඥාතීන් දැඩි සංවේගයෙන් යුතුව සාක්ෂි ලබා දී ඇති බව සඳහන් වේ.

2021 දී මියගිය 25 හැවිරිදි තරුණියගේ මව කඳුළු සලමින් කියා සිටියේ තම දියණියට කිසිදා ජීවිතය එපා වී නොතිබූ බවය. තවත් වින්දිතයෙකුගේ පුතෙකු පැවසුවේ තම 72 හැවිරිදි මව මියයන්නට පෙර සිය සහෝදරිය සමඟ සංචාරයක නිරත වීමට සැලසුම් කරමින් සිටි බවත්, ඇයට තවදුරටත් ජීවත් වීමේ දැඩි වුවමනාවක් තිබූ බවත්ය.

සියලු කරුණු සලකා බැලූ අධිකරණය වෛද්‍යවරයාගේ වරද බරපතළ ගණයේ ලා සලකමින්, ඔහුගේ සිරදඬුවම් කාලයෙන් පසුවද ඔහුව ආරක්ෂිත රැකවරණ යටතේ රඳවා තැබීමට නියෝග කළේය.

එමෙන්ම ඔහුට ජීවිතාන්තය දක්වා වෛද්‍ය වෘත්තියේ නිරත වීම ද තහනම් කෙරිණි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව