header logo
SLIC
උණුසුම් පුවත්
ජූලි 15 සිට යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් කෙරේ
Jul 08, 202609:41 PM
ජූලි 15 සිට යල කන්නයේ වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානම් කෙරේ
Mobitel 1278

යල කන්නයේ ගොයම් කැපීම මේ වන විට ආරම්භ වී ඇති බැවින් වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට අද (8) උපදෙස් ලබාදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඒ සඳහා දැනට වී තොග පවතින ගබඩාවල වී තොග හිස් කර, නව වී මිලට ගැනීමට සූදානම් කිරීමේ කටයුතු සතොස සමග එක්ව සිදු කරන ලෙසට උපදෙස් ලබාදී ඇති බවය.

යල කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇත.

මෙවර යල කන්නයේදී හෙක්ටයාර් 475,000ක් පමණ කුඹුරු ඉඩම් වගා කර ඇති බවද, කිසිදු කාලගුණික විපර්යාසයක් මෙවර වි වගාවට හානිකර ලෙස බලපා නැති බවද ඒ නිසා සාර්ථක වී අස්වැන්නක් ලැබී ඇති බව ද මෙහිදි සඳහන් කෙරිණි.

2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා බිලියන 6ක් භාණ්ඩාගාරයෙන් ලබා දී ඇති බවද, ඊට අමතරව ඔඩපන ණය ලෙස කුඩා සහ මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත තවත් බිලියන 10ක් රජයේ බැංකු මගින් වෙන් කර ඇති බවද මෙහිදි අනාවරණය විය.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය ලබන 15වනදා සිට වී මිලදී ගැනීම ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවත්, ඒ සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහාය ඇතිව අවශ්‍ය කටයුතු කෙරෙමින් පවතින බවත් මේ අවස්ථාවට සහභාගී වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ප්‍රකාශ කරන ලදී.

තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලද්දේ, 2024 වසරේදී වී මෝල් හිමියන් කැඳවා වී මිල වැඩි නොකරන ලෙස පැවසීමට සිදු වුවත්, මේ වන විට වී මෝල් හිමියන් කැඳවා ප්‍රකාශ කරන්නට සිදුව තිබෙන්නේ වී මිල අඩු නොකරන ලෙස යැයිද, එසේ කරන්නට සිදුව තිබෙන්නේ වසර එකහමාරක කාලය තුළ ඉහළ වී අස්වැන්නක් ලබා ගැනීමට හැකි වීම නිසා බව ද මෙහිදී සඳහන් කෙරිණි.

එසේම 2024දී රජයට වී ලබා දෙන්නැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටීමට සිදුවූ බවද, එහෙත් ගොවින් ඒ ඉල්ලීමට නිසි ප්‍රතිචාර නොදැක්වූ බවද මේ වන විට වී අලෙවි මණ්ඩලය විසින් වී මිලදී ගනු ලබන තෙක් ගොවීන් බලා සිටින තත්වයක් නිර්මාණය වී ඇති බවද මෙහිදී අනාවරණය කෙරිණි.

2025 යල මහ දෙකේදිම බිලියන 16ක වී මිලදී ගෙන තිබෙන බවද, දැනට වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල වී තොග මෙට්‍රික්ටොන් 120,000ක් පමණ පවතින අතර, එයින් මෙට්‍රික්ටොන් 60,000 පමණ වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇති බව ද තවත් මෙට්‍රික් ටොන් 20,000 ක වී තොගයක් සතොස වෙත නිකුත් කිරිමට මේ වන විට පියවර ගෙන ඇති බවද මෙහිදී ප්‍රකාශ විණි.

එසේම අවශ්‍යතාව පරිදි සමූපකාර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතන සතු ගබඩා මෙන්ම පෞද්ගලික අංශයේ ගබඩා ද කුලී පදනම මත ලබාගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව