header logo
SLIC
උණුසුම් පුවත්
ඵලදායීතාවෙන් තොර සියලු ආයතන බැහැර කිරීමට ජනපතිගෙන් උපදෙස්
Jul 08, 202605:02 PM
ඵලදායීතාවෙන් තොර සියලු ආයතන බැහැර කිරීමට ජනපතිගෙන් උපදෙස්
Mobitel 1278

වසර ගණනාවකට පෙර විවිධ අරමුණු සහ අවශ්‍යතා මත පිහිටුවන ලද ආයතන තවදුරටත් පවත්වාගෙන යාමෙන් රජයට අමතර වැය බරක් දැරීමට සිදුව තිබෙන බවත්, ඒ අනුව ඵලදායීතාවෙන් තොර සියලු ආයතන ඉවත්කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

විවිධ අමාත්‍යාංශ යටතේ එකම විෂයට අදාළව ආයතන ගණනාවක් පැවතීම හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අකාර්යක්ෂමතාවක් ඇති වී තිබෙන බවද ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳ අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

එමෙන්ම, දිවයින පුරා ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවක් වන පානීය ජල ගැටලුව විසඳීම වෙනුවෙන්, ඉතිහාසයේ වෙන් කරන ලද වැඩිම අයවැය ප්‍රතිපාදන 2027 වසරේදි වෙන් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව ද ජනාධිපතිවරයා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ නැවත පදිංචි කිරිමේ අංශය ඇතුළු අමාත්‍යාංශ විෂය පථයට අයත් සියලු දෙපාර්තමේන්තු සහ ආයතන විසින් 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතින්හි ප්‍රගතිය සහ 2027 වසරේ සැලසුම් සහ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එමෙන්ම මහනුවර - උතුර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය, මහකොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය, අඹතලේ ජල සම්පාදන ව්‍යාපෘතිය, අනුරාධපුර - උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ඇතුළු ප්‍රධාන ජල ව්‍යාපෘතින්හි ක්‍රියාකාරිත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර දිවයින පුරා ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීම වෙනුවෙන්, ඉතිහාසයේ වෙන් කරන ලද වැඩිම අයවැය ප්‍රතිපාදන 2027 වසරේදි වෙන් කිරීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් කරන ලෙසත්, අඩු ආදායම්ලාභීන්ගේ අර්ධ වශයෙන් ඉදිකළ නිවාස සඳහා නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබුණි.

“තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්” රජයේ නිවාස සංවර්ධන වැඩපිළිවෙළේ ප්‍රගතිය සහ ඉදිරි වසරට අදාළ අයවැය ප්‍රතිපාදන වෙන් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව