header logo
SLIC
උණුසුම් පුවත්
බන්ධනාගාර ගැටුමේ සුලමුල එළියට - රැඳවියන් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැරලා
Jul 07, 202608:11 PM
බන්ධනාගාර ගැටුමේ සුලමුල එළියට - රැඳවියන් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැරලා
Mobitel 1278

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ආරක්ෂක අංශ මේ වන විටත් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබේ.

ගැටුමට සම්බන්ධ රැඳවියන් ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් පවා අතහැර දමා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.

ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව මීගමුව බන්ධනාගාරය තුළ ගැටුම හටගෙන ඇත්තේ ඉරිදා පෙරවරු 11ට පමණය.

එහිදී බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන පිරිසක් ඒ පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබාදෙන පිරිසක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබේ.

බන්ධනාගාර ආරංචි මාර්ගවලට අනුව එම ගැටුම සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තායි.

එම අවස්ථාවේදී අමානුෂික ලෙස පහරකෑමට ලක් වූ රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

ඔවුන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු සපයා ඇති අතර එහිදී ජීවිතක්ෂයට පත්වුණේ, 29 හැවිරිදි වර්ණකුලසූරිය නිලංක දුල්ෂාන් හා 31 හැවිරිදි ගනේගොඩ ආරච්චිලාගේ ගයාන් සම්පත් නම් රැඳවියාය.

පසුව ආරක්ෂක අංශ මැදිහත්ව තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව රැඳවියන් සියලුදෙනා සාමකාමීව ඔවුන්ගේ සිරිමැදිරිවලට ඇතුළත් කර තිබේ.

ඒ අතරතුරදී ඔවුන් බන්ධනාගාර රෝහල කඩා මානසික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ සියල්ල රැගෙන ගොස් තිබූ බවයි බන්ධනාගාර ආරංචිමාර්ග පැවසීය.

තත්ත්වය සමථයට පත්වූ පසුව බන්ධනාගාර නිලධාරීන් ඊට පසුදින එනම් ඊයේ උදෑසන රැඳවියන්ට ආහාරපාන ලබාදීමට කටයුතු කර තිබේ.

එම අවස්ථාවේ කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තාගේ පාර්ශ්වයේ අයෙක් බන්ධනාගාර නිලධාරීන්ට ඔත්තු ලබාදුන් පාර්ශ්වයේ අයෙකුට කම්මුලට පහරදී ඇති බව වාර්තාවෙයි.

අනතුරුව තවත් රැඳවියන් සියයක පමණ පිරිසක් අදාළ රැඳවියාට අමානුෂික ලෙස වටකර පහරදී තිබේ.

එම අවස්ථාවේ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු එතැනට ගොස් අදාළ රැඳවියා රැගෙන බන්ධනාගාරයේ විහාරස්ථානය පිහිටි ස්ථානයට දිවගොස් ඇතිබව වාර්තා වෙයි.

එවිට ප්‍රහාරය දියත් කළ රැඳවියන් බන්ධනාගාර නිලධාරීන් දෙසට ගල්මුල්වලින් පහරදී තිබේ.

ඒ අතරතුරදී පහරකෑමට ලක්වූ රැඳවියාගේ හිතවත් පිරිස හා ප්‍රහාරය ආරම්භ කළ පිරිස දරුණු ලෙස ගුටිබැට හුවමාරු කරගත් බව සඳහන්ය.

එම අවස්ථාවේ පල්ලන්සේන බන්ධනාගාරයට නව පත්වීමක් ලැබ පැමිණි ප්‍රධාන ජේලර්වරයාද තත්ත්වය පාලනයට එහි පැමිණ සිට ඇති අතර ඔහුටද රැඳවියන් පහරදීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

පසුව පළමුව පහරකෑමට ලක්වූ රැඳවියා රැගෙන ගිය නිලධාරීන් දෙදෙනා එම ස්ථානයට පැමිණ අදාළ නිලධාරීයාව බේරාගෙන තිබුණි.

ඔහුව පිටවීමේ දොරටුවෙන් පිටතට ඇද දමනවාත් සමගම අදාළ නිලධාරීන් දෙදෙනාගෙන් අයෙකුට රැඳවියෙකු පැමිණ කටුවක් වැනි දෙයකින් පහරදීමට උත්සහා දැරූවත් එය ව්‍යාර්ථ වී තිබේ.

එය සිදුවී තිබුණේ බන්ධනාගාර භූමියේදීය.

''සර්, ඔයගොල්ලේ එන්න එපා. යන්න. '' යනුවෙන් බන්ධනාගාර නිලධාරීන්ට හිතවත් රැඳවියන් පවසා ඔවුන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සාහ කළද තවත් රැඳවියන් පිරිසක් ඔවුන්ට ද පහරදී තිබේ.

ඒ අතරතුරදී බන්ධනාගාර ක්ෂණික ප්‍රහාරක උපක්‍රමික බලකායේ නිලධාරීන් තත්ත්වය පාලනය කිරීම සඳහා ඇතුළු වී තිබුණි.

එහිදී තත්ත්වය පාලනය කරගැනීමට උත්සහ කිරීමත් සමග මෙම ස්ථානයෙන් පැමිණි වෙනත් රැඳවියන් පිරිසක් අදාළ නිලධාරීන් මැදිකරගෙන දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වෙයි.

ඇතැම් නිලධාරීන්ගේ හිසට විශාල ගල් අතහැර දමා ඇති බවද බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේය.

අනතුරුව පිරිස බන්ධනාගාරයෙහි වූ ආරක්ෂිත කුටියකට නැග එහි වූ ගිනිඅවියක් හා ගිනිඅවි මාරුකිරීමට ඇති කාමරයෙහි තිබී තවත් ගිනිඅවියක් ලබාගෙන ඇති බව පොලිසිය පැවසීය.

රීපීටර් වර්ගයේ ගිනිඅවියක් හා ටී - 56 වර්ගයේ ගිනිඅවියක් එලෙස ඔවුන් ලබාගෙන ඇති බව සඳහන්ය.

රැඳවියන් අදාළ ගිනිඅවිවලින් ඇතැම් නිලධාරීන්ට වෙඩිතබා ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි.

පසුව ඔවුනොවුන්ද තම විරුද්ධ පර්ශ්ව සමග ගැටුම් ඇතිකරගෙන තිබේ.

ඔවුන් එලෙස ලබාගත් ගිනිඅවියක් ආරක්ෂක අංශ නිලධාරින් බන්ධනාගාරයට ඇතුළුවන අවස්ථාවේදී රැඳවියෙකු අතෙහි තිබෙණ ආකාරය දැක ගන්නට හැකිවූ බව වාර්තා වෙයි.

පසුව ආරක්ෂක අංශ නිලධාරීන් අදාළ ගිනිඅවි දෙක බන්ධනාගාරය තුළ තිබී සොයාගෙන තිබේ.

එමෙන්ම බන්ධනාගාරයෙහි වූ සියලු දේ රැඳවියන් විනාශ කර ඇති අතර අධිකාරීවරයාගේ නිල කාමරයෙහි වූ වැසිකිළිය පවා ඔවුන් විනශකර ඇති බව වාර්තාවෙයි.

ඔවුන් බන්ධනාගාරයට සිදුකළ හානිය මෙතෙක් තක්සේරු කර නොමැත.

මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇතිවු ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳවියකු අද උදෑසන මියයාමත් සමඟ එහි ගැටුමෙන් මිය ගිය ගණන 27 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අතර එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 1033 දෙනකු වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති අතර මෙම ගැටුම මෙහෙය වූ බව කියන කටුවැල්ලේගම සුරේෂ් නමැත්තා බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවූ බව පොලිසිය සඳහන් කළේය.

මෙවන් වාතාවරනයක මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මෙන්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන්ද විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මීගමුව බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පිරිසක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට විරෝධය දක්වන පිරිසක් අතර කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබුණේ ඉකුත් ඉරිදා පස්වරුවේයි.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින්ය.

එහිදී දෙපාර්ශවයේම රැඳවියන් තුවාල ලැබූ අතර ඉන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබීය.

කෙසේ වෙතත්, එදින රාත්‍රියේ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කෙරුණත්, ඊයේ පෙරවරුවේ නැවතත් මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් නිරායුධ බන්ධනාගාර නිලධාරීන්ට අමානුෂික අයුරින් පහරදී යළිත් ගැටුමක් ආරම්භ කළේය.

එම සිද්ධියෙන් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 100කට අධික පිරිසක් තුවාල ලැබූ අතර, ඒ අතරින් බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයේ නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 17දෙනෙකු මියගොස් සිටියේය.

එසේම, තුවාල ලබා බරපතළ තත්ත්වයේ පසුවූ 20 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවුණි.

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා ඊයේ දිනයේදී වරින්වර පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් කැරලි මර්දන ඒකකය, හමුදා සාමාජිකයින් කැඳවනු ලැබීය.

කෙසේ වෙතත්, මීගමුව බන්ධනාගාරයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය ඊයේ රාත්‍රිය වනවිට පාලනය කර තිබුණත්, ඒ අසලට රැස්ව සිටි රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් රාත්‍රියේත් එහි රැඳී සිටියේය.

මේ අතර, ගැටුමෙන් තුවාල ලබා මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබුණි.

එමෙන්ම රැඳවියන් අනුරාධපුර, බූස්ස, මහර, යාපනය, මඩකලපුව, අගුණකොලපැලැස්ස සහ බෝගම්බර බන්ධනාගාරවලට මාරු කර යැවුණි.

ඒ අතර මෙම ගැටුම මෙහෙය වූ බවට වාර්තා පළ වූ බන්ධනාගාරය තුළ දඬුවමට යටත්ව සිටින කටුවැල්ලේගම සුරේෂ් නමැත්තාද වෙයි.

ඔහු මාරු කර යවා තිබුණේ බූස්ස බන්ධනාගාරයටය.

එසේම, මීගමුව බන්ධනාගාරයේ සියලුම රැඳවියන් වෙනත් බන්ධනාගාරවලට යැවීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර, ඊට හේතු වී ඇත්තේ සිදුවුණු ඝාතන පිළිබඳ විමර්ශනය කිරීමයි.

කෙසේ වෙතත්, පවතින අනාරක්ෂිත බව හේතුවෙන් මීගමුව බන්ධනාගාරයට සිද්ධිය පිළිබඳ විමර්ශන සඳහා රස පරීක්ෂක දෙපාර්තමේන්තු සහ අධිකරණ නිලධාරීන් මේ දක්වා පැමිණ නොමැති බව වාර්තා වෙයි.

මේ අතර අද උදෑසන මීගමුව බන්ධනාගාරයේ සාමකාමී තත්ත්වයක් දැකගත හැකිවුණි.

ඒ අවට දැඩි ආරක්ෂාවක්ද යොදා තිබූ ආකාරයයි.

මෙවන් පසුබිමක අද උදෑසනත් රැඳවියන්ගේ ඥාතීන් බන්ධනාගාරය අසළට පැමිණ සිටියේ බන්ධනාගාරයේ සිටින පිරිස සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනගැනීම සඳහායි.

වෙනත් බන්ධනාගාරවලට මාරුකළ රැඳවියන්ගේ නාම ලේඛනයක් ද අද බන්ධනාගාරය අසල ප්‍රදර්ශනය කර තිබුණි.

කෙසේවෙතත් ඇතැම් රැඳවියන් සම්බන්ධයෙන් තොරතුරු සොයාගැනීමට නොහැකි වූ ඔවුන්ගේ ඥාතීන් බන්ධනාගාරය අසල නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.

මේ අතර අද උදෑසනත් මීගමුව බන්ධනාගාරයේ සිට තවත් රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත රැගෙන යාමට පියවර ගත්තේය.

මේ අතර මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර රැඳවියන්ගේ නාම ලේඛනයක් ද රෝහල් භූමියේ ප්‍රදර්ශනය කර තිබුණි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය පිරිසේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණි.

මේ අතර මීගමුව පොලිසිය මෙම සිදුවීම සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට මූලික කරුණු වාර්තා කිරීමක් ඊයේ පස්වරුවේ සිදුකළේය.

ඒ අනුව මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ කොට්ඨාසයට එහිදී බාර දී ඇති අතර අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තමන් මෙම විමර්ශනය භාරගත් බවට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවේ මූලික කරුණු දැක්වීමක් සිදුකර තිබේ.

අනතුරුව අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකළේය.

එමෙන්ම, අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාද මීගමුව බන්ධනාගාර පරිශ්‍රයේ සිදුකෙරෙන විමර්ශන පිළිබඳ අධීක්ෂණය කිරීමට බන්ධනාගාර පරිශ්‍රයට පැමිණියේය.

එමෙන්ම මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කරඇති බව එම කොමිෂන් සභාවේ ‍කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව