header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දේශපාලන පළිගැනීම් රටේ ප්‍රධාන මාතෘකාව වෙන්න බෑ - දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්
Jul 07, 202606:26 PM
දේශපාලන පළිගැනීම් රටේ ප්‍රධාන මාතෘකාව වෙන්න බෑ - දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්
Mobitel 1278

වත්මන් ආණ්ඩුව, මුලු පරිශ්‍රමයම යොදා ඇත්තේ සිය දේශපාලනය සහ දේශපාලන පළිගැනීම් සඳහාම පමණක් බවට සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා කරයි.

එවැනි ක්‍රියාදාම තුළින් කිසිදු විටක දී ජනතාවට සතුටක් හෝ ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බව ඒ් මහතා පවසයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සහ මියගිය පිරිස් සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ සිදුවුණු ඉතාම ඛේදජනක සිදුවීමක් ඉදිරියේ අපි මේ පවත්වන විවාදයේ දී වඩා වැදගත් වන්නේ, අනුමාන කිරීම වලට වඩා, මඩ ගැසීම් වලට වඩා, තමන්ගේ පටු දේශපාලනය භාවිතය ප්‍රකට කිරීමට වඩා, මේ අවංකව තේරුම අරගෙන, එයට විසඳුමක් දීමට උත්සාහ කිරීම. පළමුව කණගාටු වෙනවා, ඒ සිදුවීමේදි මිය ගිය, සියලුම පාර්ශවයන් සම්බන්ධයෙන්, ලංකාවේ ඉතිහාසයේ කෙතරම් බන්ධනාගාර සිදුවීම් සිදුවෙලා තිබුණත් බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙක් මිය ගිහිල්ලා නැහැ."

"බන්ධනාගාර නිලධාරීන් මිය ගිය අවස්ථාවන් මගේ මතකයට එන්නේ නැහැ. එතකොට විශාල සේවයක් ඉතාම දුෂ්කර තත්වයක් තුල ඉටු කරමින් හිටපු බන්ධනාගාර සේවයේ නිලධාරීන් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අහිංසක මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා. මම අහිංසක කියන්නේ අපේ රටේ මේ නීති පද්ධතිය තුළම තියෙන අඩුපාඩු මේවත් ප්‍රතිබිම්භනය වන තීරණ තීන්දු ඔස්සේ මේක ඇතුළට ගියපු අය ඇති. ඔක්කොම කුඩුකාරයින්, කසිප්පුකාරයින් ගානට දාලා අපි ඔවුන් අපේ රටේ මිනිස්සු. ඒ තත්ත්වයට පත් කරමින් කතා කරන එක නෙමෙයි, යුක්තිය, යුක්ත භාවය."

"ජෝන් හෝඩ් කියන ඒ සමාජ සේවකයෙක්. කියලා තියෙනවා එක්දහස් හත්සිය ගණන්වලදී. මේ සිරකඳවුරු, සිර කඳවුරු ප්‍රකාශ කර සිටින්නේ, ඒ සිර කඳවුරු වල තත්ත්වය ප්‍රකාශ කර සිටින්නේ, ඒ සමාජයේ යථාර්ථයයි. මේ බිහිසුණු සිදුවීම තවදුරටත් තහවුරු කර තිබෙන්නේ, මේ සමාජ යථාර්ථය. අරාජිකත්වය ඇරඹෙන්නේම මෙවැනි ස්ථාන වලින්, මෙය අරාජිකත්වය පිළිබඳ ඇරඹුමක තවත් ලකුණක්. ඒ සමාජ යථාර්ථය. අපි ආඩම්බරයෙන් කතා කරමින් මේ පාර්ලිමේන්තුවේ හැමෝම කිව්වේ දැන් ඇවිල්ලා තියෙනවා මල් පැල කියලා. ඒකෙන් අදහස් කරේ මේ උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට ආවා කියලා."

"නමුත් අපි උගත් ප්‍රවේශයක්ද, බුද්ධිමත් ප්‍රවේශයක්ද මේ සම්බන්ධයෙන් ගන්නේ? අද අපි සමාජයක ප්‍රගතිය තීරණය කළ හැකි කිසිම නිර්ණායකයක, ඉස්සරහට නෙමෙයි යන්නේ. මටත්, අපේ පක්ෂයටත් විවේචනයක් තියෙනවා අතීත දේශපාලනය සම්බන්ධයෙන්. මොවුන් සමඟ අයි උත්සාහ කරලත් තියෙනවා ඒවා නිවැරදි කරගන්නට එකතු වෙලා, බොහොම අවංකව. අපි මේ දේශපාලනයේ ඉන්නෙම් ඒ අවංක, සද්භාවයෙන්, චේතනාවෙන්. ඒ අර්ථයෙන් කියන්නට ඔන මේ සියලු නිර්ණායක අපි උඩින් වහගෙන යන්නට හදනවා."

"අපි හැබැයි යන්නේ ආපස්සට, මේ බන්ධනාගාරයේ සිදුවීම ඇතුළුව, මෙවැනි සිදුවීමක් කලින් වෙලා නෑ. මෙවැනි බිහිසුණු බිහිසුණු සිදුවීමක් කලින් වෙලා නෑ. ඒක, ඒක ඇත්ත. එතකොට එයින් කියවෙන දේත් සමාජයේ අනෙකුත් නිර්ණායක වන, අපේ සංස්කෘතිය සභ්‍යත්වය පිළිබඳ ප්‍රකාශනයේදීත්, අපේ ආර්ථිකයේත්, අපේ සංහිඳියාවෙත් අපි හිතනවා නම් ප්‍රගතියක් තියෙනවා කියලා, ඒක සම්පූර්ණයෙන් බොරු. අද අපි ආර්ථික වශයෙන් කතා කරන විවිධ අංක අතර, අයි කතා කරන්නේ නැහැ අපේ ණය, අපි ගෙවන්න කියෙන ණය, බිලියන එකසිය තුනක් මේ අවස්ථාව වෙනකොට.එකසිය තුනක්. ඩොලර් බිලියන. එහකොට අපේ වෙළඳ ශේෂය, එක බිලියන හතරයි දශම හතක් දක්වා වැඩිවෙලා තියෙනවා. මේ හා සාපේක්ෂව, පසුගිය අවුරුද්දට එක ගත්තොත් එකයි දශම, බිලියන බිලියන දෙකයි දශම පහේ ඉඳලා, අපි මේවා කතා කරන්නේ නෑ. ආර්ථිකය සම්බන්ධයෙන් කවුරු හරි දිපු අංක ටිකක් අරගෙන කතා කරලා, අපි කියනවා ඉදිරියට යනවා කියලා. එතකොට අපි සමාජය පිළිබඳ කරන සාකච්ඡාවේදී අපි කතා කරන්නේ නැහැ. අද මේ මෙහි සඳහන් වුණු මෙ මත්ද්‍රව්‍ය පිළිබඳ කතාව."

"මට පසුගිය සතියේ, පොළොන්නරුවේ, මැදිරිගිරියේ, අර බිසෝ බණ්ඩාර මහා විද්‍යාලයේ ගුරුවරියක් බොහොම සංවේගයෙන් ප්‍රකාශ කරපු කාරණයක්. පසුගිය අවුරුදු එකහමාර තුල පසුගිය අවුරුදු එකහමාර තුල විශාල වශයෙන් වර්ධනය වෙලා මේ මත්ද්‍රව්‍ය භාවිතය. පාසල් දරුවන් අතර, විශාල වශයෙන්, අපි නවත්තමු කියලා බෝඩ් ගැහුවාට වැඩක් නැ. අපි සංදර්ශන පැවැත්තුවට වැඩක් නෑ. සමාජය කඩා වැටෙන කොට ඒ සමාජයේ මෙවැනි තත්ත්වයක් උදාවීම වළක්වන්නට බැහැ. අපි එය විසඳීම විනා දේශපාලන, මඩ ගැසීම්, දේශපාලන පලිගැනීම, දේශපාලනය මතම පදනම් වුනු මේ ප්‍රවේශය තුලින් අපි ඉදිරියට යන්නේ නෑ."

"අද මා මිත්‍ර හිටපු අධිකරණ ඇමතිතුමා,අලි සබීරි මැතිතුමා ප්‍රකාශ කල පරිදි අද මේ ආණ්ඩුවේ මුළු බරම යොදන්නේ තමන්ගේ ඒ දේශපාලන පලිගැනීම සඳහාම පමණයි. ඒ තුළින් ජනතාව උත්තේජනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ජනතාව චූන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. අපි ඔවුන්ගේ ආර්ථිකය හදන්නේ නැතුව මේ රටේ ඒ සංස්කෘතිය ගොඩනගන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ට සතුට ගෙන එන්නේ නැතුව අපි වෙනත් උපක්‍රම මගින් ඔවුන්ව උත්තේජනය කරමින් දිනපතා ප්‍රවෘත්ති මවමින් දිනපතා කතන්දර හදමින් මේ මිනිස්සු එක්ක ඉස්සරහට යන්නට බැහැ."

"අපේ මේ බරපතළ කඩා වැටීම පිළිබඳ කිසිම සංවාදයක් තියෙනවද? නෑ. ඇයි? ඒ සංවාදය වෙනුවට හැමදාම කතා කරන්නේ, මේ තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යෑම සඳහාම පමණක් භාවිතා කරන, තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහාම පමණක් භාවිතා කරන ඒ පටු, දේශපාලන උපකරණ ගැන පමණයි. ඒ උත්සාහය, මේ සමාජ සංවාදය තුළ කවදාක්වත් මේ විදිහට දිගටම ගෙනියන්නට බැහැ. යම්කිසි හේතුවක් නිසා, මේ රටේ දේශපාලඥයෝ වේවා, වෙනත් කවුරු වේවා, දුෂණ කරලා තියෙනවා නම්, අනාථකාරී කටයුතු වල යෙදිලා තියෙනවා නම්, ඔවුන්ට දඬුවම් ලැබිය යුතුයි."

"නමුත් මේ රටේ මේ ප්‍රධාන මාතෘකාව වන්නට බැහැ. ඉතින් බොහොම ආයාචනාත්මකව ඉල්ලා සිටින්නේ, අපි ඔක්කොම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් මෙතෙන්ට ආපු අය නම් අපිට සමාජයේ සාපේක්ෂව වැඩි අවබෝධයක්, වැඩි දැනීමක් තියෙනවා කියලා, ඒ පූර්වා ආකල්පය අපි අතර තියෙනවා නම්, අපි අඩුම ගානේ මේ සංවාදය මීට වඩා තැනකට ගෙනියන්නට ඕන."

"අද අපේ රට සංවර්ධනය වන, අලුතෙන් ධනයක් නිර්මාණය වන, අලුතෙන් අපනයනයක් නිර්මාණය වන අලුතෙන් මිනිහෙකුට රැකියාවක් නිර්මාණය වන, අලුතෙන් මිනිහෙකුට ශක්තියක් වන, කිසිම දෙයක් රටේ කරන්නේ නැතුව, කිසිම අලුත් කර්මාන්ත ශාලාවක් ගොඩ නැගෙන්නේ නැති, කිසිම අලුත් ගොඩනැගිල්ලක් ඉදිවෙන්නේ නැති, කිසිම ආර්ථික කටයුත්තක ප්‍රසාරණයක් සිද්ධ වෙන්නේ නැති රටක, අපි අතිශය පටු තැනක ඉඳගෙන, තුන්වෙනි ලෝකයෙන් අර යම ලෝකයට ඉතාම වේග ගමන් කරමින් තිබෙන බව අපි පිළිගත යුතුයි."

"ලෝකය ඉදිරියේ අද, අපි අවඥාවට ලක් වෙනවා. අපි විහිළුවට ලක් වෙනවා. අපි රටක් හැටියට ගෝලීය තරඟකාරීත්වය ඉදිරියේ ඉතාම අසරණ වෙලා තියෙනවා. අද අපිට බැරිවෙලා තියෙනවා අපේ රුපියල ශක්තිමත් කරගන්නට, ඒ රුපියල ශක්තිමක් කරගන්නට බැරිවීම නිසා, සියලුම.ව්‍යාපාරික කටයුතු, සියලුම අපනයන කටයුතු දැඩි ලෙස අභියෝගයට ලක්වෙලා තියෙනවා. ඒ නිසා මම නැවත නැවතත් ඉල්ලා සිටින්නේ, මේ සහෝදර දේශපාලනඥයින්ගෙන් මේ පටු තැනින් එළියට එන්න."

"අපේ මව්බිමට ගොඩ නැගෙන්න සංවර්ධනය වෙන්න සමෘද්ධිමත් වෙන්න ඉඩ දෙන්න. අපේ තරුණයින්ට, මේ රට ගැන, අපේ මව්බිම ගැන, බලාපොරොත්තුවක් ඇති කරන, සාධාරණ සංවාදයක් මේ සමාජයේ ඇති කරන්න. ඒ ධනාත්මක සංවාදයක් ඇති කරන්න. ඒ තුළින් මෙ රට දියුණු කරන්නට පුළුවන් ඒ අවස්ථාව භාවිතා කරන්න. එහෙම නැතිව මේ පටු තැනක ඉඳගෙන මේ දේශපාලනයෙන් අපි කාටවත් සුගතියක් වෙන් නැති බව ප්‍රකාශ කරනවා."

https://www.youtube.com/watch?v=K1SRMJEqkGA&t=17s
MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana