header logo
SLIC
උණුසුම් පුවත්
දේශපාලන පළිගැනීම් රටේ ප්‍රධාන මාතෘකාව වෙන්න බෑ - දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්
Jul 07, 202606:26 PM
දේශපාලන පළිගැනීම් රටේ ප්‍රධාන මාතෘකාව වෙන්න බෑ - දිලිත්ගෙන් සැර ප්‍රකාශයක්
Mobitel 1278

වත්මන් ආණ්ඩුව, මුලු පරිශ්‍රමයම යොදා ඇත්තේ සිය දේශපාලනය සහ දේශපාලන පළිගැනීම් සඳහාම පමණක් බවට සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා චෝදනා කරයි.

එවැනි ක්‍රියාදාම තුළින් කිසිදු විටක දී ජනතාවට සතුටක් හෝ ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරමින් රටක් ලෙස ඉදිරියට යාමට නොහැකි බව ඒ් මහතා පවසයි.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සහ මියගිය පිරිස් සම්බන්ධයෙන් අද (07) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

"ශ්‍රී ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ සිදුවුණු ඉතාම ඛේදජනක සිදුවීමක් ඉදිරියේ අපි මේ පවත්වන විවාදයේ දී වඩා වැදගත් වන්නේ, අනුමාන කිරීම වලට වඩා, මඩ ගැසීම් වලට වඩා, තමන්ගේ පටු දේශපාලනය භාවිතය ප්‍රකට කිරීමට වඩා, මේ අවංකව තේරුම අරගෙන, එයට විසඳුමක් දීමට උත්සාහ කිරීම. පළමුව කණගාටු වෙනවා, ඒ සිදුවීමේදි මිය ගිය, සියලුම පාර්ශවයන් සම්බන්ධයෙන්, ලංකාවේ ඉතිහාසයේ කෙතරම් බන්ධනාගාර සිදුවීම් සිදුවෙලා තිබුණත් බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙක් මිය ගිහිල්ලා නැහැ."

"බන්ධනාගාර නිලධාරීන් මිය ගිය අවස්ථාවන් මගේ මතකයට එන්නේ නැහැ. එතකොට විශාල සේවයක් ඉතාම දුෂ්කර තත්වයක් තුල ඉටු කරමින් හිටපු බන්ධනාගාර සේවයේ නිලධාරීන් මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අහිංසක මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා. මම අහිංසක කියන්නේ අපේ රටේ මේ නීති පද්ධතිය තුළම තියෙන අඩුපාඩු මේවත් ප්‍රතිබිම්භනය වන තීරණ තීන්දු ඔස්සේ මේක ඇතුළට ගියපු අය ඇති. ඔක්කොම කුඩුකාරයින්, කසිප්පුකාරයින් ගානට දාලා අපි ඔවුන් අපේ රටේ මිනිස්සු. ඒ තත්ත්වයට පත් කරමින් කතා කරන එක නෙමෙයි, යුක්තිය, යුක්ත භාවය."

"ජෝන් හෝඩ් කියන ඒ සමාජ සේවකයෙක්. කියලා තියෙනවා එක්දහස් හත්සිය ගණන්වලදී. මේ සිරකඳවුරු, සිර කඳවුරු ප්‍රකාශ කර සිටින්නේ, ඒ සිර කඳවුරු වල තත්ත්වය ප්‍රකාශ කර සිටින්නේ, ඒ සමාජයේ යථාර්ථයයි. මේ බිහිසුණු සිදුවීම තවදුරටත් තහවුරු කර තිබෙන්නේ, මේ සමාජ යථාර්ථය. අරාජිකත්වය ඇරඹෙන්නේම මෙවැනි ස්ථාන වලින්, මෙය අරාජිකත්වය පිළිබඳ ඇරඹුමක තවත් ලකුණක්. ඒ සමාජ යථාර්ථය. අපි ආඩම්බරයෙන් කතා කරමින් මේ පාර්ලිමේන්තුවේ හැමෝම කිව්වේ දැන් ඇවිල්ලා තියෙනවා මල් පැල කියලා. ඒකෙන් අදහස් කරේ මේ උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට ආවා කියලා."

"නමුත් අපි උගත් ප්‍රවේශයක්ද, බුද්ධිමත් ප්‍රවේශයක්ද මේ සම්බන්ධයෙන් ගන්නේ? අද අපි සමාජයක ප්‍රගතිය තීරණය කළ හැකි කිසිම නිර්ණායකයක, ඉස්සරහට නෙමෙයි යන්නේ. මටත්, අපේ පක්ෂයටත් විවේචනයක් තියෙනවා අතීත දේශපාලනය සම්බන්ධයෙන්. මොවුන් සමඟ අයි උත්සාහ කරලත් තියෙනවා ඒවා නිවැරදි කරගන්නට එකතු වෙලා, බොහොම අවංකව. අපි මේ දේශපාලනයේ ඉන්නෙම් ඒ අවංක, සද්භාවයෙන්, චේතනාවෙන්. ඒ අර්ථයෙන් කියන්නට ඔන මේ සියලු නිර්ණායක අපි උඩින් වහගෙන යන්නට හදනවා."

"අපි හැබැයි යන්නේ ආපස්සට, මේ බන්ධනාගාරයේ සිදුවීම ඇතුළුව, මෙවැනි සිදුවීමක් කලින් වෙලා නෑ. මෙවැනි බිහිසුණු බිහිසුණු සිදුවීමක් කලින් වෙලා නෑ. ඒක, ඒක ඇත්ත. එතකොට එයින් කියවෙන දේත් සමාජයේ අනෙකුත් නිර්ණායක වන, අපේ සංස්කෘතිය සභ්‍යත්වය පිළිබඳ ප්‍රකාශනයේදීත්, අපේ ආර්ථිකයේත්, අපේ සංහිඳියාවෙත් අපි හිතනවා නම් ප්‍රගතියක් තියෙනවා කියලා, ඒක සම්පූර්ණයෙන් බොරු. අද අපි ආර්ථික වශයෙන් කතා කරන විවිධ අංක අතර, අයි කතා කරන්නේ නැහැ අපේ ණය, අපි ගෙවන්න කියෙන ණය, බිලියන එකසිය තුනක් මේ අවස්ථාව වෙනකොට.එකසිය තුනක්. ඩොලර් බිලියන. එහකොට අපේ වෙළඳ ශේෂය, එක බිලියන හතරයි දශම හතක් දක්වා වැඩිවෙලා තියෙනවා. මේ හා සාපේක්ෂව, පසුගිය අවුරුද්දට එක ගත්තොත් එකයි දශම, බිලියන බිලියන දෙකයි දශම පහේ ඉඳලා, අපි මේවා කතා කරන්නේ නෑ. ආර්ථිකය සම්බන්ධයෙන් කවුරු හරි දිපු අංක ටිකක් අරගෙන කතා කරලා, අපි කියනවා ඉදිරියට යනවා කියලා. එතකොට අපි සමාජය පිළිබඳ කරන සාකච්ඡාවේදී අපි කතා කරන්නේ නැහැ. අද මේ මෙහි සඳහන් වුණු මෙ මත්ද්‍රව්‍ය පිළිබඳ කතාව."

"මට පසුගිය සතියේ, පොළොන්නරුවේ, මැදිරිගිරියේ, අර බිසෝ බණ්ඩාර මහා විද්‍යාලයේ ගුරුවරියක් බොහොම සංවේගයෙන් ප්‍රකාශ කරපු කාරණයක්. පසුගිය අවුරුදු එකහමාර තුල පසුගිය අවුරුදු එකහමාර තුල විශාල වශයෙන් වර්ධනය වෙලා මේ මත්ද්‍රව්‍ය භාවිතය. පාසල් දරුවන් අතර, විශාල වශයෙන්, අපි නවත්තමු කියලා බෝඩ් ගැහුවාට වැඩක් නැ. අපි සංදර්ශන පැවැත්තුවට වැඩක් නෑ. සමාජය කඩා වැටෙන කොට ඒ සමාජයේ මෙවැනි තත්ත්වයක් උදාවීම වළක්වන්නට බැහැ. අපි එය විසඳීම විනා දේශපාලන, මඩ ගැසීම්, දේශපාලන පලිගැනීම, දේශපාලනය මතම පදනම් වුනු මේ ප්‍රවේශය තුලින් අපි ඉදිරියට යන්නේ නෑ."

"අද මා මිත්‍ර හිටපු අධිකරණ ඇමතිතුමා,අලි සබීරි මැතිතුමා ප්‍රකාශ කල පරිදි අද මේ ආණ්ඩුවේ මුළු බරම යොදන්නේ තමන්ගේ ඒ දේශපාලන පලිගැනීම සඳහාම පමණයි. ඒ තුළින් ජනතාව උත්තේජනය කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ජනතාව චූන් කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. අපි ඔවුන්ගේ ආර්ථිකය හදන්නේ නැතුව මේ රටේ ඒ සංස්කෘතිය ගොඩනගන්නේ නැතුව මේ රටේ මිනිස්සුන්ට සතුට ගෙන එන්නේ නැතුව අපි වෙනත් උපක්‍රම මගින් ඔවුන්ව උත්තේජනය කරමින් දිනපතා ප්‍රවෘත්ති මවමින් දිනපතා කතන්දර හදමින් මේ මිනිස්සු එක්ක ඉස්සරහට යන්නට බැහැ."

"අපේ මේ බරපතළ කඩා වැටීම පිළිබඳ කිසිම සංවාදයක් තියෙනවද? නෑ. ඇයි? ඒ සංවාදය වෙනුවට හැමදාම කතා කරන්නේ, මේ තමන්ගේ දේශපාලන බලය පවත්වාගෙන යෑම සඳහාම පමණක් භාවිතා කරන, තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහාම පමණක් භාවිතා කරන ඒ පටු, දේශපාලන උපකරණ ගැන පමණයි. ඒ උත්සාහය, මේ සමාජ සංවාදය තුළ කවදාක්වත් මේ විදිහට දිගටම ගෙනියන්නට බැහැ. යම්කිසි හේතුවක් නිසා, මේ රටේ දේශපාලඥයෝ වේවා, වෙනත් කවුරු වේවා, දුෂණ කරලා තියෙනවා නම්, අනාථකාරී කටයුතු වල යෙදිලා තියෙනවා නම්, ඔවුන්ට දඬුවම් ලැබිය යුතුයි."

"නමුත් මේ රටේ මේ ප්‍රධාන මාතෘකාව වන්නට බැහැ. ඉතින් බොහොම ආයාචනාත්මකව ඉල්ලා සිටින්නේ, අපි ඔක්කොම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් මෙතෙන්ට ආපු අය නම් අපිට සමාජයේ සාපේක්ෂව වැඩි අවබෝධයක්, වැඩි දැනීමක් තියෙනවා කියලා, ඒ පූර්වා ආකල්පය අපි අතර තියෙනවා නම්, අපි අඩුම ගානේ මේ සංවාදය මීට වඩා තැනකට ගෙනියන්නට ඕන."

"අද අපේ රට සංවර්ධනය වන, අලුතෙන් ධනයක් නිර්මාණය වන, අලුතෙන් අපනයනයක් නිර්මාණය වන අලුතෙන් මිනිහෙකුට රැකියාවක් නිර්මාණය වන, අලුතෙන් මිනිහෙකුට ශක්තියක් වන, කිසිම දෙයක් රටේ කරන්නේ නැතුව, කිසිම අලුත් කර්මාන්ත ශාලාවක් ගොඩ නැගෙන්නේ නැති, කිසිම අලුත් ගොඩනැගිල්ලක් ඉදිවෙන්නේ නැති, කිසිම ආර්ථික කටයුත්තක ප්‍රසාරණයක් සිද්ධ වෙන්නේ නැති රටක, අපි අතිශය පටු තැනක ඉඳගෙන, තුන්වෙනි ලෝකයෙන් අර යම ලෝකයට ඉතාම වේග ගමන් කරමින් තිබෙන බව අපි පිළිගත යුතුයි."

"ලෝකය ඉදිරියේ අද, අපි අවඥාවට ලක් වෙනවා. අපි විහිළුවට ලක් වෙනවා. අපි රටක් හැටියට ගෝලීය තරඟකාරීත්වය ඉදිරියේ ඉතාම අසරණ වෙලා තියෙනවා. අද අපිට බැරිවෙලා තියෙනවා අපේ රුපියල ශක්තිමත් කරගන්නට, ඒ රුපියල ශක්තිමක් කරගන්නට බැරිවීම නිසා, සියලුම.ව්‍යාපාරික කටයුතු, සියලුම අපනයන කටයුතු දැඩි ලෙස අභියෝගයට ලක්වෙලා තියෙනවා. ඒ නිසා මම නැවත නැවතත් ඉල්ලා සිටින්නේ, මේ සහෝදර දේශපාලනඥයින්ගෙන් මේ පටු තැනින් එළියට එන්න."

"අපේ මව්බිමට ගොඩ නැගෙන්න සංවර්ධනය වෙන්න සමෘද්ධිමත් වෙන්න ඉඩ දෙන්න. අපේ තරුණයින්ට, මේ රට ගැන, අපේ මව්බිම ගැන, බලාපොරොත්තුවක් ඇති කරන, සාධාරණ සංවාදයක් මේ සමාජයේ ඇති කරන්න. ඒ ධනාත්මක සංවාදයක් ඇති කරන්න. ඒ තුළින් මෙ රට දියුණු කරන්නට පුළුවන් ඒ අවස්ථාව භාවිතා කරන්න. එහෙම නැතිව මේ පටු තැනක ඉඳගෙන මේ දේශපාලනයෙන් අපි කාටවත් සුගතියක් වෙන් නැති බව ප්‍රකාශ කරනවා."

https://www.youtube.com/watch?v=K1SRMJEqkGA&t=17s
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව