header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
බහුදින සහ එක් දිනධීවර යාත්‍රා 1,500කට රජයේ වියදමින් නිරීක්ෂණ පද්ධති සවිකිරීමට අනුමැතිය
Jul 07, 202604:38 PM
බහුදින සහ එක් දිනධීවර යාත්‍රා 1,500කට රජයේ වියදමින් නිරීක්ෂණ පද්ධති සවිකිරීමට අනුමැතිය
Mobitel 1278

නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම මෙන්ම ධීවර යාත්‍රා යොදා ගනිමින් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම් සහ අනෙකුත් නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා නිරීක්ෂණ පද්ධතිය තවදුරටත් පුළුල් කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව මෙතෙක් නිරීක්ෂණ පද්ධති සවි කර නොමැති බහුදින සහ එක්දින ධීවර යාත්‍රා 1,500ක් සඳහා එම පද්ධති සවි කිරීම අනිවාර්ය කිරීමටත්, ඒ සඳහා වන සම්පූර්ණ වියදම රජය විසින් දැරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමස්ත බහුදින ධීවර යාත්‍රා 5,200ක් අතුරින් යාත්‍රා 4,200ක් සඳහා මේ වන විටත් ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු නිරීක්ෂණ පද්ධති උපාංග සවි කර අවසන් බව සඳහන් වේ.

2021 ජනවාරි 01 දිනෙන් පසුව අලුතින් ලියාපදිංචි කරනු ලබන සෑම බහුදින ධීවර යාත්‍රාවක් සඳහාම මෙම පද්ධතිය සවි කිරීම අනිවාර්ය කර ඇති අතර, එම යාත්‍රා හිමියන් තමන්ගේ පෞද්ගලික වියදමින් උපකරණ මිල දී ගෙන සවි කරනු ලබයි.

2021 ජනවාරි 01 දිනට පෙර ලියාපදිංචි කර ඇති, මෙතෙක් නිරීක්ෂණ පද්ධති නොමැති දේශීය හා ජාත්‍යන්තර මුහුදේ යාත්‍රා කරන ධීවර යාත්‍රා 1,500ක් මේ යටතේ ආවරණය වේ.

ඒවා කාණ්ඩ දෙකක් යටතේ හඳුනාගෙන ඇත.

* අඩි 34කට වඩා දිගින් යුත්, ඕනෑම අවස්ථාවක ජාත්‍යන්තර මුහුදේ ධීවර හෝ වෙනත් කටයුතු සඳහා යොදවා ගත හැකි යාත්‍රා 400ක්.

* එන්ජින් සහ ඉන්ධන ධාරිතාව අනුව දිගු කලක් මුහුදේ රැඳී සිටීමට තාක්ෂණික යෝග්‍යතාවක් නොමැති, එහෙත් නිරීක්ෂණය කළ යුතු මට්ටමේ පවතින සෙසු යාත්‍රා 1,100ක්.

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ටුනා කොමිසමේ (IOTC) සාමාජිකයෙකු වන බැවින්, එම කොමිසමේ රෙගුලාසිවලට අනුව ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමේ නිරත වන සෑම ධීවර යාත්‍රාවක්ම යාත්‍රා නිරීක්ෂණ පද්ධතියක් මඟින් අඛණ්ඩව නිරීක්ෂණය කිරීම අනිවාර්ය වේ.

මෙම නව පියවර හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතිමය බැඳීම් සපුරාලීමට මෙන්ම සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමට ද සෘජුවම දායක වනු ඇත.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana