header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මීගමුවේ සිදුවීමට අදාළ බුද්ධි තොරතුරු කළින් ලැබුණාද ? - කැබිනට් හමුවේදී හෙළිදරව්වක්
Jul 07, 202603:09 PM
මීගමුවේ සිදුවීමට අදාළ බුද්ධි තොරතුරු කළින් ලැබුණාද ? - කැබිනට් හමුවේදී හෙළිදරව්වක්
Mobitel 1278

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම සම්බන්ධව මේ වන විට පරීක්ෂණ රැසක් ආරම්භ වී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම මාධ්‍ය හමුවට බන්ධනාගාර කොමසාරිස්වරයාද එක්ව සිටි අතර එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ අදාළ සිදුවීම සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අවශ්‍ය බුද්ධි තොරතුරු ලැබී තිබුණේද යන්නය.

කෙසේ නමුත් මීට පිළිතුරු ලබා දෙමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එලෙස කිසිදු බුද්ධි තොරතුරක් මේ සම්බන්ධව නොලැබුණු බවය.

සිදුවීම සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කෙරෙන අයුරු පැහැදිළි කළ කැබිනට් ප්‍රකාශය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

"මේ සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් අංශ කිහිපයකින් පරීක්ෂණ දියත් වෙලා පවතිනවා. එකක් අපි ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීන්දු කළා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්නට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමෙක්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙක්ගෙන් සමන්විත වෙනම කමිටුවක් පවත්වගෙන යනවා. මීගමුව පොලීසිය සහ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනම පරීක්ෂණයක් කරගෙන යනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් කරගෙන යනවා. සහ අනිත් පැත්තෙන් බන්ධනාගාරය පැත්තෙනුත් පරීක්ෂණය කරගෙන යනවා. ඒ සියලු වාර්තාවලින් තමයි අවසානයේදි සිදුවීම පිළිබඳව සමස්තය අනාවරණය කරගන්න ලැබෙන්නේ."

බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් මෙහිදී අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා

"එවැනි බුද්ධි තොරතුරක් කලින් ලැබිලා තිබුණේ නෑ... රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇති නොනවන විදිහට තමයි නිලධාරීන් යොදවලා තිබුණේ. එවැනි නිලධාරින් යොදවලා තිබුණ නිසා තමයි හානිය මේ තරම් අඩු කරගන්න පුළුවන්කම ලැබුණේ.

පස්වෙනිදා හැන්දෑව වෙනකොට මේ තත්ත්වය සහමුළින්ම පාලනය කරලා රැඳවියන් වාට්ටුවලට යොමුකරලා වසා දමලා, ආහාරපාන ලබා දීලා ඒ කටයුතු ඔක්කොම අවසන් කරලා තිබුණේ. පසුදා උදෑසන කියන්නේ සඳුදා දවසක් ඒ දවසේ අධිකරණ කටයුතු තිබෙන දවසක්.. කෑම ලබා දීලා ඒ කටයුතු ආරම්භ කරන්න තමයි නිලධාරීන් ප්‍රවේශ වෙලා තිබුණේ. ඒ වෙනකොට තමයි මේ රැඳවියන් මත්ද්‍රව්‍ය පානය කරලා සිහිවිකල් තත්ත්වයට පත්වෙලා තිබුණා කියලා දැන් අපිට අනාවරණය වෙලා තිබෙනවා. ඒ රැඳවියන් අතර ඒ ඝට්ටනය ඇතිවෙලා. ඒක සමනය කරන්න ඒ නිලධාරීන් රාජකාරි කරන අතරතුර ඒ තැනට ප්‍රවේශ වෙලා තිබෙනවා.

පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා සියලු විධි විධාන යොදලා තිබුණේ ඔය රැඳවියන් මත්ද්‍රව්‍ය පෙති භාවිත කරලා තිබෙන නිසා සිහි විකල් තත්ත්වයෙන් සිටියේ. කාන්තාවනුත් ඒවා පාවිච්චි කරලා තිබෙනවා. ඒවා පානය කරලා විවිධ චෝදනා නගලා තිබෙනවා. ඩෙංගු සඳහා අවශ්‍ය ප්‍රතිකාර ඒකේ වෛද්‍යවරු ඉන්නවා ඔවුන් ඒවා සුපුරුදු විදිහට අනුගමනය කරමින් සිදුකරලා තිබෙනවා. සිද්ධිය මැඩපැවැත්වීම සඳහා තමයි රාජකාරි කරන නිලධාරීන් තමන්ගේ ජීවිතයත් පරදුවට තියලා තමයි මේක නවත්වගෙන තිබෙන්නේ."

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana