header logo
Vallibel FD
Valible Le
ක්‍රීඩා
කඳුළු සලමින් පාපන්දු ලෝක කුසලාන පිටියට සමුදුන් රොනාල්ඩෝ
Jul 07, 202607:54 AM
කඳුළු සලමින් පාපන්දු ලෝක කුසලාන පිටියට සමුදුන් රොනාල්ඩෝ
Mobitel 1278

පෘතුගාලයෙන් බිහි වූ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගෙන තිබේ.

ඒ මෙවර ලෝක කුසලාන පන්දු තරගාවලියේ සුපිරි 16දෙනාගේ තරග වටයේ ස්පාඤ්ඤය සමඟ පැවති තරගය ගෝල 1-0 ක් ලෙස පරාජය වීමත් සමඟය.

ඒ අනුව පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා දිවිය, ලෝක කුසලාන ජයග්‍රහණයකින් තොරවම අවසන් වීමට නියමිතය.

ඩලස් (Dallas) නුවර පැවති මෙම තරඟයේ අතිරේක කාලයේදී මිකෙල් මෙරිනෝ ලබාගත් ගෝලයත් සමඟ ස්පාඤ්ඤය ජයග්‍රහණය කළ අතර එහිදී රොනාල්ඩෝ දැඩි ලෙස සංවේදී වෙමින් කඳුළු සලන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ වන විට 41 වැනි වියේ පසුවන රොනාල්ඩෝ, බැලන්ඩෝර් (Ballon d'Or) සම්මාන 5ක්, චැම්පියන්ස් ලීග් කුසලාන 5ක් සහ 2016 යුරෝ කුසලානය දිනා ඇති අතර, ලෝක වාර්තාවක් තබමින් ගෝල 976ක් ලබාගෙන තිබේ.

ඔහු ලෝක කුසලාන තරඟාවලි 6කදී ගෝල ලබාගත් එකම ක්‍රීඩකයාද වේ.

නමුත් ලෝක කුසලානයකදී ඔහු ලබාගත් උපරිම දක්ෂතාවය වන්නේ 2006 වසරේදී පෘතුගාලය සමඟ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමය.

දැනට ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් (ගෝල 952ක්) ලබාගෙන සිටින රොනාල්ඩෝ, ක්‍රීඩාවෙන් සමු ගැනීමට පෙර ගෝල 1,000 සීමාව පසු කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් මෙය තමාගේ අවසන් ලෝක කුසලාන තරගය වන බව ඔහු මීට පෙර නිවේදනය කර තිබුණි.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ "මම හිතනවා මම ඒකට සූදානම් කියලා. ඒක හරිම දුෂ්කර වේවි. නමුත් මම වයස අවුරුදු 25, 26 ඉඳන්ම මගේ අනාගතය සැලසුම් කළා. පාපන්දු ක්‍රීඩා පිටියෙන් ලැබෙන සතුට හා ජවය වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැහැ. නමුත් හැම දේකටම ආරම්භයක් වගේම අවසානයක් තියෙනවා. විශ්‍රාම ගත්තට පස්සේ මට මගේ පවුලේ අය සහ දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන්." ලෙසය.

රොනාල්ඩෝ සෑම තරඟයකදීම ආරම්භක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරවීම පෘතුගාල කණ්ඩායමේ පරාජයට හේතුවක්ද යන්න පිළිබඳව මේ වනවිට විවිධ මත පළවෙමින් පවතී.

පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාර්ටිනෙස්ව දැඩි ලෙස විවේචනය කරමින් විචාරකයින් සඳහන් කර ඇත්තේ වයස්ගත වී සිටින රොනාල්ඩෝ වෙනුවෙන් පමණක් කණ්ඩායමේ තීරණ ගැනීම නිසා පෘතුගාලය තරඟාවලියෙන් ඉවතට විසිවූ බවය.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක කුසලාන තරගාවලි හයකදී (2006, 2010, 2014, 2018, 2022, 2026) ගෝල රැස්කළ එකම හා ප්‍රථම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වේ.

කෙසේ වෙතත්, ඔහුගේ දිගුකාලීන විශාලතම සිහිනය වූ 'ලෝක කුසලාන ශූරතාව' දිනාගැනීම සැබෑ කරගැනීමට අවසානයේ නොහැකි විය.

තරගය අවසන් වීමත් සමග රොනාල්ඩෝගේ දෑස් කඳුලින් පිරී ගිය අතර, ඔහු ක්‍රීඩාලෝලීන්ට අත වනමින් දැඩි සංවේදී ලෙස ක්‍රීඩාංගණයෙන් පිටව ගියේය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana