header logo
SLIC
ක්‍රීඩා
කඳුළු සලමින් පාපන්දු ලෝක කුසලාන පිටියට සමුදුන් රොනාල්ඩෝ
Jul 07, 202607:54 AM
කඳුළු සලමින් පාපන්දු ලෝක කුසලාන පිටියට සමුදුන් රොනාල්ඩෝ
Mobitel 1278

පෘතුගාලයෙන් බිහි වූ සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගෙන තිබේ.

ඒ මෙවර ලෝක කුසලාන පන්දු තරගාවලියේ සුපිරි 16දෙනාගේ තරග වටයේ ස්පාඤ්ඤය සමඟ පැවති තරගය ගෝල 1-0 ක් ලෙස පරාජය වීමත් සමඟය.

ඒ අනුව පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයෙකුගේ ක්‍රීඩා දිවිය, ලෝක කුසලාන ජයග්‍රහණයකින් තොරවම අවසන් වීමට නියමිතය.

ඩලස් (Dallas) නුවර පැවති මෙම තරඟයේ අතිරේක කාලයේදී මිකෙල් මෙරිනෝ ලබාගත් ගෝලයත් සමඟ ස්පාඤ්ඤය ජයග්‍රහණය කළ අතර එහිදී රොනාල්ඩෝ දැඩි ලෙස සංවේදී වෙමින් කඳුළු සලන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ වන විට 41 වැනි වියේ පසුවන රොනාල්ඩෝ, බැලන්ඩෝර් (Ballon d'Or) සම්මාන 5ක්, චැම්පියන්ස් ලීග් කුසලාන 5ක් සහ 2016 යුරෝ කුසලානය දිනා ඇති අතර, ලෝක වාර්තාවක් තබමින් ගෝල 976ක් ලබාගෙන තිබේ.

ඔහු ලෝක කුසලාන තරඟාවලි 6කදී ගෝල ලබාගත් එකම ක්‍රීඩකයාද වේ.

නමුත් ලෝක කුසලානයකදී ඔහු ලබාගත් උපරිම දක්ෂතාවය වන්නේ 2006 වසරේදී පෘතුගාලය සමඟ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමය.

දැනට ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් (ගෝල 952ක්) ලබාගෙන සිටින රොනාල්ඩෝ, ක්‍රීඩාවෙන් සමු ගැනීමට පෙර ගෝල 1,000 සීමාව පසු කිරීමට බලාපොරොත්තුවෙන් සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේවෙතත් මෙය තමාගේ අවසන් ලෝක කුසලාන තරගය වන බව ඔහු මීට පෙර නිවේදනය කර තිබුණි.

සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ "මම හිතනවා මම ඒකට සූදානම් කියලා. ඒක හරිම දුෂ්කර වේවි. නමුත් මම වයස අවුරුදු 25, 26 ඉඳන්ම මගේ අනාගතය සැලසුම් කළා. පාපන්දු ක්‍රීඩා පිටියෙන් ලැබෙන සතුට හා ජවය වෙන කිසිම දේකින් ලැබෙන්නේ නැහැ. නමුත් හැම දේකටම ආරම්භයක් වගේම අවසානයක් තියෙනවා. විශ්‍රාම ගත්තට පස්සේ මට මගේ පවුලේ අය සහ දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න පුළුවන්." ලෙසය.

රොනාල්ඩෝ සෑම තරඟයකදීම ආරම්භක ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරවීම පෘතුගාල කණ්ඩායමේ පරාජයට හේතුවක්ද යන්න පිළිබඳව මේ වනවිට විවිධ මත පළවෙමින් පවතී.

පෘතුගාල පුහුණුකරු රොබර්ටෝ මාර්ටිනෙස්ව දැඩි ලෙස විවේචනය කරමින් විචාරකයින් සඳහන් කර ඇත්තේ වයස්ගත වී සිටින රොනාල්ඩෝ වෙනුවෙන් පමණක් කණ්ඩායමේ තීරණ ගැනීම නිසා පෘතුගාලය තරඟාවලියෙන් ඉවතට විසිවූ බවය.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලෝක කුසලාන තරගාවලි හයකදී (2006, 2010, 2014, 2018, 2022, 2026) ගෝල රැස්කළ එකම හා ප්‍රථම ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වේ.

කෙසේ වෙතත්, ඔහුගේ දිගුකාලීන විශාලතම සිහිනය වූ 'ලෝක කුසලාන ශූරතාව' දිනාගැනීම සැබෑ කරගැනීමට අවසානයේ නොහැකි විය.

තරගය අවසන් වීමත් සමග රොනාල්ඩෝගේ දෑස් කඳුලින් පිරී ගිය අතර, ඔහු ක්‍රීඩාලෝලීන්ට අත වනමින් දැඩි සංවේදී ලෙස ක්‍රීඩාංගණයෙන් පිටව ගියේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව