header logo
SLIC
උණුසුම් පුවත්
ගෙවුණු මාස 7ට රිය අනතුරුවලින් පුද්ගලයින් 1,424ක් ජීවිතක්ෂයට
Jul 07, 202607:16 AM
ගෙවුණු මාස 7ට රිය අනතුරුවලින් පුද්ගලයින් 1,424ක් ජීවිතක්ෂයට
Mobitel 1278

වසරේ මේ දක්වා කාල සීමාව තුළ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් 1,424 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ජනවාරි 01 වැනිදා සිට ජූලි 05 වැනිදා දක්වා වූ කාලය තුළ මාරක අනතුරු 1,355ක් සිදුව ඇති බව පොලිස් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කර සිටියේ ජාතික අනතුරු වැළැක්වීමේ සතිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

2025 වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙවර සමස්ත මාර්ග අනතුරු සංඛ්‍යාව 108කින් සහ මියගිය සංඛ්‍යාව 110කින් ඉහළ ගොස් ඇති බැවින් මෙය ඉතා බරපතළ තත්ත්වයක් වන බව ද එහිදී ඔහු පෙන්වා දුන්නේය.

දිනෙන් දින මාර්ග අනතුරු ඉහළ යාමට රියදුරන්ගේ අනවධානය, අපරීක්ෂාකාරී බව, අධික වේගය, මාර්ගවල පවතින දුර්වලතා මෙන්ම වාහන නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා ඇතිවන කාර්මික දෝෂ ද ප්‍රධාන වශයෙන් හේතු වන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම පවතින සංඛ්‍යාලේඛන දත්තවලට අනුව මෙම අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇති අයගෙන් වැඩි පිරිසක් පදිකයන් සහ යතුරුපැදිකරුවන් වන බව ද එහිදී ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව ගතවූ මාස 7ක කාලය තුළ පමණක් යතුරුපැදිකරුවන් 488දෙනෙකු සහ පදිකයන් 484දෙනෙකු මාර්ග අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා,

"දිනෙන් දින මාර්ග අනතුරු වැඩිවීමක් සිදුවෙනවා. රිය අනතුරු සිදුවෙන්න හේතුව එකක් තමයි රියදුරාගේ අනවධානය සහ අපරීක්ෂාකාරී බව සහ අධික වේගයෙන් රියදුරාගේ නොසැලකිලිමත්කම තමයි නිගමනය වෙන්නේ. අනෙක් එක තමයි මාර්ගයේ තියෙන දුර්වලතා. ඒ වගේම තියෙනවා කාර්මික දෝෂ. ඒ කියන්නේ රථය හරියට නඩත්තු නොකිරීම නිසා රිය අනතුරු බොහොමයක් සිද්ධ වෙනවා. 2026.01.01 සිට 2026.07.05 වෙනි දිනට මාර්ග අනතුරු වෙලා තියෙනවා 1,355ක්. ඒකෙන් 1,424 ක් මිය ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපි සමස්තයක් වශයෙන් ගත්තොත් 2025 ඒ වකවානුවත් 2026 මේ වකවානුවත් ගත්තොත් එහෙම මාර්ග අනතුරු 108ක වැඩිවීමක් තියෙනවා. මියගිය සංඛ්‍යාව 110ක වැඩිවීමක් තියෙනවා. ඒ හින්දා මේක බරපතල තත්ත්වයක්. ඇත්ත වශයෙන්ම අපි බැලුවොත් එහෙම සංඛ්‍යාලේඛන වශයෙන් ගත්තොත් එහෙම මේ රිය අනතුරුවලින් වැඩියෙන්ම මිය යන්නේ පදිකයන්. පදිකයන් මියගිහින් තියෙනවා 484ක්. එතකොට යතුරුපැදිකරුවන් මියයනවා 488ක්. මෙන්න මේ දෙගොල්ලෝ තමයි වැඩියෙන්ම මාර්ග රිය අනතුරුවලින් මිය යන්නේ සහ බරපතළ තුවාල ලබන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව