header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ළමා අපයෝජන ප්‍රවර්ධනයට එරෙහිව ඉන්දියාවෙන් Meta සමාගමට රතු එළියක්
Jul 06, 202607:39 PM
ළමා අපයෝජන ප්‍රවර්ධනයට එරෙහිව ඉන්දියාවෙන් Meta සමාගමට රතු එළියක්
Mobitel 1278

Instagram හරහා ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන සහ ඒ සඳහා පහසුකම් සපයන සියලුම ගෙවුම් දැන්වීම් සහ අන්තර්ගතයන් වහාම අක්‍රීය කරන ලෙස ඉන්දීය රජය Meta සමාගමට දැඩි ලෙස නියෝග කර තිබේ.

විදෙස් පුවත් නාලිකාව විසින් සිදුකරන ලද විශේෂ ගවේෂණාත්මක අනාවරණයකින් පසුව ඉන්දීය රජය මෙම පියවර ගෙන ඇත.

ඉන්දියාව තුළ ඉන්ස්ටග්‍රෑම් හරහා ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කෙරෙන ගෙවුම් දැන්වීම් පළ කර ඇති බවත්, ඉන් සමහරක් මඟින් පරිශීලකයන්ව එම ද්‍රව්‍ය අලෙවි කරන ටෙලිග්‍රෑම් (Telegram) චැනල වෙත යොමු කර ඇති බවත් එම විමර්ශනයේදී හෙළි වී තිබේ.

මෙවැනි දරුණු ගණයේ අන්තර්ගතයන් සහිත දැන්වීම් තම සමාජ මාධ්‍ය ජාලය තුළ පළ කිරීමට ඉඩ දුන්නේ කෙසේද යන්න පිළිබඳව සතියක් ඇතුළත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ද ඉන්දීය රජය මෙටා සමාගමෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මෙටා සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, දැන්වීම් ඇතුළුව ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ඉල්ලා සිටීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් තම සමාගම Zero-tolerance ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.

"වැරදි සහගත අන්තර්ගතයන් සහ පුද්ගලයන් කල්තියා හඳුනා ගැනීමට අපි දියුණු කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතා කරනවා. නමුත් අපගේ බිලියන 3.5ක් වන පරිශීලකයන් අතර සැඟවී අපගේ පද්ධති මඟහැරීමට උත්සාහ කරන අපරාධකරුවන් සමඟ අපි නිරන්තර සටනක නිරත වෙමින් සිටිනවා." යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ටෙලිග්‍රෑම් සමාගම ප්‍රකාශ කර ඇත්තේ 2026 වසර තුළදී පමණක් ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍යවලට අදාළ ගෘප් (Groups) සහ චැනල (Channels) 274,000කට වඩා වැඩි ප්‍රමාණයක් තම පද්ධතියෙන් ඉවත් කිරීමට පියවර ගත් බවය.

පරිශීලකයන් සෙවුම් නොකළ ද, ඉන්ස්ටග්‍රෑම් පද්ධතිය විසින් ලිංගික වශයෙන් උත්තේජනය කරවන අන්තර්ගතයන් ඉදිරිපත් කරන බව නිරීක්ෂණය වීමෙන් පසුව ඉහත සඳහන් කළ විදෙස් මාධ්‍ය ආයතනය විසින් ඉන්දියාව තුළ ව්‍යාජ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් සකස් කර තිබේ.

එම ගිණුම හරහා එවැනි Profiles 10ක් Follow කර ඇති අතර, සතියකටත් අඩු කාලයකදී එම ව්‍යාජ ගිණුමට වැඩිහිටි කාමුක දර්ශන සහිත ගෙවුම් දැන්වීම් ඉන්ස්ටග්‍රෑම් විසින් පෙන්වීමට පටන් ගෙන ඇත. දින කිහිපයකට පසු, ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන දැන්වීම් ද ඊට දර්ශනය වී ඇති අතර, ඒවායින් සමහරක් ටෙලිග්‍රෑම් චැනල වෙත Links සපයා තිබේ.

මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් මෙටා සමාගම පවසා සිටියේ ළමා සූරාකෑම යනු භයානක අපරාධයක් වන අතර එය වැළැක්වීමට තමන් දැඩි ලෙස කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, සමාගම ලාභය වෙනුවෙන් ආරක්ෂාව පසෙකලා මෙවැනි දැන්වීම් හිතාමතාම ඉලක්කගත පරිශීලකයන් වෙත යොමු කළ බවට නැඟෙන චෝදනා "සම්පූර්ණයෙන්ම සාවද්‍ය" බව පවසමින් මෙටා සමාගම එය ප්‍රතික්ෂේප කර තිබේ.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana