header logo
SLIC
උණුසුම් පුවත්
ළමා අපයෝජන ප්‍රවර්ධනයට එරෙහිව ඉන්දියාවෙන් Meta සමාගමට රතු එළියක්
Jul 06, 202607:39 PM
ළමා අපයෝජන ප්‍රවර්ධනයට එරෙහිව ඉන්දියාවෙන් Meta සමාගමට රතු එළියක්
Mobitel 1278

Instagram හරහා ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන සහ ඒ සඳහා පහසුකම් සපයන සියලුම ගෙවුම් දැන්වීම් සහ අන්තර්ගතයන් වහාම අක්‍රීය කරන ලෙස ඉන්දීය රජය Meta සමාගමට දැඩි ලෙස නියෝග කර තිබේ.

විදෙස් පුවත් නාලිකාව විසින් සිදුකරන ලද විශේෂ ගවේෂණාත්මක අනාවරණයකින් පසුව ඉන්දීය රජය මෙම පියවර ගෙන ඇත.

ඉන්දියාව තුළ ඉන්ස්ටග්‍රෑම් හරහා ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කෙරෙන ගෙවුම් දැන්වීම් පළ කර ඇති බවත්, ඉන් සමහරක් මඟින් පරිශීලකයන්ව එම ද්‍රව්‍ය අලෙවි කරන ටෙලිග්‍රෑම් (Telegram) චැනල වෙත යොමු කර ඇති බවත් එම විමර්ශනයේදී හෙළි වී තිබේ.

මෙවැනි දරුණු ගණයේ අන්තර්ගතයන් සහිත දැන්වීම් තම සමාජ මාධ්‍ය ජාලය තුළ පළ කිරීමට ඉඩ දුන්නේ කෙසේද යන්න පිළිබඳව සතියක් ඇතුළත සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙස ද ඉන්දීය රජය මෙටා සමාගමෙන් ඉල්ලා ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් මෙටා සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත්තේ, දැන්වීම් ඇතුළුව ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ඉල්ලා සිටීම හෝ බෙදා හැරීම සම්බන්ධයෙන් තම සමාගම Zero-tolerance ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවය.

"වැරදි සහගත අන්තර්ගතයන් සහ පුද්ගලයන් කල්තියා හඳුනා ගැනීමට අපි දියුණු කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතා කරනවා. නමුත් අපගේ බිලියන 3.5ක් වන පරිශීලකයන් අතර සැඟවී අපගේ පද්ධති මඟහැරීමට උත්සාහ කරන අපරාධකරුවන් සමඟ අපි නිරන්තර සටනක නිරත වෙමින් සිටිනවා." යැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ටෙලිග්‍රෑම් සමාගම ප්‍රකාශ කර ඇත්තේ 2026 වසර තුළදී පමණක් ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍යවලට අදාළ ගෘප් (Groups) සහ චැනල (Channels) 274,000කට වඩා වැඩි ප්‍රමාණයක් තම පද්ධතියෙන් ඉවත් කිරීමට පියවර ගත් බවය.

පරිශීලකයන් සෙවුම් නොකළ ද, ඉන්ස්ටග්‍රෑම් පද්ධතිය විසින් ලිංගික වශයෙන් උත්තේජනය කරවන අන්තර්ගතයන් ඉදිරිපත් කරන බව නිරීක්ෂණය වීමෙන් පසුව ඉහත සඳහන් කළ විදෙස් මාධ්‍ය ආයතනය විසින් ඉන්දියාව තුළ ව්‍යාජ ඉන්ස්ටග්‍රෑම් ගිණුමක් සකස් කර තිබේ.

එම ගිණුම හරහා එවැනි Profiles 10ක් Follow කර ඇති අතර, සතියකටත් අඩු කාලයකදී එම ව්‍යාජ ගිණුමට වැඩිහිටි කාමුක දර්ශන සහිත ගෙවුම් දැන්වීම් ඉන්ස්ටග්‍රෑම් විසින් පෙන්වීමට පටන් ගෙන ඇත. දින කිහිපයකට පසු, ළමා ලිංගික අපයෝජන ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන දැන්වීම් ද ඊට දර්ශනය වී ඇති අතර, ඒවායින් සමහරක් ටෙලිග්‍රෑම් චැනල වෙත Links සපයා තිබේ.

මෙම චෝදනාවලට පිළිතුරු දෙමින් මෙටා සමාගම පවසා සිටියේ ළමා සූරාකෑම යනු භයානක අපරාධයක් වන අතර එය වැළැක්වීමට තමන් දැඩි ලෙස කටයුතු කරන බවයි. කෙසේ වෙතත්, සමාගම ලාභය වෙනුවෙන් ආරක්ෂාව පසෙකලා මෙවැනි දැන්වීම් හිතාමතාම ඉලක්කගත පරිශීලකයන් වෙත යොමු කළ බවට නැඟෙන චෝදනා "සම්පූර්ණයෙන්ම සාවද්‍ය" බව පවසමින් මෙටා සමාගම එය ප්‍රතික්ෂේප කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව