header logo
Vallibel FD
Valible Le
විශේෂාංග
වැලිකඩ යළි සිහිකළ මීගමුව
Jul 06, 202605:08 PM
වැලිකඩ යළි සිහිකළ මීගමුව
Mobitel 1278

බන්ධනාගාර තුළ සිදුවන ගැටුම් අපරටේ සුලබ සිද්ධියක් වුවද මින් කතා බහට ලක්වන බන්ධනාගාර ගැටුම් වාර්තා වූයේ 2012 වසරේදීය.

මීට වසර 14කට පෙර සිදුවූ එම සිද්ධියෙන් අනතුරුව වර්තමානයේ අපගේ අවධානයට යොමුව ඇත්තේ මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවී ඇති නොසන්සුන්කාරී තත්ත්වයයි.

2012 වසරේ නොවැම්බර් මස 09වන දින වැලිකඩ බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියෙන් රැදවියන් 27 දෙනෙකු මියගිය අතර මීගමුව බන්ධනාගාරය තුළ හටගෙන ඇති කලහකාරී තත්ත්වයෙන් මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යාව 25කි.

මීගමුවේ සිද්ධිය

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ පස්වරු 1ට පමණ ගැටුමක් හටගෙන තිබුණි.

රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

ගැටුමින් ඊයේ (05) රාත්‍රීයේදී රැඳවියන් 02 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 38 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.

ඊයේ ඇතිවූ තත්ත්වයෙන් පසු අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණද අද (06) යළි එහි නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබුණි.

අද යලි උග්‍ර වූ ගැටුමින් මේ වන විට 25දෙනෙකු මරණයට පත්ව ඇති බව සඳහන් වෙයි.

මේ අතර ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ අතරින් බරපතළ තත්ත්වයේ පසු වූ 13දෙනෙකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා තිබේ.

මේ අතර, මීගමුව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත කඩිනමින් මාරුකර යැවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අද (06) දින උදෑසන රැඳවියන් අතර නැවතත් ගැටුමක් හට ගෙන තිබූ අතර එය මැඩපැවැත්වීමට ගිය බන්ධනාගාර නිලධාරීන්ට පහරදීමට පටන්ගෙන ඇති බවය.

එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් ප්‍රධාන දොරටුව දෙසට දිවවිත් ඇති අතර එහිදී රැඳවියන් ඔවුන් පසුපස පන්නාගෙන පහරදීම සිදුකර තිබේ.

රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව කැඩීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් අවම බලය යොදා රැඳවියන්ව පාලනය කිරීමට කටයුතු කර ඇත.

බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා පැවසුවේ අද උදෑසන රැඳවියන්ට ආහාර ලබාදීමට ගිය බන්ධනාගාර රැඳවියන්ට මෙලෙස පහර දී ඇති බවය.

ගැටුම සිදුවන අවස්ථාවේදී රැඳවියන් බන්ධනාගාරයේ ඉදිරි දොරටුවෙන් පිටතට ඒමට උත්සාහ කර ඇති අතර තත්ත්වය පාලනය සඳහා පොලීසිය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවනු ලැබීය.

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම "බූරු මූණා" නම් පාතාල කල්ලි සාමාජිකයා සමඟ සමීප සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුරේෂ් නමැත්තා විසින් මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ගැටුමෙන් අනතුරුව බන්ධනාගාර පරිශ්‍රය වෙත මීගමුව සහ ඒ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණි.

මීගමුව බන්ධනාගාරය කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් යන දෙපිරිසම රඳවා තැබෙන ස්ථානයකි.

එහි රැඳවියන් 1800 කට ආසන්න පිරිසක් සිටියි.

බන්ධනාගාරය තුළ සිටි එකිනෙකට ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

එහිදී බන්ධනාගාරයෙහි විශේෂිත කුටිවල ඉබියතුරු කඩා එහි රඳවා සිටින විශේෂිත රැඳවියන්ටද කළහකාරී ලෙස හැසිරෙන රැඳවියන් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

තවත් රැඳවියන් පිරිසක් මත්වීමේ අරමුණෙන් බන්ධනාගාරය තුළ පවතින ඔසුසල කඩා එහි තිබූ වේදනානාශක අධි මාත්‍රාවෙන් පානය කර ඇත් බවත් පොලීසිය පවසයි.

එවන් පසුබිමක මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් එහි වහලය මත නැගී විරෝධතාවක ද නිරත වීය.

පොලීසිය සඳහන් කළේ ගැටුමට මැදිවූ පාර්ශ්වවලට සහාය දක්වමින් ඔවුන් විරෝධයේ නිරත වූ බවය.

මේ අතර රැඳවියන් පිළිබඳව තොරතුරු ලබාදීමට බලධාරීන් කටයුතු නොකළ බවට චෝදනා කරමින් මීගමුව බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණි රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබුණි.

කෙසේ වෙතත් පසුව පොලීසිය මැදිහත්වී රෝහල්ගත කළ රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා ඥාතීන් පිරිසකට අවස්ථාව ලබාදුන්නේය.

උදෑසන 10ට පමණ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ රැඳවියන් පාලනය කරගැනීමට ආරක්ෂක අංශවලට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු විය.

අනතුරුව ආරක්ෂක අංශ සාමාජිකයන් තත්ත්වය පාලනය සඳහා බන්ධනාගාර පරිශ්‍රය වෙත ඇතුළු විය.

මේ අතර බන්ධනාගාරය ඇතුළත තත්ත්වය නිරීක්ෂණයට ගුවන් හමුදාව ඩ්‍රෝන යානා ද යොදවා තිබේ.

ඩ්‍රෝන යානා 02ක් සහ බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් එම ස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් හමුදාව සඳහන් කළේය.

වැලිකඩ ගැටුම

2012 වසරේ නොවැම්බර් මස 9 දා සිරකුටි තුළ සැගවූ ජංගම දුරකතන සහ මත්ද්‍රව්‍ය සෙවීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකාය සහ බන්ධනාගාර නිල‍්ධාරීන් බන්ධනාගාරය තුළට ඇතුළුවීමත් සමඟ මෙම ගැටුම හටගෙන තිබුණි.

වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ මෙම ගැටුම මෙරට බන්ධනාගාර ඉතිහාසයේ ආන්දෝලනාත්මක සිදුවීමක් ලෙස සැළකිය හැකිය.

මෙම ගැටුමෙන් සිරකරුවන් 27 දෙනෙකු මිය ගිය අතර එය ම්ලේච්ඡ ඝාතනයක් බවට සළකමින් පරීක්ෂණ සිදු කෙරුණි.

කෙසේ වෙතත් මෙම ගැටුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතාට 2022 වසරේ ජනවාරි මාසයේදී කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් මරණ දඬුවම නියම කෙරිණි.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana