header logo
SLIC
උණුසුම් පුවත්
නැව් සංස්ථාවේ බරපතළ අක්‍රමිකතා රැසක් COPE කමිටුවේදී හෙළිවෙයි
Jul 06, 202604:43 PM
නැව් සංස්ථාවේ බරපතළ අක්‍රමිකතා රැසක් COPE කමිටුවේදී හෙළිවෙයි
Mobitel 1278

සී/ස ලංකා නැව් සංස්ථාව (Ceylon Shipping Corporation Limited) සතු අනුබද්ධ සහ ආශ්‍රිත සමාගම් 6ක රුපියල් මිලියන 630ක මුදලක් ආයෝජනය කර තිබුණ ද, ඒ වෙනුවෙන් වාර්ෂිකව ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 4ක වැනි ඉතා සුළු ලාභාංශයක් බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ.

ලංකා නැව් සංස්ථාවේ 2021, 2022 සහ 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව පරික්ෂා කිරීම සඳහා COPE කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

සංස්ථාව විසින් 2024 - 2027 කාලසීමාව සඳහා සකස් කර ඇති සංයුක්ත සැලැස්ම (Corporate Plan) ප්‍රායෝගික නොවන එකක් බව කමිටුව පෙන්වා දුන්නේය.එය ආයතනයේ මෙහෙයුම් සඳහා මාර්ගෝපදේශයක් ලෙස නොව, හුදෙක් පරිපාලන අවශ්‍යතා සපුරාලීමට පමණක් කළ එකක් බව නිරීක්ෂණය වී ඇත. එමෙන්ම, සාමාන්‍යාධිකාරී ඇතුළු ප්‍රධාන විධායක තනතුරු රැසක් දිගු කලක් තිස්සේ 'වැඩබැලීමේ' පදනම මත පවත්වාගෙන යාම නිසා ආයතනයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය බරපතළ ලෙස දුර්වල වී තිබේ.

2016 වසරේදී නෞකා දෙකක් මිල දී ගැනීම වෙනුවෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 70ක ණය මුදලින් ඩොලර් මිලියන 47ක් තවමත් ගෙවීමට ඉතිරිව ඇත. ණය වාරික ගෙවීම ප්‍රමාද වීම නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ද සිදුව තිබේ. මීට අමතරව, නෞකාවල ඉන්ධන පිරිවැය ඉහළ යාම සහ නඩත්තු පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ජාත්‍යන්තර වෙළඳපොළෙන් ඉහළ ආදායම් ලැබීමේ අවස්ථා සංස්ථාවට අහිමි වී ගොස් ඇත.

"සිලෝන් බ්‍රීස්" නෞකාවේ ලිහිසි තෙල් ලීටර් 1,852ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බව කමිටුවේදී හෙළි විය. එමෙන්ම පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේ ව්‍යාපෘතියකදී රුපියල් මිලියන 1.4ක අලාභයක් සිදුව ඇති අතර, තවත් රුපියල් මිලියන 6.3ක මුදලක් අය කර ගැනීමට ආයතනය අසමත් වී ඇත.

නෞකා වාණිජ කළමනාකරණය සඳහා සිංගප්පූරුවේ Wallem Shipping සමාගම සමඟ 2016 සිට ක්‍රියාත්මක වන ගිවිසුම මඟින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නැව් සංස්ථාව අසමත් වී තිබේ. අදාළ සමාගම ඉලක්ක සපුරා නොමැති වුවද, ඔවුන්ට දඬුවම් පැමිණවිය හැකි වගන්ති ගිවිසුමට ඇතුළත් නොවීම බරපතළ අඩුපාඩුවක් බව කමිටුව අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මෙම සමාගම සමඟ පවතින ගිවිසුම 2026 සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිත අතර, ඉන් පසුව අතරමැදි සමාගම්වලින් ඉවත් වී රජයේ ලියාපදිංචි සෘජු තැරැව්කරුවන් හයදෙනෙකු හරහා වාණිජ මෙහෙයුම් සිදු කිරීමට නව සැලැස්මක් සහ කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ. නව ක්‍රමවේදය හරහා කොමිස් මුදල් ඉතිරි කර ගැනීමටත්, ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සෘජු සබඳතා ඇති කර ගැනීමටත් අපේක්ෂිතය.

ලංකා නැව් සංස්ථාව මුළුමනින්ම ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරන ලෙසත්, අනවශ්‍ය වියදම් වහාම කපා හරින ලෙසත් කමිටුව නියෝග කළේය. එමෙන්ම, අනාවරණය වූ වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍යතාව පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා විධිමත් විමර්ශන පවත්වන ලෙස COPE කමිටුව අවසානයේ නිර්දේශ කරන ලදී.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව