header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නැව් සංස්ථාවේ බරපතළ අක්‍රමිකතා රැසක් COPE කමිටුවේදී හෙළිවෙයි
Jul 06, 202604:43 PM
නැව් සංස්ථාවේ බරපතළ අක්‍රමිකතා රැසක් COPE කමිටුවේදී හෙළිවෙයි
Mobitel 1278

සී/ස ලංකා නැව් සංස්ථාව (Ceylon Shipping Corporation Limited) සතු අනුබද්ධ සහ ආශ්‍රිත සමාගම් 6ක රුපියල් මිලියන 630ක මුදලක් ආයෝජනය කර තිබුණ ද, ඒ වෙනුවෙන් වාර්ෂිකව ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 4ක වැනි ඉතා සුළු ලාභාංශයක් බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණය වී තිබේ.

ලංකා නැව් සංස්ථාවේ 2021, 2022 සහ 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳව පරික්ෂා කිරීම සඳහා COPE කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

සංස්ථාව විසින් 2024 - 2027 කාලසීමාව සඳහා සකස් කර ඇති සංයුක්ත සැලැස්ම (Corporate Plan) ප්‍රායෝගික නොවන එකක් බව කමිටුව පෙන්වා දුන්නේය.එය ආයතනයේ මෙහෙයුම් සඳහා මාර්ගෝපදේශයක් ලෙස නොව, හුදෙක් පරිපාලන අවශ්‍යතා සපුරාලීමට පමණක් කළ එකක් බව නිරීක්ෂණය වී ඇත. එමෙන්ම, සාමාන්‍යාධිකාරී ඇතුළු ප්‍රධාන විධායක තනතුරු රැසක් දිගු කලක් තිස්සේ 'වැඩබැලීමේ' පදනම මත පවත්වාගෙන යාම නිසා ආයතනයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය බරපතළ ලෙස දුර්වල වී තිබේ.

2016 වසරේදී නෞකා දෙකක් මිල දී ගැනීම වෙනුවෙන් ලබා ගත් අමෙරිකානු ඩොලර් මිලියන 70ක ණය මුදලින් ඩොලර් මිලියන 47ක් තවමත් ගෙවීමට ඉතිරිව ඇත. ණය වාරික ගෙවීම ප්‍රමාද වීම නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ද සිදුව තිබේ. මීට අමතරව, නෞකාවල ඉන්ධන පිරිවැය ඉහළ යාම සහ නඩත්තු පද්ධති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ජාත්‍යන්තර වෙළඳපොළෙන් ඉහළ ආදායම් ලැබීමේ අවස්ථා සංස්ථාවට අහිමි වී ගොස් ඇත.

"සිලෝන් බ්‍රීස්" නෞකාවේ ලිහිසි තෙල් ලීටර් 1,852ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් මෙතෙක් විධිමත් පරීක්ෂණයක් සිදු කර නොමැති බව කමිටුවේදී හෙළි විය. එමෙන්ම පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේ ව්‍යාපෘතියකදී රුපියල් මිලියන 1.4ක අලාභයක් සිදුව ඇති අතර, තවත් රුපියල් මිලියන 6.3ක මුදලක් අය කර ගැනීමට ආයතනය අසමත් වී ඇත.

නෞකා වාණිජ කළමනාකරණය සඳහා සිංගප්පූරුවේ Wallem Shipping සමාගම සමඟ 2016 සිට ක්‍රියාත්මක වන ගිවිසුම මඟින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගැනීමට නැව් සංස්ථාව අසමත් වී තිබේ. අදාළ සමාගම ඉලක්ක සපුරා නොමැති වුවද, ඔවුන්ට දඬුවම් පැමිණවිය හැකි වගන්ති ගිවිසුමට ඇතුළත් නොවීම බරපතළ අඩුපාඩුවක් බව කමිටුව අවධාරණය කළේය.

කෙසේ වෙතත්, මෙම සමාගම සමඟ පවතින ගිවිසුම 2026 සැප්තැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිත අතර, ඉන් පසුව අතරමැදි සමාගම්වලින් ඉවත් වී රජයේ ලියාපදිංචි සෘජු තැරැව්කරුවන් හයදෙනෙකු හරහා වාණිජ මෙහෙයුම් සිදු කිරීමට නව සැලැස්මක් සහ කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇති බව නිලධාරීහු මෙහිදී ප්‍රකාශ කළහ. නව ක්‍රමවේදය හරහා කොමිස් මුදල් ඉතිරි කර ගැනීමටත්, ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ සෘජු සබඳතා ඇති කර ගැනීමටත් අපේක්ෂිතය.

ලංකා නැව් සංස්ථාව මුළුමනින්ම ප්‍රතිව්‍යුහගත කිරීමකට ලක් කරන ලෙසත්, අනවශ්‍ය වියදම් වහාම කපා හරින ලෙසත් කමිටුව නියෝග කළේය. එමෙන්ම, අනාවරණය වූ වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් අවශ්‍යතාව පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා විධිමත් විමර්ශන පවත්වන ලෙස COPE කමිටුව අවසානයේ නිර්දේශ කරන ලදී.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana