
චීනය විසින් දිගුදුර බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව විදෙස් වාර්තා පවසයි.
පැසිෆික් සාගරයේ සබ්මැරීනයක සිට ඔවුන් මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව සඳහන් වෙයි.
චීනයේ මෙම මිසයිල අත්හදා බැලීම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ජපානය යන රටවල විවේචනයට ලක්ව තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ අදාල මිසයිල අත්හලා බැලීම පුහුණු අභ්‍යාසයක කොටසක් වන අතර එය කිසිදු රටක් ඉලක්ක කර සිදු නොකළ බවයි.

















































