header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්‍රදානය හෙට
Jul 06, 202602:19 PM
කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්‍රදානය හෙට
Mobitel 1278

කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් 1,252 දෙනෙකුට හෙට (07) දින පත්වීමේ ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබේ.

ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් හෙට (ජූලි 07) අරලියගහ මන්දිරයේදීය.

මෙම තනතුරු 2025 වසරේ ඔක්තෝබර් මස 05 වන දින පවත්වන ලද විවෘත තරග විභාගය සඳහා අයදුම්කරුවන් 85,000කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටියහ.

එහි ප්‍රතිඵල මත 2026 මැයි මස 22,23 සහ 24 යන දිනවල පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සහ විභාග ලකුණු පදනම් කර ගනිමින් දක්ෂතාවය මත ම මෙම පිරිස තෝරාගෙන ඇත.

මෙම බඳවා ගැනීම් සඳහා මූලික සුදුසුකම උසස් පෙළ වුව ද, මේ සඳහා උපාධිධාරීන් බොහෝ ප්‍රමාණයක් ද සුදුසුකම් ලබා තිබේ.

සමස්ත පත්වීම්ලාභීන් සියල්ලන්ම වයස අවුරුදු 18-29ත් අතර පසුවන තරුණ තරුණියන් වන අතර සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙකු, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකු හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකු වශයෙන් නිලධාරීන් 1,252 දෙනෙකු සුදුසුකම් ලබා තිබේ.

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පවතින පුරප්පාඩු ප්‍රමාණය 1,615කි.

පළමු වටයේදී මූලික සුදුසුකම් සපුරා ඇත්තේ 1,252 දෙනෙකු පමණක් වන බැවින් ඉතිරි පිරිස දෙවන වටයකදී බඳවා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ ඉදිරි පියවර 2021 වසරේ සිට රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සිදු නොවීම නිසා බරපතළ නිලධාරී හිඟයක් පැවතුණි.

එමඟින් මහජනතාව මෙන්ම රජය ද දුෂ්කරතාවලට මුහුණ දුන් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව 2025 වර්ෂයේදී 35,000කට අධික පිරිසක් බඳවා ගත් අතර, මෙම වසරේදී ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් පවතී.

මීට අමතරව 2027 වසරේදී ද සැලකිය යුතු පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන්ය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana