header logo
SLIC
උණුසුම් පුවත්
පුරාවිද්‍යා දෙසතිය හෙටින් ඇරඹෙයි
Jul 06, 202607:45 AM
පුරාවිද්‍යා දෙසතිය හෙටින් ඇරඹෙයි
Mobitel 1278

දිවයින පුරා පිහිටි පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමේ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කර ඇති පුරාවිද්‍යා දෙසතිය හෙට (07) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ප්‍රකාශ කළේ මෙරට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන ඒවායේ කැණීම්, ගවේෂණ සහ සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බවය.

සමස්ත ව්‍යාපෘතිය යටතේ පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමට නියමිත අතර, හෙට ඇරඹෙන පුරාවිද්‍යා දෙසතිය තුළ එහි පළමු පියවර ලෙස හඳුනාගත් ස්ථාන 100ක වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිතව බව ද සඳහන්.

පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීම සඳහා මහජනතාවගේ දායකත්වය ඉහළ නැංවීමේ අරමුණින්, අදාළ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් "ප්‍රජා සංරක්ෂණ කමිටු" පිහිටුවීමට ද මෙහිදී පියවර ගෙන තිබේ.

මෙම ප්‍රජා සංරක්ෂණ කමිටු හරහා ඉදිරිපත් වන යෝජනා සහ අදහස්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරීන්ගේ උපදෙස් හා සෘජු මැදිහත්වීම මත ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

"ජූලි මාස හත්වෙනිදා පුරාවිද්‍යා දෙසතිය ආරම්භ වීමට නියමිතයි. මෙවර පුරාවිද්‍යා දෙසතියේ මූලික තේමාව හැටියට අපි නම් කොට තිබෙන්නේ 'උරුමයට ජීවයක්' කියන තේමාව. ඒ තුළින් අපි අදහස් කරන්නේ අපේ රටේ ඓතිහාසික පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනාගෙන, ඒ ස්ථාන සමහර තැන් තිබෙනවා සංරක්ෂණය කළ යුතු, සමහර ස්ථාන තිබෙනවා කැණීම් කළ යුතු, අන්න එවැනි ස්ථාන වෙනුවෙන් මේ කටයුත්ත අපි යොදාගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි ඉදිරි කාලය තුළ 'උරුමයට ජීවයක්' පුරාවිද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීම කියන මූලික වැඩසටහන යටතේ තමයි මේ කටයුත්ත ආරම්භ කරන්නේ. ජූලි හත්වෙනිදන් පටන් ගන්න පුරාවිද්‍යා දෙසතිය තුළ ආරම්භක කාර්යයක් හැටියට අපි එවැනි ස්ථාන සීයයක් හඳුනාගෙන, වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා."

"ජනතාව මේ ස්ථාන වෙනුවෙන් කරන කැපවීම, මැදිහත්වීම යම් මට්ටමකට අඩුයි. ඒ තත්ත්වය සැලකිල්ලට අරගෙන අපි කල්පනා කළා මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන හඳුනා ගත්තහම ඒ ස්ථානයේ නිශ්චිත පුරාවිද්‍යා ස්ථානයක් හැටියට නම් කරලා, ඒ ප්‍රදේශය ආශ්‍රිත ජනතාවගේ සහභාගිත්වය සහිතව ප්‍රජා සංරක්ෂණ කමිටුවක් ගොඩනගන්න. ඒ ප්‍රජා සංරක්ෂණ කමිටුව හරහා තමයි ඇත්තටම එතනින් අනතුරුව ඒ ස්ථානයේ කෙරෙන කැණීම් කටයුත්තක් කෙරෙනවද, ගවේෂණ කටයුත්තක් කෙරෙනවද, සංරක්ෂණ කටයුත්තක් කෙරෙනවද කියන එක පිළිබඳව යෝජනා අදහස් ලබාගන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඊට අදාළ තාක්ෂණික දැනුමක් තියෙන නිලධාරීන්ගේ සහභාගිත්වය සහිතව. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රජාව මේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානත් එක්ක සම්බන්ධ වුණහම අපි අර බලාපොරොත්තු වෙන ආරක්ෂා කර ගැනීම ක්‍රියාකාරීව කරගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ඒ පරමාර්ථය මූලික කරගෙන පුරාවිද්‍යා දෙසතිය තුළ මේ කටයුත්ත ආරම්භ කරන්න කටයුතු සංවිධානය කර තිබෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව