header logo
SLIC
උණුසුම් පුවත්
මීගමුව බන්ධනාගාරයේ ගැටුම විමර්ශනයට කමිටුවක්
Jul 06, 202606:47 AM
මීගමුව බන්ධනාගාරයේ ගැටුම විමර්ශනයට කමිටුවක්
Mobitel 1278

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනාරාල්වරයා විසින් අදාළ විමර්ශන කමිටුව පත් කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා සදහන් කළේය.

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (05) පස්වරු 1.00ට පමණ ගැටුමක් හටගෙන තිබුණි.

රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඩුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලිසිය පැවසීය.

ගැටුමෙන් රැඳවියන් දෙදෙනෙකු මියගිය අතර තවත් රැඳවියන් 34දෙනෙකු තුවාල ලබා මීගමුව දිස්ත්‍රික් රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් ප්‍රකාශකයකු සදහන් කළේය.

ඉන් බරපතළ තුවාල ලැබූ රැදවූවන් දෙදෙනකු කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවූ බව ද සදහන්.

පසුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහලයක් මත නැග විරෝධතාවය පළ කළ අතර ඉන් ඇදවැටී තවත් රැදවියන් සිව් දෙනෙකු පසුව රෝහල්ගත කෙරිණි.

මේ අතර රැදවියන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මීගමුව දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පුෂ්පා ගමලත්ගේ මහත්මිය පැවසුවේ රැඳවියන් 10දෙනෙකු පමණ ශෛල්‍යකර්මවලට ද භාජනය කළ බවය.

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සදහා බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව යොදවා තිබූ අතර ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට ද කටයුතු කර තිබුණි.

එමෙන්ම බන්ධනාගාරයේ රදවා සිටින රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ රැදවූවන් පිළිබද තොරතුරු බලධාරීන් විසින් ලබා නොදුන් බවට පවසමින් නොසන්සුන්කාරී ලෙස හැසිරිණි.

කෙසේ වෙතත් පොලිසිය මැදිහත්ව රෝහල්ගත කළ රැඳවියන් සම්බන්ධ තොරතුරු ඔවුන්ට ලබා දුන් අතර තවත් පිරිසක් රෝහල වෙත යොමු කිරීමට ද කටයුතු කර තිබුණි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා මෙලෙස අදහස් පළ කළේය.

"මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් අතර ගැටුමක් ඇති වෙලා තියෙනවා. එයින් 36 දෙනෙක් රෝහල් ගත කරලා තියෙනවා. එයින් දෙදෙනෙක් මිය ගොස් තියෙනවා. තවත් තිදෙනෙක් ප්‍රතිකාර ලබලා පල්ලන්සේන කඳවුර වෙත මාරු කරලා තියෙනවා. මෙම මීගමුව බන්ධනාගාරයේ 2417 ක රැඳවියන් ප්‍රමාණයක් රඳවලා තියෙනවා. මේ වන විට ඇතුළත තත්ත්වය බන්ධනාගාර නිලධාරීන් විසින් සමථයකට පත් කරලා තියෙනවා. ඊට අමතරව බන්ධනාගාරය පිටත ආරක්ෂාව සම්බන්ධව පොලීසිය, විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව සම්බන්ධ වෙලා තියෙනවා ආරක්ෂාව ලබා දීම සඳහා.

මෙය රැඳවියන් අතර ගැටුමක් පමණක් වන අතර නිලධාරීන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව වැඩිදුරටත් දන්වනවා. රැඳවියන්ගේ ඥාතීන්ට මේ අවස්ථාවේ මම ඉල්ලා සිටිනවා කිසිදු කලබලයක් හෝ අනියත බියක් ඇති කර නොගන්නා ලෙස. මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් මේ සිද්ධියට අදාළව විමර්ශන කණ්ඩායමක් පත් කරලා තියෙනවා.ඇතුළත පාලනය කිරීමට අදාළව රැඳවියන්ගේ ද සහයෝගය ලබාගෙන මෙය සමථයකට පත් කර ගැනීමට අපිට හැකි වුණ බව වැඩිදුරටත් අපි කියා සිටිනවා. ඔවුන්ගේ මේ වන විට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා වෙත ඉල්ලීම් කීපයක් ද ඉදිරිපත් කරා. ඒ සම්බන්ධව කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් ඒ අවස්ථාවේ රැඳවියන්ට දැනුම් දීමට කටයුතු කරා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව