header logo
SLIC
උණුසුම් පුවත්
බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන් උපරිම ධාරිතාවයට
Jul 06, 202606:29 AM
බස්නාහිර පළාතේ රෝහල් රැසක ඩෙංගු රෝගීන් උපරිම ධාරිතාවයට
Mobitel 1278

බස්නාහිර පළාතේ පවතින රෝහල් රැසක ඩෙංගු රෝගීන්ගේ උපරිම ධාරිතාවයට පැමිණ ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි.

එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේ රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඔවුන් රැක බලා ගැනීමේ කටයුතු ද දැඩි අසීරුතාවයකට හා අවදානමකට ලක්ව ඇති බවය.

රෝගීන් වාර්තා වීම මෙලෙස ඉහළ යාම හේතුවෙන් ඊට සමානුපාතිකව ඉදිරියේදී මරණ සංඛ්‍යාව ද ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.

වෛද්‍ය කපිල කන්නංගර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැනට දිවයිනෙන් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් 59,638 දෙනාගෙන් 52.4%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන බවය.

මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ වැඩිම රෝගී ප්‍රතිශතයක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් තෝරාගෙන එම ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් සතියක් පුරා ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

එම සතිය අවසානයේදී එහි ප්‍රගතිය සමාලෝචනය බවත් ඒ අනුව මෙම වැඩසටහන ඉදිරියට ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන වශයෙන් කොටස් තුනක සැලසුමක් සකස් කර ඇති බව ද අධ්‍යක්ෂවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ඩෙංගු රෝගීන්ගේ වර්ධනය ඉතාමත් බරපතළ මට්ටමක පවතින බැවින් සහ රෝහල් විශාල සංඛ්‍යාවක් උපරිම ධාරිතාවට පැමිණ රෝහල් පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වී ඇති බැවින්, මේ මොහොතේදී කෙටිකාලීන හදිසි (Emergency) පියවරයන් ක්‍රියාවට නැංවීමට මූලිකත්වය දී ඇති බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා,

"දැනට වාර්තා වෙන රෝගීන් 59,638න් 52.4%ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. ඒ නිසා බස්නාහිර පළාතේ දිස්ත්‍රික් තුනේ තියෙන වැඩිම රෝග ප්‍රතිශතය තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 22ක් අපි තෝරගෙන, ඒ තුළ මේ ක්‍රියාදාමය දිගටම අපි සතියක් පුරා ක්‍රියාත්මක වෙනවා. ඒ සතිය අවසානයේදී නැවත වරක් අපි ඒ ප්‍රගතිය විමසා බලලා තව ඉදිරියටත් ඒක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. සැලසුම් කරලා තියෙන්නේ කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දීර්ඝකාලීන කියලා අපි කොටස් තුනකට කඩලා. දැන් මොකද මේ අවස්ථාවේදී කෙටිකාලීන කියලා අපි කියන්නේ මේක ඉමර්ජන්සි (Emergency) තත්ත්වයක් නිසා. මොකද මේ වැඩිවීම ඉතාමත් බරපතළයි. මොකද මේ තුළින් රෝහල් පද්ධතියට විශාල බලපෑමක් වෙලා තියෙනවා. උපරිම ධාරිතාවට දැන් ගිහිල්ලා තියෙනවා විශාල ප්‍රමාණයක් රෝහල්. එතකොට මේ තුළදී රෝගීන් රැකබලා ගැනීම ලොකු අවදානමකට පත්වෙලා තිබෙනවා. මේ රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනවා කියන්නේ ඊට සමානුපාතිකව මරණ සංඛ්‍යාවත් වැඩිවීමට හේතුවක් වෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව