header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
දේශගුණික බාධා මැද අමෙරිකාව 250 වැනි නිදහස් දිනය උත්කර්ෂවත්ව සමරයි
Jul 05, 202608:48 PM
දේශගුණික බාධා මැද අමෙරිකාව 250 වැනි නිදහස් දිනය උත්කර්ෂවත්ව සමරයි
Mobitel 1278

ලොව බලවත්ම රාජ්‍යයක් වන අමෙරිකා එක්සත් ජනපදය සිය 250 වැනි නිදහස් සංවත්සරය දැවැන්ත ගුවන් සංදර්ශන සහ මනරම් ගිනිකෙළි සංදර්ශන මඟින් අති උදකර්ෂවත් අන්දමින් සමරා තිබේ.

කෙසේ වෙතත්, රට පුරා බලපෑ දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උත්සව කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව සඳහන් වේ.

1776 ජූලි 4 වන දින බ්‍රිතාන්‍ය පාලනය අවසන් කරමින් අමෙරිකානු ජනපද 13 ක් එක්ව නිදහස් ප්‍රකාශනයට අත්සන් තැබීම සිහිපත් කරමින් මෙම ජාතික නිවාඩු දිනය සමරනු ලබයි.

අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රමාද වී වොෂින්ටන් නුවර 'නැෂනල් මෝල්' හි ආරම්භ වූ දැවැන්ත ජනහමුවක් අමතමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, "අමෙරිකානු සිහිනය නැවත පැමිණ තිබෙනවා" යනුවෙනි. එහිදී ඔහු විසින් එය ලොව විශාලතම ගිනිකෙළි සංදර්ශනය ලෙස හඳුන්වන ලද සුවිශේෂී ගිනිකෙළි සංදර්ශනයක්ද ප්‍රේක්ෂකයන් වෙත ඉදිරිපත් කෙරුණි.

කොමියුනිස්ට්වාදය ප්‍රතික්ෂේප කිරීම සහ අවි දැරීමේ අයිතිය වැනි දේශපාලන තේමාවන් ස්පර්ශ කරමින් මධ්‍යම රාත්‍රියට ආසන්න වනතුරු කථා කළ ජනාධිපතිවරයා, මෙම මොහොත "දෙවියන් විසින් ලියන ලද අමෙරිකාවේ ස්වර්ණමය යුගයේ අරුණෝදය" ලෙස හැඳින්වීය. කෙසේ වෙතත්, මෙම ඓතිහාසික සැමරුම තමන් කේන්ද්‍ර කරගනිමින් දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළ බවට ට්‍රම්ප් වෙත විවේචන එල්ල වෙමින් පවතීන බව විදෙස් පුවත් වාර්තා කරයි.

නිදහස් දින සැමරුම් පැවැත්වෙන අතරතුර අමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට දැඩි උණුසුම් කාලගුණයක් සහ දරුණු අකුණු සහිත වැසි ඇතිව තිබේ.

වොෂින්ටන් අගනුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 37°C දක්වා ඉහළ ගිය අතර, නිව් ජර්සි ප්‍රාන්තයේ එය සෙල්සියස් අංශක 41°Cක් ලෙස වාර්තා විය.

අයහපත් කාලගුණය හේතුවෙන් නිව් ජර්සි, පෙන්සිල්වේනියා, මේරිලන්ඩ් සහ කොලරාඩෝ වැනි ප්‍රාන්තවල ඇතැම් පෙළපාලි අවලංගු කිරීමට සිදු විය.

මීට අමතරව, හමාගිය දරුණු සුළඟ හේතුවෙන් ප්‍රාන්ත කිහිපයක නිවාස 750,000 කට අධික ප්‍රමාණයක විදුලි බලය බිඳවැටී තිබුණි.

දේශපාලන මතිමතාන්තරවලින් තොරව පොදු ජනතාව රට පුරා සංවිධානය කර තිබූ "අමෙරිකාස් බ්ලොක් පාටි" සඳහා විශාල වශයෙන් එක්රොක්ව ඇත.

අමෙරිකාවේ ජීවත්වන හිටපු ජනාධිපතිවරුන් සිව්දෙනාම මෙම සුවිශේෂී සන්ධිස්ථානය වෙනුවෙන් අදහස් දක්වා තිබුණි.

ජෝ බයිඩන්: "සියලු මිනිසුන් සමානව උපත ලබා ඇත යන පොරොන්දුව තවමත් ඉටුකරමින් පවතින කාර්යයක්."

බැරැක් ඔබාමා: "සෑම පරම්පරාවක්ම පෙර පරම්පරාවෙන් ඉතිරි වූ නිම නොකළ කාර්යයන් භාරගෙන එය ඉදිරියට ගෙන යා යුතුයි."

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්: "ඉදිරි වසර 250 සඳහා අමෙරිකානුවන් නිකම්ම බලා සිටින්නන් නොව, සැබෑ පුරවැසියන් විය යුතුයි."

බිල් ක්ලින්ටන්: "අද අප මේ සැමරුම පවත්වන්නේ දැඩි දේශපාලන බෙදීම් සහ අපගේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වී ඇති බරපතල තර්ජන මධ්‍යයේයි."

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana