header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
මීගමුව බන්ධනාගාරය ලෙයින් තෙත් කළ ගැටුමේ සම්පූර්ණ කතාව
Jul 05, 202607:01 PM
මීගමුව බන්ධනාගාරය ලෙයින් තෙත් කළ ගැටුමේ සම්පූර්ණ කතාව
Mobitel 1278

මීගමුව බන්ධනාගාරය තුළ අද (05) දහවල් රැඳවියන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම "බූරු මූණා" නම් පාතාල කල්ලි සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සුරේෂ් නමැත්තා විසින් මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමක් පාවාදුන් බව කියන සිද්ධියක් මුල් කරගනිමින් මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

එහිදී රැඳවියන් දෙදෙනකු මියගොස් ඇති අතර තුවාල ලැබූ රැඳවියන් 28 දෙනකු මේ වන විටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව මීගමුව මහ රෝහල සඳහන් කළේය.

පොලීසිය සඳහන් කළේ බරපතළ තත්ත්වයේ පසුවන රැඳවියන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට මාරුකර යැවූ බවය.

කෙසේ වෙතත්, ගැටුමෙන් අනතුරුව බන්ධනාගාර පරිශ්‍රය වෙත මීගමුව සහ ඒ අවට පොලිස් ස්ථානවල නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබුණි.

මීගමුව බන්ධනාගාරය කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් යන දෙපිරිසම රඳවා තැබෙන ස්ථානයකි.

එහි රැඳවියන් 1800 කට ආසන්න පිරිසක් සිටියි.

එම රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබුණේ අද දහවල් කාලයේදීය.

බන්ධනාගාරය තුළ සිටි එකිනෙකට ප්‍රතිවාදී කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.

ගැටුම දුරදිග යාමත් සමඟ බන්ධනාගාරය තුළ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

එහිදී බන්ධනාගාරයෙහි විශේෂිත කුටිවල ඉබියතුරු කඩා එහි රඳවා සිටින විශේෂිත රැඳවියන්ටද කළහකාරී ලෙස හැසිරෙන රැඳවියන් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළේය.

තවත් රැඳවියන් පිරිසක් මත්වීමේ අරමුණෙන් බන්ධනාගාරය තුළ පවතින ඔසුසල කඩා එහි තිබූ වේදනා නාශක අධි මාත්‍රාවෙන් පානය කර ඇත් බවත් පොලීසිය පවසයි.

එවන් පසුබිමක මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් එහි වහලය මත නැගී විරෝධතාවක නිරත වන අයුරු දැකගත හැකිවිය.

පොලීසිය සඳහන් කළේ ගැටුමට මැදිවූ පාර්ශ්වවලට සහාය දක්වමින් ඔවුන් විරෝධයේ නිරත වූ බවය.

මේ අතර මීගමුව බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණි රැඳවියන්ගේ ඥාතීන් පිරිසක්ද නොසන්සුන්කාරී ලෙස හැසිරුණි.

ඒ රැඳවියන් පිළිබඳව තොරතුරු ලබාදීමට බලධාරීන් කටයුතු නොකළ බවට චෝදනා කරමින්.

පසුව පොලීසිය මැදිහත්ව රෝහල්ගතකළ රැඳවියන්ගේ සුවදුක් බැලීම සඳහා ඥාතීන් පිරිසකට අවස්තාව ලබාදුන්නේය.

මේවනවිටත් තත්ත්වය පාලනය කිරීම සඳහා කැරළි මර්ධන ඒකකය, විශේෂ කාර්ය බලකාය, පොලිසිය ඇතුළු කණ්ඩායම් කිහිපයක් බන්ධනාගාරය අභ්‍යන්තරයට සහ අවට පරිශ්‍රයේ ස්ථානගතකර තිබේ.

https://www.youtube.com/watch?v=aai1aP17j50&t=2s
MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana