header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
නිරෝගිමත් සමාජයක් ගොඩනඟන හැටි සුව ඇමති කියයි
Jul 05, 202604:59 PM
නිරෝගිමත් සමාජයක් ගොඩනඟන හැටි සුව ඇමති කියයි
Mobitel 1278

පෝෂණය කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය ප්‍රතිපත්ති ගොඩනැගීමෙන් නිරෝගිමත් සමාජයක් උදෙසා පදනම සැකසෙන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

ඔහු පවසන්නේ රෝග හට ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබාදීමේ සීමාවෙන් ඔබ්බට ගොස්, රෝග නිවාරණය, සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සදහා ඉලක්ක සහගතව පෝෂණය කේන්ද්‍ර කර ගත් ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය (SLMNA) සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය (SLCNP) එක්ව සංවිධානය කළ 2026 වාර්ෂික ශාස්ත්‍රීය සැසිවාරයට එක්වෙමිනි.

“සායනික සත්කාරයේ පෝෂණය සුසංයෝගී කිරීම: දකුණු ආසියාව සහ ඉන් ඔබ්බට” යන තේමාව යටතේ පැවැත්වුණු මෙම සැසිවාරය සායනික පෝෂණය, මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති සහ කලාපීය සහයෝගීතාව ඒකාබද්ධ කරන්නාවූ වැදගත් මෙන්ම විද්වත් ශාස්ත්‍රීය වේදිකාවකි.

දේශීය හා විදේශීය විශේෂඥ වෛද්‍යවරුන්, පෝෂණ විද්‍යාඥයින් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව, ශ්‍රී ලංකාවේ සායනික පෝෂණ සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, නවීන විද්‍යාත්මක දැනුම ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රතිපත්තිමය මට්ටමේ තීරණ සඳහා දායකත්වය ලබාදීම අරමුණු කර ගන්මින් පැවැත්විණි.

මෙමගින් ශ්‍රී ලංකාවේ පෝෂණ වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්‍යාත්මක සංවර්ධනය සහ කලාපීය සහයෝගිතාවය ශක්තිමත් කිරීම සඳහා වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ පෝෂණය යනු සෞඛ්‍ය සේවාවේ සහායක අංගයක් නොව, රෝග නිවාරණය, ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ දිගුකාලීන සත්කාරය දක්වා විහිදෙන සෞඛ්‍ය පද්ධතියේ මූලික අංගයක් බවය.

එබැවින් සෞඛ්‍ය ප්‍රතිපත්ති සැකසීමේ සිට රෝහල් සේවා සැලසුම් කිරීම දක්වා සියලු මට්ටම්වලදී පෝෂණය ප්‍රමුඛතාවක් ලෙස ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවද අවධාරණය කළේය.

සායනික පෝෂණය මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමඟ සෘජුවම බැඳී පවතින බවද සඳහන් කළ අමාත්‍යවරයා ජනතාවගේ ආහාර තේරීම්, ආහාර ලේබල්කරණය, වෙළඳපොළ ප්‍රවේශය සහ සෞඛ්‍ය සම්පන්න ආහාර ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය තීරණය කරන සාධක බවද පැවසීය.

ඒ අනුව, ආහාර පනත යටතේ දියර ආහාර නිෂ්පාදනවල සීනි ප්‍රමාණය සඳහා වර්ණ කේත ලේබල්කරණ ක්‍රමය තවදුරටත් ශක්තිමත් කර ඇති අතර, එමඟින් පාරිභෝගිකයාට මිලදී ගැනීමේ අවස්ථාවේදීම පැහැදිලි හා නිවැරදි තොරතුරු මත සෞඛ්‍ය සම්පන්න තීරණ ගැනීමට හැකි වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම, ශ්‍රී ලංකා වෛද්‍ය පෝෂණ සංගමය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය විද්‍යාලය විසින් මෙරට සායනික පෝෂණ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා පර්යේෂණ, වෘත්තීය පුහුණුව, සාක්ෂි මත පදනම් වූ සායනික භාවිතයන් සහ බහු-විෂය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම තුළින් ලබා දෙන දායකත්වය අමාත්‍යවරයා විසින් විශේෂයෙන් අගය කරන ලදී.

මෙවැනි ශාස්ත්‍රීය සංසද මඟින් ප්‍රතිපත්ති සම්පාදකයන්, වෛද්‍යවරුන් සහ පර්යේෂකයන් අතර ඇති සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් වන අතර, එය ජනතාවට ලබාදෙන සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සෘජුවම දායක වන බවද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේය.


MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana