header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්
Jul 05, 202611:07 AM
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගැන දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්
Mobitel 1278

ඩෙංගු රෝගය මර්දනය හා පාලනය සම්බන්ධයෙන් මහජනතාවට, මාධ්‍යවේදීන්ට මෙන්ම ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට නිවැරදි, විශ්වසනීය හා කඩිනම් තොරතුරු ලබාදීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

ඒ අනුව තම ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම්, 011-7966366 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය සඳුදා සිට සිකුරාදා දක්වා - පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වාත් සෙනසුරාදා - පෙ.ව. 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වාත් ක්‍රියාත්මක වන බවද සඳහන්.

මෙම දුරකථන අංකය ඔස්සේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු සහ පැමිණිලි වාර්තා කිරීම, මාධ්‍යවේදීන් සඳහා ඩෙංගු රෝග ව්‍යාප්තිය, මර්දනය සහ පාලනය සම්බන්ධ නිල තොරතුරු ලබාගැනීම සිදු කළ හැකිය.

එමෙන්ම ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන්ට අවශ්‍ය උපදෙස් හා තොරතුරු ලබා ගැනීම, ඩෙංගු මර්දනයට අදාළ අනෙකුත් සියලු තොරතුරු ලබා ගැනීම සහ වාර්තා කිරීම ද මෙම මෙහෙයුම් මැදිරිය හරහා සිදු කළ හැකි වේ.

ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙයවීමෙන් Clean Sri Lanka ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව හා පොලිසිය, ජනමාධ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පැවැත්වුණි.

දැනට වසංගතය පාලනය කිරීම සඳහා සිදු කර ඇති කාර්යයන් සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කාර්යයන් පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබේ.

ජාතික සෞඛ්‍ය හදිසි මෙහෙයුම් මාධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක වෛද්‍ය අසංක වෙදමුල්ල මහතා, ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂතුමා, Clean Sri Lanka කාර්යාලයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව සහ පොලිස් නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියේය.

ඒ අනුව බස්නාහිර පළාතේ ඩෙංගු අධිඅවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි මෙම විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම අද (05) සිට ක්‍රියාත්මක වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම, කඩුවෙල, හෝමාගම, ගොතටුව, බත්තරමුල්ල, පිළියන්දල සහ කොළඹ මහනගර සභාව යන ඩෙංගු අධි අවදානම් ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන මෙහෙයුම් සිදු කිරීමට නියමිතය.

ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, සීදුව, ජාඇල, මහර, වත්තල, මිගමුව සහ මිනුවන්ගොඩ යන ප්‍රදේශවලත් කළුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය සහ කළුතර යන ප්‍රදේශවලත් මෙම විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුම් සිදු කරනු ඇත.

මෙම මෙහෙයුම ජනාධිපති කාර්යාලය වෙනුවෙන් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කෙරේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා,

''විශේෂයෙන්ම ඩෙංගු සම්බන්ධයෙන් තමන්ට තියෙන තොරතුරක් හෝ රජයට දැන්විය යුතු තොරතුරක් පවතිනවා නම් තමන්ගේ ගෙදර හෝ තමන් දන්න ස්ථානයක ඩෙංගු වසංගතය වර්ධනය වන ආකාරයේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා කියන එක දන්නවා නම්, ඒ සඳහා තොරතුරු තියෙනවා නම්, මහජනතාවට මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්.. නිලධාරීන් සූදානම් වෙලා ඉන්නවා ඔබේ තොරතුරු ලබාගන්න. මේ ඔබ ලබාදෙන තොරතුරු සඳහා ක්‍රියාමාර්ග ගන්න මෙහෙයුම් මැදිරිය සූදානමින් ඉන්නවා. ඊට අමතරව මහජනතාවට විශේෂයෙන් දැන්විය යුතු කාරණයක් තියෙනවා.. ඔබේ නිවස, ඔබට ඔබට අයිතිය තියෙන පරිශ්‍රයන් ඒවා ඉතාම පරිස්සමෙන් ඉතාම වුවමනාවෙන් නඩත්තු කරගන්න ඩෙංගු බෝවන ආකාරයේ ක්‍රියාකාරකම්වල, ඩෙංගු කීටයන් බෝවන ආකාරයේ ක්‍රියාකාරකම්වල යෙදෙන්න එපා.. එවැනි ස්ථාන ගොඩනැගිලා තියෙනවා නම් ඒවා පිරිසිදු කරන්න. තවත් කාරණයක් කිව යුතුයි. එසේ නොකරනවා නම් ඒ සඳහා පවතින නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ සියලු අංශ සූදානමින් ඉන්නවා. නීතිය ක්‍රියාත්මක කිරීමේදී කිසිඳු කෙනෙකුගේ තත්වය, තරාතිරම බලන්නේ නැහැ. අනතුරු ඇඟවීමක් හැටියට නෙවෙයි සඳහන් කරන්නේ. නීතිය ක්‍රියාත්මක කරන්න රජය ඉතා තදින් තීරණය කරලා තියෙනවා.''

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana