header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ටෙහරානය එකම හිස්ගොඩක් වෙයි - ආරක්ෂාවත් තර කෙරේ
Jul 04, 202601:33 PM
ටෙහරානය එකම හිස්ගොඩක් වෙයි - ආරක්ෂාවත් තර කෙරේ
Mobitel 1278

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය අද (4) අලුයම සිට නිල වශයෙන් ආරම්භ විය.

ඉකුත් පෙබරවාරි 28 වැනිදා එල්ල වූ එම ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත් වුවද, එකල පැවති දැඩි යුද වාතාවරණය හේතුවෙන් ඉස්ලාමීය සම්ප්‍රදායට අනුව වහාම භූමදාන කටයුතු සිදු කිරීමට නොහැකි විය.

ඒ අනුව ඔහුගේ අභාවයෙන් මාස 4ක් ඉක්මවා ගිය පසු සිය ආධ්‍යාත්මික නායකයාට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව මේ වන විට ඉරාන ජනතාවට හිමිව තිබේ.

ඉරාන ජාතික ධජයෙන් ආවරණය කරන ලද කමේනිගේ දේහය මේ වන විට ටෙහෙරාන් නුවර පිහිටි ග්‍රෑන්ඩ් මොසල්ලා ඉස්ලාම් දේවස්ථානයේ තැන්පත් කර ඇත.

තම නායකයාගේ වියෝවෙන් සංවේදී වූ දහස් සංඛ්‍යාත ඉරාන වැසියන් අලුයම සිටම දිගු පෝලිම්වල රැඳී සිටි අතර, යාඥා සංකීර්ණයේ දොරටු විවෘත කිරීමත් සමඟ ඔවුහු අවසන් ගෞරව දැක්වීම සඳහා ඇතුළු වූහ.

මෙම අවස්ථාවට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙශ්කියන්, විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි සහ ඉරාන විප්ලවීය මුරභට බළකායේ වැඩබලන ප්‍රධානී අහ්මඩ් වහීඩි ඇතුළු ඉරානයේ දේශපාලන හා මිලිටරි ප්‍රබලයින් රැසක් එක්ව සිටියහ.

වසර 37ක් පුරා ඉරානයට නායකත්වය දුන් මෙම ආධ්‍යාත්මික නායකයාට අවසන් ගෞරව දැක්වීම සඳහා රටවල් 100කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරු එක්ව සිටිති.

ඊට අමතරව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්, හමුදාපති අසීම් මුනීර් මෙන්ම රුසියාව, චීනය, ඉරාකය, ඇෆ්ගනිස්තානය, තුර්කිය, ඉන්දියාව සහ බංග්ලාදේශය ඇතුළු රටවල් රැසක රාජ්‍ය නියෝජිතයෝ ද මේ සඳහා සහභාගී වී සිටිති.

අවමංගල්‍ය උත්සවය හේතුවෙන් ටෙහෙරාන් නගරයේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන දින කිහිපයකට වසා දමා ඇති අතර, ප්‍රධාන මාර්ග රැසක දැඩි රථවාහන සීමාවන් පනවා ඇත.

නගරයේ ආරක්ෂාව උපරිමයෙන් තර කර ඇති අතර, ගුවන් සීමාවන්ද තාවකාලිකව වසා දමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අයතොල්ලා අලි කමේනිගේ දේහය දින 3ක් පුරා ටෙහෙරාන් නුවර තැන්පත් කර තැබීමෙන් අනතුරුව, ඉරානයේ ෂියා දහමේ ශුද්ධ වූ නගරයක් වන කොම් නුවර වෙත දේහය රැගෙන යනු ලබයි.

ඉන් අනතුරුව ඉරාකයේ පිහිටි ෂියා මුස්ලිම්වරුන්ගේ ශුද්ධ වූ නගර වන නජාෆ් සහ කර්බාලා වෙත දේහය රැගෙන ගොස්, කමේනිගේ උපන් නගරය මෙන්ම ෂියා මුස්ලිම්වරුන්ගේ ආධ්‍යාත්මික අගනුවර ලෙස සැලකෙන මෂාඩ් නුවර පිහිටි ඉමාම් රේසා දේවස්ථානයේදී දේහය භූමදානය කිරීමට නියමිතය.

ඉරාන බලධාරීන් ප්‍රකාශ කරන්නේ භූමදාන කටයුතුවලින් පසුව ද දින 40ක් පුරා රට පුරා නිල අනුස්මරණ උත්සව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවය.

MostRead
Mobitel 1278
VideoStories
 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

අධිවේගී දුම්රිය දෙකක් ගැටී ස්පාඤ්ඤයේ මාරක අනතුරක්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

CCTV කඩේට පැන්න සොරා CCTV කැමරාවේ.. රන් මුද්දකුත් අරන් ගිහින්

 කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබූ සිද්ධිය.. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා යළි රිමාන්ඩ්

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය නාමල්ට අද දුන් නියෝගය...

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

රතු ලංගමේ කළු කරපු තෙල් ප්‍රහාරය..

 අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

අපේ ක්‍රිකට් අනාගතය සුබ වෙයිද?

 කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

කස්සප හිමි හෝටලයට වැඩිය කතාව ගැන භික්ෂූන්වහන්සේ පිරිසකගෙන් පැහැදිලි කිරීමක්

 පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

පොලිස් අත්අඩංගුවේදී මියගිය ඉෂාරගේ අවසන් කටයුතු හෙට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana