header logo
SLIC
උණුසුම් පුවත්
කරන්නාගොඩ අද අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය
Jul 03, 202607:15 PM
කරන්නාගොඩ අද අත්අඩංගුවට ගත් නඩුවේ සම්පූර්ණ විස්තරය
Mobitel 1278

හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම විසින් අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවාගැනීම සම්බන්ධයෙන් කරන විමර්ශනයට අදාළවය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරුණු අතර ඔහුට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.

නියමිත සුදුසුකම් සපුරා නොතිබියදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ 2006 වසරේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක ශිෂ්‍යභට අංශයට නිලධාරීයෙකු ලෙස බඳවා ගැනීම සහ එතෙක් පැවති ක්‍රියාපටිපාටියෙන් පරිබාහිරව ඔහු බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා යොමුකිරීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට විමර්ශනයක් සිදු කරයි.

එහි පළමු සැකකරු ලෙස පසුගිය ජුනි 17 වනදා අත්අඩංගුවට ගැනුණු යෝෂිත රාජපක්ෂ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරිණි.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු නාවික හමුදාපති ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසමට අද (03) කැඳවා තිබුණි.

ප්‍රකාශ ලබාගැනීමෙන් පසු එම කොමිසම විසින් හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර අල්ලස් කොමිසම වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ රුවිනි වික්‍රමසිංහ මහත්මිය අධිකරණයට වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළාය.

"ස්වාමිනි, සුදුසුකම් ඇති ඉල්ලුම්කරුවන්ට අවස්ථාව අහිමිකරමින් සුදුසුකම් නොමැතිව යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගැනීම සම්බන්ධයෙනුයි මෙම පැමිණිල්ල. නාවික නිලධාරීන් සඳහා බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පවත්වන පුහුණු පාඨමාලාවක් සඳහා සිවිල් පුරවැසියෙක් විදිහට සිටි යෝෂිත රාජපක්ෂගේ නම යොමු කරලා තියෙන්නේ මේ සැකකරු. ඔහු එවකට නාවික හමුදාපතිවරයා. යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවාගන්න ලහිලහියේ කටයුතු සුදානම් වෙද්දි මොහු අවස්ථා දෙකකදී යෝෂිත රාජපක්ෂ බඳවාගැනීමට නියමිත අංශය වූ විධායක ශිෂ්‍යභට අංශයේ බඳවාගැනීමේ සුදුසුකම් නිර්ණායක වෙනස් කරලා තියෙනවා. සෙසු අයදුම්කරුවන්ගේ අධ්‍යාපන සහතිකපත් අධ්‍යාපන සුදුසුකම් පරික්ෂා කිරීමට විභාග දෙපාර්තමේන්තුවට යැව්වාට යෝෂිත රාජපක්ෂගේ අධ්‍යාපන සහතිකපත් එලෙස යවා නැහැ. පළමු අවස්ථා සුදුසුකම් වෙනස් කර පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් පසුවද, අවම සුදුසුකමක් වූ සාමාන්‍ය පෙළ සිංහල විෂයට සම්මාන සාමාර්ථයක් තිබිය යුතු වීමේ සුදුසුකම යෝෂිත රාජපක්ෂට තිබී නැහැ. ඔහුට තිබී ඇත්තේ සිංහල විෂයට සාමාන්‍ය සාමාර්ථයක් නැතිනම් S සාමාර්ථයක්. පසුව දෙවන වරටත් මෙම සැකකරු යෝෂිත රාජපක්ෂ බඳවාගැනීමට හැකිවන සේ ඔහුගේ සුදුසුකම්වලට සරිලන ලෙස බඳවාගැනීමේ සුදුසුකම් වෙනස්කර තිබෙනවා."

මෙහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පැමිණිල්ලෙන් සැකකරුට අප ලබාදීමට පැමිණිල්ල විරුද්ධදැයි මෙසේ විමසා සිටියේය.

" සිද්ධිමය කරුණු බැලුවාම වරදක් වී ඇති බවට සාධාරණ සැකයක් මතුවන කරුණු ඇතැයි පැහැදිලියි. මේ අවස්ථාවේ ප්‍රශ්නගතවෙලා තියෙන්නේ ඇප සම්බන්ධයෙන්. සැකකරුට ඇප ලබාදීමට පැමිණිල්ල විරුද්ධද?"

ඊට පිළිතුරු දුන් අල්ලස් කොමිසමේ නිලධාරිනිය, විමර්ශන අවසන් අදියරේ පවතින බවත්, ප්‍රකාශ කිහිපයක් සටහන් කිරීමට නියමිත බැවින් එතෙක් සැකකරුට ඇප ලබාදීමට විරුද්ධ බවත් සඳහන් කළේය.

එහිදී සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇප අයැද සිටියේය.

"ස්වාමිනි, එවකට යුද්ධය පැවති සමයේ සීමිත පිරිසක් හමුදාවට බැඳුණේ. බඳවාගැනීම් වැඩිකරන්න ආරක්ෂක කවුන්සිලයෙන් තීරණය කළා. යුද හමුදාවට 50,000ක්, නාවික හමුදාවට 25,000ක් සහ ගුවන් හමුදාවට 15,000ක් බඳවාගත්තා. රටේ ජනාධිපතිවරයාගේ පුතා හමුදාවට බැඳෙන එක අනෙක් දෙමව්පියන්ට තම දරුවන් හමුදාවට බැඳෙන්න උත්තේජනයක් සපයන නිසයි මේ බඳවාගැනීම සිද්ධවුණේ. මේ සැකකරු විවාහකයි. ඔහුට දරුවන් නැහැ. ඔහුගේ බිරිඳ දැඩි ලෙස අසාධ්‍යව රෝගිව ඉන්නේ. මොහු රිමාන්ඩ් කළොත් ඇයව බලාගන්න පවුලේ කවුරුත් නැති වෙනවා. එබැවින් මොහු ඇපමත මුදා හරින්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. "

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා සැකකාර හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටද නියෝග කෙරුණු අතර නීති කෘත්‍ය එළඹෙන අගෝස්තු 04 වැනිදා යළි කැඳවීමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව