
පාකිස්තානයේ බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එරට බලධාරීන්ගේ ප්‍රකාශයක් උපුටාදක්වමින් එම මාධ්‍ය වාර්තා කළේ, අධිවේගී මාර්ගයක ගමන් කළ මෙම බස් රථයක් පාෂාණමය මිටියාවතකට පෙරළී ගොස් ඇති බවය.
මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ, පාකිස්ථානයේ ක්වේටා සිට පෙෂාවර් දක්වා ගමන් කරමින් තිබූ බස් රථයකි.

















































