header logo
SLIC
උණුසුම් පුවත්
පෘතුගාලය හමුවේ ක්‍රොඒෂියාව දණ නමයි - ස්පාඤ්ඤයෙන් ඔස්ට්‍රියාවට දැවැන්ත ප්‍රහාරයක්
Jul 03, 202608:35 AM
පෘතුගාලය හමුවේ ක්‍රොඒෂියාව දණ නමයි - ස්පාඤ්ඤයෙන් ඔස්ට්‍රියාවට දැවැන්ත ප්‍රහාරයක්
EDEX

පාපන්දු ක්‍රීඩාලෝලීන්ට අස්වැසිල්ලක් එක් කරමින් ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යුත් පෘතුගාල කණ්ඩායම මෙවර පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට අද (03) සුදුසුකම් ලබා ගත්තේය.

ඒ, තියුණු තරගයකින් අනතුරුව ක්‍රොඒෂියාව ගෝල 2-1ක් ලෙස පරාජය කරමිනි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වැඩිම අවධානයක් දිනාගත් තරගයක් වූ පෘතුගාලය සහ ක්‍රොඒෂියාව අතර තරගය ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ක්‍රීඩාලෝලීන් 40,000කට අධික පිරිසක් තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අතර, දෙපිලම පළමු අර්ධයේදී ගෝලයක් වාර්තා කිරීමට අපොහොසත් විය.

දෙවැනි අර්ධයේ 53 වැනි මිනිත්තුවේදී ඉවාන් පෙරිෂිච් ක්‍රොඒෂියාව වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේ පෘතුගාල ප්‍රේක්ෂකාගාරය නිහඬ කරමිනි.

61 වැනි මිනිත්තුවේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝලයක් වාර්තා කළ ද, එය අවලංගු කිරීමට තරග විනිසුරු තීරණය කළේය.

කෙසේ වෙතත්, 66 වැනි මිනිත්තුවේදී පෘතුගාලයට හිමි වූ දඬුවම් පහර සාර්ථක කරගත් රොනාල්ඩෝ සිය කණ්ඩායම වෙනුවෙන් සමකරන ගෝලය වාර්තා කළේය.

තරගය අවසන් වීමට මිනිත්තු හතරක් පමණ තිබියදී ගොන්සාලෝ රාමෝස් පෘතුගාලය වෙනුවෙන් ජයග්‍රාහී දෙවැනි ගෝලය වාර්තා කළේය.

අවසන් මොහොතේ ක්‍රොඒෂියාව තවත් ගෝලයක් වාර්තා කළ ද, එය ද අවලංගු කෙරුණු අතර, ගෝල 2-1ක ජයක් සමඟ පෘතුගාලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

එම වටයේදී පෘතුගාලය ස්පාඤ්ඤය සමඟ තරග වැදීමට නියමිතය.

තරගයෙන් අනතුරුව රොනාල්ඩෝ ඇතුළු පෘතුගාල කණ්ඩායම පසුගිය වසරේ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පෘතුගාල ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ඩියෝගෝ ජෝටා සිහිපත් කළහ.

මේ අතර, වසර 16කට පසු පළමු වරට ලෝක කුසලාන තරගාවලියේ පිළිමලුන් පිටුදැකීමේ වටයේ තරගයක් ජය ගනිමින් ස්පාඤ්ඤය ද අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

අවසන් 32 දෙනාගේ වටයේ 11 වැනි තරගය ලෙස ස්පාඤ්ඤය සහ ඔස්ට්‍රියාව අතර තරගය ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තරගයේ පළමු මිනිත්තු 35 තුළ කිසිදු කණ්ඩායමකට ගෝලයක් වාර්තා කිරීමට නොහැකි විය.

36 වැනි මිනිත්තුවේදී මිකෙල් ඔයාර්සාබාල් ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර, එම ගෝලයත් සමඟ පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස ස්පාඤ්ඤයේ වාසියෙන් අවසන් විය.

දෙවැනි අර්ධයේදී පෙඩ්‍රෝ පොරෝ ස්පාඤ්ඤයේ දෙවැනි ගෝලය වාර්තා කළ අතර, 88 වැනි මිනිත්තුවේදී යළිත් ගෝලයක් රැස් කළ මිකෙල් ඔයාර්සාබාල් ස්පාඤ්ඤයේ ජය තහවුරු කළේය.

ඒ අනුව ගෝල 3-0ක විශිෂ්ට ජයක් වාර්තා කළ ස්පාඤ්ඤය ද අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana