
හෝමාගම බස් ඩිපෝ පරිශ්‍රය තුළ මදුරුවන් බෝවන ස්ථාන පැවතීම හේතුවෙන් එම ඩිපෝවට රුපියල් 25,000ක දඩයක් නියම කිරීමට හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (02) නියෝග කර තිබේ.
හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පිටිපන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නඩුව පවරා තිබුණි.
අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් මෙම නඩුව ගොනු කිරීමට ප්‍රථම, ඩිපෝ පරිශ්‍රය පිරිසිදු කරන ලෙස දැනුම් දෙමින් අවස්ථා හතරකදී (04) රතු නිවේදන නිකුත් කර තිබූ බවද අධිකරණයේදී අනාවරණය විය.

















































