ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අගෝස්තුවේදී ශ්‍රී ලංකාවට

ඉන්දීය ටෙස්ට් කණ්ඩායම අගෝස්තුවේදී ශ්‍රී ලංකාවට

July 2, 2026   03:16 pm

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය පිරිමි ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (2) නිවේදනය කළේය.

මෙම තරගාවලිය 2025–2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව පැවැත්වේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 වනදා සිට 19 වනදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

දෙවන ටෙස්ට් තරගය අගෝස්තු 23 වනදා සිට 27 වනදා දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.