header logo
SLIC
උණුසුම් පුවත්
තැන තැන සිදුවන මාරක අනතුරු - ජීවිත හයක් අහිමි වෙයි
Jul 01, 202611:10 AM
තැන තැන සිදුවන මාරක අනතුරු - ජීවිත හයක් අහිමි වෙයි
Mobitel 1278

කොළඹ - කුරුණෑගල මාර්ගයේ රංජනගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (30) යතුරුපැදියක් සහ බස්රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 33 හා 35 යන වයස්වන පසුවන පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

අනතුර සම්බන්ධයෙන් බස්රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

මේ අතර ඊයේ (30) උදෑසන මිනුවන්ගොඩ පොලිස් වසමේ මිනුවන්ගොඩ දිවුලපිටිය මාර්ගයේ බල්ලපාන ප්‍රදේශයේදී දිවුලපිටිය දෙසට ධාවනය වූ කාර් රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරුව යතුරුපැදිය පෙරළී ගොස් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයකද ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා හොරගස්මුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මරණකරු අවුරුදු 25ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කාර් රථයේ හා වෑන් රථයේ රියැදුරන් අත්අඩංගුවට ගෙන ඇති අතර මිනුවන්ගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මහව පොලිස් වසමේ පාදෙණිය අනුරාධපුර මාර්ගයේ දළදාගම ප්‍රදේශයේදී පාදෙණිය දෙසට ධාවනය වූ වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කොන්ක්‍රීට් කාණුවකට වැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් වෑන් රථයේ ගමන්කළ කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා මහව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් කාන්තාවක් මියගොස් ඇත.

අනෙක් කාන්තාවන් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත මාරුකර යවා ඇත.

මරණකාරිය වයස අවුරුදු 80ක් වූ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මේ අතර, අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර තිසාවැව මාර්ගයේ අනුරාධපුර දෙසට ධාවනය වූ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක හා කාර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකාරිය හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පසුපැදිකාරිය මියගොස් ඇත.

මරණකාරිය වයස අවුරුදු 60ක් වූ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කැබ් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අනුරාධපුර පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

අතුරුගිරිය පොලිස් වසමේ අතුරුගිරිය කොට්ටාව මාර්ගයේ වල්ගම ප්‍රදේශයේදී ඊයේ (30) අතුරුගිරිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළීගොස් විරුද්ධ දෙසින් පැමිණි ජීප් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු බරපතළ තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පැදිකරු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 40ක් වූ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අතුරුගිරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...