header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Jun 30, 202604:52 PM
IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Mobitel 1278

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය මෙන්ම, රටේ උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටීම සහ ආර්ථිකය ස්ථාවරත්වය IMF නියෝජිතයින් විසින් ඇගයීමට ලක් කර තිබේ.

ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය සහ රටේ සංවර්ධනයේ ඉදිරි අදියර සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (30) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

එහිදී පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් එම පිරිස අවධාරණය කළේ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් මතුව ඇති අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දීමට සූදානම් බවය.

එහිදී අග්‍රාමාත්‍යවරිය විසින්, පසුගිය වසර එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළ කළ අතර, ඉදිරියටත් දෙපාර්ශවය අතර හවුල්කාරිත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළාය.

ගෝලීය අවිනිශ්චිතතා හමුවේ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය ඉදිරි ගමන් මඟ සකස් කරගත යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන් අතර විශේෂයෙන්ම වෙනස්වන ගෝලීය ප්‍රවණතාවන් හමුවේ බලශක්ති, වරාය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, රටේ බාහිර කම්පනවලට මුහුණ දීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද සඳහන් කළාය.

වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම, සියල්ල ඇතුළත් ආර්ථිකයක් ගොඩ නැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සංවර්ධනය ළඟා කරගැනීමේ දී ආර්ථික සංවර්ධනය සහ සමාජ ආරක්ෂණය යන දෙකම සමඟ ඉදිරියට යා යුතු බවත් එය ළඟා කර ගැනීම සඳහා අපද්‍රව්‍ය කළමනාකරණය සහ අපජල පද්ධති වැනි ක්ෂේත්‍ර ඇතුළුව ශක්තිමත් පොදු යටිතල පහසුකම් අත්‍යවශ්‍ය බවද අග්‍රාමත්‍යවරිය පෙන්වා දී තිබේ.

එසේම, කාර්යක්ෂම රාජ්‍ය සේවා සැපයීමට බාධාවක් වී ඇති මානව සම්පත් ගැටළු සඳහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍යවරයි තවදුරටත් අවධාරණය කළාය.

MostRead
Mobitel 1278
VideoStories
පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

 සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට පාර්ශව රැසකින් දැඩි චෝදනා

 කාවන්තිස්සට වෙඩි තැබීමේ සැකකරුවන් නොවැම්බර් 11 දක්වා රිමාන්ඩ්...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

ගංවතුරට බිලි වූ මිනිස් ජීවිතය...

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

බෙංගාල බොක්ක 31 වැනිදා යළි කැලඹෙයි - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana