header logo
SLIC
උණුසුම් පුවත්
IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Jun 30, 202604:52 PM
IMF නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
Mobitel 1278

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආර්ථික ප්‍රගතිය මෙන්ම, රටේ උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටීම සහ ආර්ථිකය ස්ථාවරත්වය IMF නියෝජිතයින් විසින් ඇගයීමට ලක් කර තිබේ.

ශ්‍රී ලංකාව ලබා ඇති ආර්ථික ප්‍රගතිය සහ රටේ සංවර්ධනයේ ඉදිරි අදියර සාකච්ඡා කිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (30) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

එහිදී පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමින් එම පිරිස අවධාරණය කළේ ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවයන් හේතුවෙන් මතුව ඇති අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිය සහයෝගය ලබා දීමට සූදානම් බවය.

එහිදී අග්‍රාමාත්‍යවරිය විසින්, පසුගිය වසර එකහමාරක කාලය තුළ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදුන් අඛණ්ඩ සහයෝගයට සිය කෘතඥතාව පළ කළ අතර, ඉදිරියටත් දෙපාර්ශවය අතර හවුල්කාරිත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළාය.

ගෝලීය අවිනිශ්චිතතා හමුවේ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය ඉදිරි ගමන් මඟ සකස් කරගත යුතු බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන් අතර විශේෂයෙන්ම වෙනස්වන ගෝලීය ප්‍රවණතාවන් හමුවේ බලශක්ති, වරාය සහ කෘෂිකාර්මික ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, රටේ බාහිර කම්පනවලට මුහුණ දීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද සඳහන් කළාය.

වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම, සමාජ ආරක්ෂණය ශක්තිමත් කිරීම, සියල්ල ඇතුළත් ආර්ථිකයක් ගොඩ නැගීම සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

සංවර්ධනය ළඟා කරගැනීමේ දී ආර්ථික සංවර්ධනය සහ සමාජ ආරක්ෂණය යන දෙකම සමඟ ඉදිරියට යා යුතු බවත් එය ළඟා කර ගැනීම සඳහා අපද්‍රව්‍ය කළමනාකරණය සහ අපජල පද්ධති වැනි ක්ෂේත්‍ර ඇතුළුව ශක්තිමත් පොදු යටිතල පහසුකම් අත්‍යවශ්‍ය බවද අග්‍රාමත්‍යවරිය පෙන්වා දී තිබේ.

එසේම, කාර්යක්ෂම රාජ්‍ය සේවා සැපයීමට බාධාවක් වී ඇති මානව සම්පත් ගැටළු සඳහා විසඳුම් සෙවීමේ අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍යවරයි තවදුරටත් අවධාරණය කළාය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව