
මෙරට සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය අද (30) දින දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සොයා බැලීමට සහ IMFහි 'විස්තීර්ණ අරමුදල් පහසුකම' යටතේ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා පසුගිය ජූනි මස 24 වන දින දිවයිනට පැමිණියේය.
මැදපෙරදිග යුද වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකා බලධාරීන් ගත් කඩිනම් පියවර නිසා රටේ ආර්ථික සහ සමාජයීය ස්ථාවරත්වය රැක ගැනීමට හැකි වූ බව මෙම සාකච්ඡාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා ප්‍රධානී ඊවන් පැපගෙයෝර්ගියු පවසා තිබේ.
එමෙන්ම, රට තුළ ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ නිසා මෙවැනි අර්බුදවලට මුහුණදීමට අවශ්‍ය ශක්තිය ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.




















































