header logo
SLIC
විශේෂාංග
ඩෙංගු දූමායනයෙන් පරිසරයට හානි සිදුවන බවට අනාවරණයක්
Jun 28, 202601:28 PM
ඩෙංගු දූමායනයෙන් පරිසරයට හානි සිදුවන බවට අනාවරණයක්
Mobitel 1278

ඩෙංගු මදුරුවන් මර්ධනය කිරීම සඳහා සිදුකරන දූමායන ක්‍රියාවලිය සාර්ථක ක්‍රියාමාර්ගයක් නොවන අතර, ඒ හරහා පරිසර හානියක් සිදුවන බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹදී අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තියත් සමඟ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස මගින් දූමායන කටයුතු සිදුකළද එය ඩෙංගු මර්ධනයට ඇති එකම විසඳුම නොවන බවය.

මදුරුවෙකුගේ ජීවන චක්‍රය තුළ බිත්තර, කීටයා, පිළවා සහ වැඩුනු මදුරුවා ලෙස අවස්ථා හතරක් පවතින නමුත් දූමායනය මගින් විනාශ වන්නේ වැඩුනු මදුරුවා පමණක් වන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම එක් වටයක් දූමායනය කිරීම සඳහා රුපියල් 20,000 අධික මුදලක් වැයවන අතර, මෙම කෘමිනාශක හේතුවෙන් මදුරුවන් පමණක් නොව පරිසරයට හිතකර මෙන්ම පරාගන කටයුතු සිදුකරන මී මැස්සන් සහ බත්කූරන් වැනි කෘමීන්ද මියයෑමෙන් පරිසරයට විශාල හානියක් සිදු වන බවද නජිත් සුමනසේන මහතා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන මහතා,

"ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමත් සමඟම, ඒ ඒ ඩෙංගු රෝගියා වාර්තා වෙන ප්‍රදේශයට අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය මෙහෙයවීමෙන් ධූමායනය කටයුතු සිදු කරනවා. ඉතින් ජනතාව බොහෝ විට අපේක්ෂා කරනවා මේ ධූමායනය සිදුකිරීම ඩෙංගු රෝග මර්ධනයට තියෙන එකම විසඳුම කියලා. අපි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන් විදිහට කියන්න කැමතියි, ධූමායනයෙන් මැරෙන්නේ වැඩුනු මදුරුවා පමණයි. මදුරුවාගේ අවස්ථා හතරක් තියෙනවා. බිත්තර, කීටයා, පිළවා, වැඩුනු මදුරුවා. මෙයින් වැඩුනු මදුරුවා විතරයි ධූමායනයේදී මිය යන්නේ. එක වටයක් ධූමායනය කිරීම සඳහා රුපියල් විසිදහසකට අධික මුදලක් වැය වෙනවා. ධූමායනය කිරීමේ තියෙන තවත් ගැටලුවක් තමයි, මදුරුවා පමණක් නෙමෙයි මැරෙන්නේ.. බත්කූරෝ, මී මැස්සෝ ඒ වගේ ඵලදාව සහ පරාගනය සිදු කරන අපේ හිතවත් කෘමීන් මේ නිසා බොහෝ විට මිය යනවා. ඒක හින්දා පරිසරයට විශාල හානියක් සිද්ධ වෙනවා ධූමායනයෙන්. ඒ නිසා ධූමායනය සිදු කරන්නේ විද්‍යානුකූලව අත්‍යවශ්‍ය හේතු මත පමණයි."

"ධූමායනය සඳහා තියෙන ඉඩකඩ ඒ වගේම ධූමායනය සඳහා කටයුතු කිරීම නිසා පරිසරය හානිය මෙන්ම තමන්ගේ ජීවිතවලටත් යම් යම් කෘමිනාශකවල බලපෑමක් ඇතිවෙන්න පුළුවන් තියෙන රෝගී තත්ත්වයන් අනුව. ඒ නිසා අපි විද්‍යානුකූලව ජනතාව දැනුවත් කරලා අත්‍යවශ්‍ය ස්ථානවල පමණයි ධූමායනය කරන්නේ. සමහර ධූමායනය කිරීම් සඳහා දිගින් දිගටම කෘමිනාශක යෙදීමෙන් කෘමිනාශක ප්‍රතිරෝධ දක්වන ස්වභාවයක් ඇතිවෙනවා. ඒ නිසා දිගින් දිගටම කෘමිනාශක යෙදීමත් සුදුසු නොවෙයි. අපි දන්නවා මැලේරියා මර්ධනයේදී ඩීඩීටී කෘමිනාශකය යෙදුවා ප්‍රථමයෙන්. ඊට පස්සේ මැලතියන්, ඊට පස්සේ සෝල්ෆැක්, අයිකොන්, මේ විදිහට කෘමිනාශක වෙනස් කරන්න සිද්ධ වුණා ප්‍රතිරෝධය නිසා. ඒ නිසා මේ මදුරුවන් මර්ධනය කිරීමේදී කෘමිනාශක ප්‍රතිරෝධය ඇතිවෙන නිසා නිරන්තරයෙන් මේ කෘමිනාශක භාවිතය සුදුසු නොවන බව අපි කියන්න කැමතියි."

මේ අතර ඩෙංගු රෝගය වැළදීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 31 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කළේ ඊයේ දිනය වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 52,068 දෙනෙකු හදුනා ගෙන ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි