header logo
SLIC
උණුසුම් පුවත්
දන්ත වෛද්‍ය සංගමයේ 93වන විද්‍යාත්මක සැසිවාරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
Jun 27, 202605:03 PM
දන්ත වෛද්‍ය සංගමයේ 93වන විද්‍යාත්මක සැසිවාරය අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
Mobitel 1278

දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 93 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම සැසිය හරහා මෙරට මුඛ සෞඛ්‍ය සම්බන්ධයෙන් විද්‍යාත්මක අත්හදාබැලීම්, රෝග වැළැක්වීම සහ සියලු දෙනාටම ප්‍රවේශ විය හැකි සෞඛ්‍ය සේවාවන් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමු ව ඇත.

මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතින් රන් පදක්කම්ලාභී වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන්, පර්යේෂකයන් සහ ශිෂ්‍යත්වලාභීන් ඇගයීමටලක් වූ අතර එම ජයග්‍රහණ ශ්‍රී ලංකාවේ නවෝත්පාදන මූලික කරගත් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් බිහිකිරීම සඳහා අධ්‍යාපනය ආයතනවල කැපවීම පිළිබිඹු කරන බව ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

දශක නවයකට අධික ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ කාර්යභාරය අගය කළ අග්‍රාමාත්‍යතුමිය, දැනුම ප්‍රවර්ධනය කිරීම සහ වෘත්තීය ප්‍රමිතීන් ආරක්ෂා කිරීම සඳහා එහි දීර්ඝකාලීන මෙහෙවර පැසසුමට ලක් කළාය.

මහජන සෞඛ්‍යය යනු රෝහල්වලට පමණක් සීමා වූවක් නොවන බවත්, යහපත් සෞඛ්‍යයක් ආරම්භ වන්නේ රෝග වළක්වා ගැනීමට උපකාරී වන සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකින් බවත් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා ය.

"මුඛ සෞඛ්‍යය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක අත්‍යවශ්‍ය අංගයක්. නිරෝගී සිනහවක් යනු ශක්තිමත් දත් තිබීම පමණක් නොවේ. එය යහපත් පෝෂණය, දරුවෙකුගේ ඉගෙනීමේ හැකියාව, වැඩිහිටියෙකුගේ වැඩ කිරීමේ හැකියාව මෙන්ම සෑම පුද්ගලයෙකුගේම සමස්ත යහපැවැත්ම සහ ගෞරවය සමඟ සෘජුවම සම්බන්ධ වනවා," යනුවෙන් ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

එහිදී ඇය සඳහන් කර සිටියේ දැනට බිලියන 3.5කට ආසන්න පිරිසක් මුඛ රෝගවලින් පීඩා විඳින බවත් මෙරට තුළ ද දරුවන් අතර දන්ත රෝග, වැඩිහිටියන් අතර විදුරුමස් ආශ්‍රිත රෝග මෙන්ම දුම්කොළ භාවිතය, මුඛ පිළිකා අභියෝග බවට පත් ව ඇති බවය.

එමෙන්ම බෝ නොවන රෝග ව්‍යාප්තිය අවම කිරීම සහ සෞඛ්‍ය සේවා පද්ධතියක් ශක්තිමත් කිරීම සඳහා රජය දැඩි ලෙස කැපවී සිටින බව අග්‍රාමාත්‍යතුමිය යළි අවධාරණය කළාය.

පාසල් දන්ත සෞඛ්‍ය සේවා සහ ප්‍රජා මූලික සෞඛ්‍ය වැඩසටහන් ඇතුළු සාර්ථක වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යන බව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී තවදුරටත් සඳහන් කළාය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ නවීන තාක්ෂණය යොදා ගැනීම, දේශීය පර්යේෂණ හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර භාවිතයන් මෙරට අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස යොදා ගනිමින් රටේ මහජන සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වන ලෙසය.

දන්ත වෛද්‍ය වෘත්තිය තුළ ලැබෙන කාන්තා දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යතුමිය, විශේෂඥ පුහුණුව, පර්යේෂණ, නායකත්වය සහ තීරණ ගැනීමේ ක්ෂේත්‍රවල සමාන අවස්ථා ද සහතික විය යුතු බවද පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව