header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
Jun 27, 202604:36 PM
කඩදාසි රහිතව සිදු කළ නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවය සාර්ථක බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි
Mobitel 1278

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙලේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සම්පූර්ණයෙන්ම කඩදාසි රහිත නීතිඥවරු දිවුරුම් දීමේ උත්සවයක් සාර්ථකව පැවැත්වීමට හැකි වූ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිවේදනය කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී මනෝදී හේවාවසම් මහත්මිය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ ඉකුත් දින පහක කාලය තුළ මෙම ක්‍රියාදාමය යටතේ නීතිඥවරු 735දෙනෙකු දිවුරුම් දීම සිදුවූ බවය.

මෙරට අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර මෙම දිවුරුම් දීමේ උත්සවය ශ්‍රේෂ්ඨාධිකරණ පරිපාලනය නවීකරණය කිරීම සඳහා ගනු ලැබූ පුළුල් පියවරයන්හි කොටසක් වශයෙන් සඳහන් කළ හැකිය.

මෙම උත්සවයේ ප්‍රධාන අංගයක් වූයේ ඩිජිටල් අත්සන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම වන අතර, එමඟින් නීතිඥවරුන්ට අවශ්‍ය සියලුම ලියකියවිලි ඉලෙක්ට්‍රොනික ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට සහ සත්‍යාපනය කිරීමට හැකි වේ.

ඩිජිටල්කරණය කරනු ලැබූ මෙම දිවුරුම් දීමේ උත්සවය හේතුවෙන් කඩදාසි 15,000කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉතිරි කර ගැනීමට හැකි වී තිබෙන බවත් නිවේදනයේ සඳහන් වේ.

මෙම වැඩපිළිවෙල හරහා අධිකරණ පද්ධතියේ විනිවිද භාවය හා කාර්යක්ෂමතාවය ද ශක්තිමත් වන අතර කඩදාසි භාවිතයෙන් මතුවන පාරිසරික බලපෑම අවම කිරීම තුළින් පරිසර සංරක්ෂණයට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වන කැපවීම මනාව පැහැදිලි වන බවත් එම නිවේදනයේ පෙන්වා දී තිබේ.

මෙම වැඩපිළිවෙල ශක්තිමත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙන්ම අභියාචනාධිකරණය ද මාර්ගගත ක්‍රමයට නඩු ගොනු කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර වාණිජ මහාධිකරණය ද ඉදිරි සතියේ විද්‍යුත් ක්‍රමවේදය යටතේ නඩු පැවරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

MostRead
Mobitel 1278
VideoStories
 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

පොලිස් දෙපාර්තමේන්තුවටම කළු පැල්ලමක් එක්කළ ඉෂාරගේ මරණය - සම්පූර්ණ විස්තරය මෙන්න

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ