header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ජනපති අනුර ප්‍රංශ සංචාරයකට සැරසෙයි
Jun 25, 202603:28 PM
ජනපති අනුර ප්‍රංශ සංචාරයකට සැරසෙයි
Mobitel 1278

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජුලි මස 16 වනදා ප්‍රංශයේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

එම සංචාරය අතරතුරදී, ලෝකයේ ප්‍රමුඛ නාවික ප්‍රවාහන සමාගමක් වන CMA CGM ආයතනයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී රොඩොල්ෆ් සාදේ මහතා සමඟ ජනාධිපතිවරයා හමුවක් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා ප්‍රකාශ කළේය.

ප්‍රංශ ආයෝජකයින් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට දැඩි උනන්දුවක් පවතින බවද තානාපතිවරයා සඳහන් කළේය.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ප්‍රංශ තානාපතිවරයා ප්‍රමුඛ ප්‍රංශ ආයෝජකයින් කණ්ඩායමක් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.

ආයෝජක කණ්ඩායමේ ප්‍රධානත්වය දැරූ CMA CGM ආයතනයේ ප්‍රධාන නියෝජ්‍ය සභාපතිනි ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය සඳහන් කළේ, තම සමාගම ලෝකයේ ප්‍රධාන වරායන්හි බහාලුම් පර්යන්ත 65කට වැඩි සංඛ්‍යාවක හිමිකාරීත්වය දරන ප්‍රමුඛ පෙළේ පර්යන්ත මෙහෙයුම් සමාගමක් බවයි.

කොළඹ වරායේ උපාය මාර්ගික පිහිටීම හේතුවෙන් බහාලුම් ප්‍රතිඅපනයන කටයුතු පුළුල් කිරීමට විශාල හැකියාවක් පවතින බවත්, හවුල් ව්‍යාපාර ආයෝජන හරහා බහාලුම් ප්‍රවාහන පරිමාව වැඩි කිරීමට අවධානය යොමු කරන බවත් ඇය පැවසුවාය.

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ දෙවන අදියර ව්‍යාපෘතිය පිළිබඳවද තම සමාගම අධ්‍යයනය කරමින් සිටින බව ඇය සඳහන් කළාය.

මේ වන විට කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට පැමිණෙන බහාලුම්වලින් සියයට 50කට වැඩි ප්‍රමාණයක් CMA CGM සමාගම සතු වන අතර, එම ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමට හැකියාව පවතින බවද ක්‍රිස්ටීන් කැබෝ මහත්මිය ප්‍රකාශ කළාය.

එමෙන්ම තම සමාගම සතු ගුවන් භාණ්ඩ ප්‍රවාහන අංශයේ හැකියාවන් භාවිත කරමින් ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට සහාය ලබාදීමට සූදානම් බවද ඇය සඳහන් කළාය.

කොළඹ වරායේ උපාය මාර්ගික වැදගත්කම හඳුනාගෙන ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ආයෝජක කණ්ඩායමට සිය ස්තූතිය පළ කළේය.

කොළඹ වරාය ඉන්දියානු සාගර කලාපයේ ලෝක මට්ටමේ ප්‍රධාන නාවික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම රජයේ ඉලක්කය බවත්, ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

අදාළ සාකච්ඡාව වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති අතර, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

MostRead
Mobitel 1278
VideoStories
 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

 නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

නිවන් පුර නුබ යන්න කලියෙන් එක් වරක් මගෙ පුතා වෙනවාද

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ