header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ මුවාවෙන් සිදුකරණ සූක්ෂ්ම WhatsApp මගඩියක්
Jun 23, 202603:03 PM
හැඳුනුම්පත් යාවත්කාලීන කිරීමේ මුවාවෙන් සිදුකරණ සූක්ෂ්ම WhatsApp මගඩියක්
Mobitel 1278

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල පණිවිඩයක ස්වරූපයෙන් WhatsApp හරහා පැමිණෙන සූක්ෂ්ම මූල්‍ය වංචාවක් පිළිබඳව වහාම අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඉතා නීත්‍යනුකූල සහ නිල ස්වරූපයෙන් මෙම වංචාව සිදුකරන බැවින් ඕනෑම අයෙකු මීට පහසුවෙන් ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බව එම ආයතනය පෙන්වා දෙයි.

වංචාකරුවන් විසින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල දුරකතන අංක, ඊමේල් ලිපිනයන් සහ කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග පරිදි නිකුත් කරන බව හැඟවෙන පරිදි සකස් කළ WhatsApp පණිවිඩයක් අදාළ පුද්ගලයා වෙත එවනු ලබයි.

එම පණිවිඩයේ,

"පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනතට අනුව, ඔබගේ ජාතික හැඳුනුම්පත් (NIC) තොරතුරු යාවත්කාලීන කිරීම සහ සත්‍යාපනය කිරීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට නිල වශයෙන් ආරාධනා කරනු ලැබේ..." යනුවෙන් සඳහන් වේ.

මීට අමතරව, පණිවිඩය ලබන තැනැත්තාගේ සම්පූර්ණ නම, හැඳුනුම්පත් අංකය සහ ලිපිනය ද එහි නිවැරදිව සඳහන් කර ඇති බැවින් කිසිවෙකුටත් මේ පිළිබඳව සැකයක් උපදින්නේ නැත. තොරතුරු යාවත්කාලීන කිරීම සඳහා පැමිණිය යුතු දිනය, වේලාව, ස්ථානය මෙන්ම රැගෙන ආ යුතු මුල් ලේඛන සහ ජෛවමිතික සත්‍යාපන (දකුණු මාපටැඟිල්ල) විස්තර ද එහි අඩංගු වේ.

මෙම පණිවිඩය අවසානයේ වංචාකරුවන් විසින් පහත දැක්වෙන තීරණාත්මක අනතුරු ඇඟවීම ඇතුළත් කර තිබේ.

"මෙම සත්‍යාපනයට සහභාගී වීමට අපොහොසත් වීමෙන් ඔබගේ ජාතික හැඳුනුම්පතට සම්බන්ධ සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට හේතු විය හැක. ඔබට නැවත කාලසටහන්ගත කිරීමට අවශ්‍ය නම්, කරුණාකර ඔබගේ හමුවීමට අවම වශයෙන් පැය 24 කට පෙර අපගේ උපකාරක අංකය අමතන්න."

බොහෝ දෙනෙකුට මෙම පණිවිඩය ලැබෙන්නේ නියමිත දිනයට මොහොතකට පෙර බැවින්, හැඳුනුම්පත අත්හිටුවාවි යන බියෙන් ඔවුන් වහාම එහි ඇති ව්‍යාජ දුරකතන අංකයට ඇමතුම් ලබා ගනී. ඉන්පසු වංචාකරුවන් විසින් අයදුම්පතක් පිරවීමේ මුවාවෙන් වින්දිතයන් ලවා OTP ඇතුළු රහස්‍ය මුරපදයන් ලබාගෙන, ඔවුන්ගේ බැංකු ගිණුම් සූක්ෂ්ම ලෙස හිස් කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා CERT ආයතනය අවධාරණය කරන්නේ, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කිසිදු විටෙක WhatsApp හරහා තොරතුරු සත්‍යාපනය කිරීමක් සිදු නොකරන බවයි.

එබැවින් මෙවැනි පණිවිඩවල ඇති ව්‍යාජ වෙබ් අඩවි ලිපින (Links) වෙත පිවිසීමෙන් සහ දුරකතන අංකවලට ඇමතීමෙන් වැළකී, තමන්ගේ රහස්‍ය බැංකු තොරතුරු හෝ OTP කේත කිසිදු බාහිර පාර්ශවයකට ලබා නොදීමට බුද්ධිමත් වන ලෙස ද දන්වා සිටී.

MostRead
Mobitel 1278
VideoStories
පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

 ලාල් කාන්තට මාදුගොඩ දුන්න රිටන් එක "ආණ්ඩුව බූරුවන්ට දුන්නාම පොලීසිය බල්ලට යනවා"

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

ඥාතීන්ගේ සෝ සුසුම් මැද ඉෂාර අවසන් ගමන් යයි..

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

හිටපු ඇමති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4කට හා මෝටර් රථ 2කට අල්ලස් කොමිසමෙන් තහනමක්|

 කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

කාඩ්පත් හිඟයක් නිසා ID සහ රියැදුරු බලපත්‍ර ලක්ෂ 16ක මුද්‍රණය ඇණහිටලා

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ