header logo
SLIC
උණුසුම් පුවත්
හිටපු ඇමති ෆවුසිට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක විභාගය අවසන්
Jun 23, 202602:22 PM
හිටපු ඇමති ෆවුසිට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක විභාගය අවසන්
Mobitel 1278

නෙදර්ලන්ත රජය මගින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබාදී තිබූ වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම තුළින් හිටපු අමාත්‍ය ඒ එච්.එම්. ෆවුසි මහතා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) අවසන් කළේය.

ඉන් අනතුරුව එම නඩුකරයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් තබන බවත් අධිකරණය නියෝග කර තිබේ.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණි.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන චන්ද්‍රා ජයරත්න මහතා විසින්ය.

පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ අමිල කුමාර මහතාගේ උපදෙස් මත කරුණු දැක්වූ නීතිඥ දිලුමි ද අල්විස් මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු නගා සිටුවීම සඳහා නෙදර්ලන්ත රජය විසින් ණය පදනම මත මෙම නඩුකරයට පාදකවන වාහනය ශ්‍රී ලංකා රජය වෙත ලබාදී තිබූ බව පවසා තිබේ.

සුනාමි ආපදා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ කටයුතු සඳහා එම වාහනය ලබාදී තිබුණද විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ ඒ එච්.එම්.සී මහතා එය සිය පෞද්ගලික පරිහරණයට වසර පහක් පමණ භාවිත කර තිබූ බවත් නීතිඥවරිය චෝදනා කර ඇත.

මෙහිදී අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්" මෙම සිද්ධියට අදාළව වග උත්තරකරුට එරෙහිව අල්ලස් කොමිසම මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කර ඇති අතර එම චෝදනාවලට ඔහු වරද පිළිගෙන තිබේ.

ඒ අනුව මෙම නඩුකරය මෙම පවත්වාගෙන යාමේ පදනම කුමක්දැයි විමසා ඇත.

ඊට පිළිතුරු දෙමින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරිය කියා සිටියේ පෙත්සම්කරු වරද පිළිගෙන තිබෙන්නේ අපරාධ නීතිය යටතේ ගොනු කළ චෝදනාවලට බවයි.

එහෙත් මෙම නඩුකරය මූලික අයිතිවාසිකම් නඩුකරයක් බවත් ඇය පෙන්වා දුන්නා.

මෙහිදී වග උත්තරකාර හිටපු අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා ණය පදනම මත ලබාදුන් වාහනයක් සිය පෞද්ගලිකව පරිහරණයට ගෙන තිබෙන බව පෙන්වා දුන් නීතිඥවරිය ඒ හරහා ඔහු බදු ගෙවන්නන්ගේ බදු මුදල් අයථා ලෙස අවභාවිතයට ලක් කර තිබෙන බවටත් චෝදනා කර ඇත.

ඊට අමතරව "මහජන භාරය" නැමැති බරපතල වගකීමද ඔහු විසින් උල්ලංඝනය කර තිබෙන බවත් නීතිඥවරිය පෙන්වා දී ඇත.

ඒ නිසා මෙම ක්‍රියාව තුළින් අමාත්‍යවරයා රජයට සිදුකළ පාඩුව අයකර ගැනීමේ අරමුණින් මහජන සුභසාධන නඩුකරයක් වශයෙන් මෙම නඩුව ඉදිරිපත් කිරීමට පෙත්සම්කරු කටයුතු කළ බවත් නීතිඥවරිය කරුණු පෙන්වා දී තිබේ.

ඉන් අනතුරුව වග උත්තරකාර ෆවුසි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥ රම්සි බාචා මහතාගේ උපදෙස් මත නීතිඥ රුවන්ත කුරේ මහතා කරුණු ඉදිරිපත් කර ඇත.

ආපදා කළමනාකරණ කටයුතු සඳහා ලබා දී තිබූ වාහනයක් සිය සේවා දායකයා පෞද්ගලිකව පරිහරණය කළ බවට පෙත්සම්කාර පාර්ශවය විසින් එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් නීතිඥවරයා පවසා ඇත.

මේ අවස්ථාවේදී අගවිනිසුරුවරයා වග උත්තරකාර පාර්ශවයේ නීතිඥවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් "මේ සිද්ධියට අදාළව වගඋත්තරකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ නඩුවක් මහාධිකරණට ඉදිරිපත් කරා. වග උත්තරකරු ඒ චෝදනාවලට වරද පිළිගෙන තිබෙනවා. ඒ අනුව ඔහු දූෂණ චෝදනාවලට වැරදිකරු වී තිබෙනවා." එසේ තිබියදී ඔහුට එම වගකීමෙන් බැහැර විය හැකිදැයි විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් කරුණු දක්වූ නීතිඥ රුවන්ත කුරේ මහතා සඳහන් කර සිටියේ වගඋත්තරකරු විසින් මෙම වාහනය භාවිතා කළේ අමාත්‍යංශ ලේකම්වරිය විසින් කරනු ලැබූ නියෝගයකට අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් එය මුදාහැරීමෙන් පසුව බවයි.

ප්‍රමාණවත් වාහන පහසුකම් අමාත්‍යාංශය තුළ නොතිබීම නිසා මෙම වාහනය අමාත්‍යාංශ ලේකම්වරියගේ නියමය පරිදි භාවිත කිරීමට සිදුවූ බවත් එය කිසිදු අවස්ථාවක පෞද්ගලික පරිහරණයට ගෙන නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා හිටපු අමාත්‍යවරයා විසින් එය භාවිතා කර තිබෙන්නේ සිය රාජකාරීමය කටයුතු සඳහා පමණක් බවත් පෙන්වා දුන්නා.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය අවසන් කිරීමට තීන්දුකළ අතර ලිඛිත දේශන තිබේ නම් ඒවා අද සිට සති දෙකක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට නියම කළා.

ඉන් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අධිකරණය විසින් දිනයක් නොමැතිව කල් තබා ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව