header logo
SLIC
උණුසුම් පුවත්
තෙල්දෙණියේ ඝාතනය - සැකකාර අඹුසැමියන්ගේ යටගිය අපරාධ එළියට
Jun 22, 202604:31 PM
තෙල්දෙණියේ ඝාතනය - සැකකාර අඹුසැමියන්ගේ යටගිය අපරාධ එළියට
Mobitel 1278

තෙල්දෙණිය ප්‍රදේශයේ නවතා තිබූ මෝටර් රථයක් තුළ තිබී කාන්තා මළ සිරුරක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති, මියගිය කාන්තාවගේ පෙම්වතා සහ ඔහුගේ විවාහක බිරිඳ විසින් මෙරට විවිධ ප්‍රදේශවල සිදුකර ඇති මහා පරිමාණ මූල්‍ය වංචාවන් සහ අපරාධ රැසක තොරතුරු නුවරඑළිය මූලස්ථාන පොලීසිය මගින් අනාවරණය කරගෙන තිබේ.

නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා විසින් නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, මාධ්‍ය ප්‍රකාශකවරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයා වෙත යොමු කරන ලද විශේෂ විමර්ශන වාර්තාවක් මගින් මෙම තොරතුරු අනාවරණය කර ඇත.

පසුගිය ජූනි 17 වන දින වාර්තා වූ මෙම මනුෂ්‍ය ඝාතන සිද්ධියෙන් පසු සිදුකළ පුළුල් විමර්ශනවලදී මෙම තොරතුරු හෙළි වී තිබේ.

මෙම අපරාධවල ප්‍රධාන සැකකරු ලෙස කොස්ගොල්ල, හොරොම්බාව ලිපිනයේ පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ චම්පික ශ්‍රීයාන් ජයසුන්දර නැමැත්තා හඳුනාගෙන ඇති අතර, ඔහුගේ බිරිඳ වන රත්නායක මුදියන්සේලාගේ නෙත්මි අමායා රත්නායක නැමැත්තිය ද මෙම වංචාවන්ට සෘජුවම සම්බන්ධ වී ඇති බව පොලීසිය පවසයි.

පොලිස් වාර්තාවලට අනුව ප්‍රධාන සැකකරු විසින් විවාහ වන බව පවසා කාන්තාවන් රැවටීම, විදේශ වාහන සහ රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා මත දිවයිනේ අධිකරණ රැසක නඩු පවතී.

ඒ අනුව,

ගම්පහ මහාධිකරණය (නඩු අංක බී 1893/19) - විවාහ වන බව පවසා රුපියල් 11,873,000/-ක මුදලක් වංචා කිරීම සහ WP CBG 8532 දරණ කාර් රථය නීති විරෝධී ලෙස භාවිතා කර වංචා කිරීම.

අලුත්කඩේ අංක 05 අධිකරණය (නඩු අංක බී 98858/05/2018) - විවාහ වන බව පවසා රුපියල් 1,721,000/-ක මුදලක් වංචා කිරීම.

අලුත්කඩේ අංක 05 අධිකරණය (නඩු අංක බී 15191/05/2019) - විවාහ වන බව පවසා රුපියල් 1,376,000/-ක මුදලක් වංචා කිරීම.

තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය (නඩු අංක බී 33176, 33174) - විදේශ රටවලින් වාහන ගෙන්වන බව පවසා රුපියල් 2,200,000/- ක මුදලක් වංචා කිරීම.

අලුත්කඩේ උසාවිය (නඩු අංක බී 7002/23) - විදේශගත කරන බව පවසා රුපියල් 4,200,000ක මුදලක් වංචා කිරීම.

මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මොහුට එරෙහිව අලුත්කඩේ (බී 88175/18, බී 2 1763), හොරණ (බී 35175/18) සහ කඩුවෙල (බී 12025/18) යන අධිකරණවල ද නඩු පවත්වාගෙන යනු ලබයි.

සැකකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය (198333704184) ඔස්සේ VPN හරහා AMIS දත්ත පද්ධතිය පරීක්ෂා කිරීමේදී, පෑලියගොඩ පොලිස් ස්ථානය සහ වංචා විමර්ශන අංශය මගින් 2023.11.13 වන දින සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත්, මීට පෙර අවස්ථා කිහිපයකදීම රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් වංචා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් විමර්ශන සිදුකර ඇති බවත් අනාවරණය වේ.

මෙම අපරාධ ක්‍රියාවලට සම්බන්ධ සැකකරුගේ බිරිඳ වන නෙත්මි අමායා රත්නායක යන අයට එරෙහිව ද ආයතන සහ පොලිස් ස්ථාන රැසක විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අනුව,

විදේශ සේවා නියුක්ති කාර්යාංශය - INV/147/2309/13/09/2023 යටතේ පවතින විමර්ශන.

පෑලියගොඩ (SCIB): ලේඛන අංක 332/143 යටතේ පවතින විමර්ශන.

පෑලියගොඩ පොලිසිය (වැලිසර): බී /4270/23 නඩුව.

ජා-ඇල පොලිසිය: CIB 11 388/75 යටතේ ඇති පැමිණිලි.

විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් 2,500,000/- ක මුදලක් වංචා කිරීම (2023.11.15 දිනැති MOIB -396/48).

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව