header logo
SLIC
උණුසුම් පුවත්
රෝහල් පද්ධතියේ පවතින පුරප්පාඩු නිසා හෙද හෙදියන් මානසික පීඩනයට ලක්වන බවට ප්‍රකාශයක්
Jun 22, 202607:24 AM
රෝහල් පද්ධතියේ පවතින පුරප්පාඩු නිසා හෙද හෙදියන් මානසික පීඩනයට ලක්වන බවට ප්‍රකාශයක්
Mobitel 1278

දිවයින පුරා රෝහල්වල 23,000 පමණ හෙද හිඟයක් පැවතීම හේතුවෙන් හෙද කාර්යමණ්ඩලය දැඩි පීඩනයන්ට ලක්වන බව ඒකාබද්ධ හෙද සේවා සංගමය පවසයි.

එහි සභාපති පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමි පෙන්වා දෙන්නේ හෙද හිඟය අවම කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ද සාධනීය පියවරක් ගැනීමට අසමත් වී ඇති බවය.

හෙද සේවය මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් මේ බව සදහන් කළේය.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් පෙන්වා දුන්නේ වත්මන් රෝහල් පද්ධතිය තුළ හෙද හෙදියන් 23,000ක පමණ සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 14,000ක පමණ බරපතළ පුරප්පාඩු ප්‍රමාණයක් පවතින බවය.

මෙවැනි තත්ත්වයක් හමුවේ එක් හෙදියකට, හෙදියන් දෙදෙනෙකුගේ වැඩ කොටසක් ආවරණය කිරීමට සිදුව ඇති බව ද උන්වහන්සේ පැවසීය.

ඇතැම් අවස්ථාවලදී හෙද හෙදියන්ට දින කිහිපයක් අඛණ්ඩව සේවයෙහි යෙදීමට සිදුවීම නිසා දරාගත නොහැකි වැඩ පීඩනයක් නිර්මාණය වී ඇති අතර, මෑතකදී කින්නියා රෝහලේ ඇති වූ සිදුවීම ඇතුළු ගැටලු රැසකට මූලික හේතුව මෙම තත්ත්වය වන බව ද උන්වහන්සේ පෙන්වා දුන්නේය.

හෙද හිඟය පියවීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙලක් වහා සකස් නොකළහොත් රෝහල් පද්ධතිය තවදුරටත් කඩා වැටීමට ලක්වනු ඇති බවට ද පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් අනතුරු අඟවා තිබේ.

එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ හෙද සේවා සංගමයේ සභාපති පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන්,

"අපි පහුගිය කාලය පුරාවටම සාකච්ඡා කරමින් හිටපු කාරණයක් තමයි රෝහල්වල පවතින හෙද හිඟය. යම් පියවර කෙටිකාලීන, දිගුකාලීන, මධ්‍යකාලීන වැඩසැලස්මක් හදලා හෙද හිඟය පියවන්න කටයුතු කරන්න නැත්නම් මේ රෝහල් පද්ධතිය තවදුරටත් ගරා වැටීමට, කඩා වැටීමට නියමිතයි කියන එක. නමුත් තවමත් ඒ සම්බන්ධයෙන් සාධනීය ප්‍රවේශයක් ආණ්ඩුව ගන්න වගක් අපිට පෙනෙන්නට නැහැ. කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දැනට 14,000ක හිඟයක් තියෙනවා. ඒ වගේම හෙද හෙදියන් 23,000ක විතර හිඟයක් දැනට පවතිනවා. ඒ තියෙද්දි තමයි මේ රෝහල් පද්ධතිය මෙහෙම යන්නේ. එක හෙදියක් හෙදියන් දෙන්නෙක්ගේ වැඩ ආවරණය කිරීමක් කරලා තමයි ඔවුන් මේ රෝහල් පද්ධතිය මේ විදිහට දුවන්න ඔවුන්ගේ මැදිහත්වීම කරන්නේ. එතකොට මේක ඇතුලේ ලොකු දරාගන්න බැරි තරම් වැඩ පීඩනයක තමයි හෙද හෙදියන් ඉන්නේ. ඒ ප්‍රශ්නය තමයි එක පැත්තකින් කින්නියා රෝහලේදීත් වුණේ. මෙවැනි සිදුවීම් ගණනාවක් වෙන්න නියමිත සහ වෙලා තියෙනවා. ඒවා ඔක්කොම සම්බන්ධ වෙන්නේ මේ හෙද හිඟය කියන කාරණයත් එක්ක. මොකද සමහර හෙදියන් දිනයක්, දෙකක්, තුනක් සමහරවිට අඛණ්ඩව වැඩ කරන්න වෙන අවස්ථා තියෙනවා."

එමෙන්ම එම මාධ්‍ය හමුවට එක් වූ එම සංගමයේ ලේකම් නිසංසලා ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ හෙද සේවයේ පවතින ගැටලු හේතුවෙන් හෙද හෙදියන් විදෙස්ගත වීම ද ඉහළ ගොස් ඇති බවය.

කාර්ය මණ්ඩල ප්‍රමාණය අඩු වුවද රෝගී සත්කාර සේවා නතර කළ නොහැකි බැවින් හෙද ප්‍රජාව දැඩි මානසික හා ශාරීරික පීඩනයකට ලක්ව සිටින බවද මෙහිදී ඒ මහත්මිය පෙන්වා දුන්නාය.

මෙලෙස දීර්ඝ කාලයක් තිස්සේ පීඩනය දරා සිටීම නිසා ඇතැම් හෙද හෙදියන් ජීවිතයෙන් පවා සමුගන්නා තත්ත්වයට පත්ව ඇති බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ හෙද සේවා සංගමයේ ලේකම් නිසංසලා ප්‍රනාන්දු මහත්මිය,

"තමන් සමග සේවය කරන තව කෙනෙක් දිහා බලන්නටවත් හෙද හෙදියන්ට වෙලාවක් නෑ. කොටින්ම කියනවා නම් තමන් ගැන බලාගන්නත් වෙලාවක් නෑ. මානසික පීඩනය, ශාරීරික පීඩනය හැමදෙයක්ම විඳ දරාගෙන කාලයක් සිටීමෙන් තමයි මේ විදිහට හෙද හෙදියෝ තමන්ගේ ජීවිතය හැරයන තත්ත්වයට පවා පත්වෙන්නේ. ඉතින් ඒ නිසා අපි කියන්නේ, හෙද හිඟය දරාගන්න බැරි මට්ටමකට දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ ප්‍රමාණය අඩුයි කියලා අපිට රෝගීන්ගේ සේවාව ලබාදෙන එක නවත්තන්න බෑ. තව හෙදියෙක්ගේ වැඩ කොටසක් අපිට කරන්න සිද්ධ වෙනවා. මේකට කෙටිකාලීන, දිගුකාලීන ඉක්මන් වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද අපි දන්නවා මේ වෙනකොට දැන් මේ හෙද සේවාවේ තියෙන දරාගත නොහැකි මානසික පීඩනය, ආර්ථික පීඩනය මේ සෑම දෙයක්ම නිසා සීඝ්‍රයෙන් විදෙස්ගතවීම් වැඩිවෙලා තියෙනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි