header logo
SLIC
උණුසුම් පුවත්
හෝමූස් යළි වැසුණු පසු නව සාකච්ඡා වටයක්
Jun 21, 202612:45 PM
හෝමූස් යළි වැසුණු පසු නව සාකච්ඡා වටයක්
Mobitel 1278

අමෙරිකාව සහ ඉරානය අතර නව සාකච්ඡා වටයක් ස්විස්ටර්ලන්තයේදී අද (21) ආරම්භ වීමට නියමිතය.

ඒ සඳහා අමෙරිකානු පාර්ශ්වයෙන් සහභාගී වන උප ජනාධිපති ජේ. ඩී. වෑන්ස් ස්විස්ටර්ලන්තය බලා පිටත්විය.

කෙසේවෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් ටෘත් සටහනක් තබමින් සඳහන් කර සිටින්නේ දෙපාර්ශ්වය ගිවිසුමකට එළැඹීමට අපොහොසත් වුවහොත්, හෝමූස් සමුද්‍රසන්ධිය ඔස්සේ ගමන් ගන්නා යාත්‍රාවලට අමෙරිකාව ගාස්තු පනවන බවය.

මැද පෙරදිග සාමය පිළිබඳ අවිනිශ්චිතබවක් නිර්මාණය කරමින් ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය යළි වසා දැමීමට කටයුතු කළේ ඊයේ (20) පස්වරුවේ සිටය.

ඒ, සාම ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය කරමින් ඊශ්‍රායලය දිගින් දිගටම ලෙබනනය වෙත ප්‍රහාර එල්ල කිරීම හේතුවෙනි.

කරුණු 14කින් සමන්විත අමෙරිකාව සහ ඉරානය එළැඹි සාම අවබෝධතා ගිවිසුමේ පළමු කොන්දේසිය වූයේ, ''අමෙරිකාව, ඉරානය සහ යුද්ධයේ අනෙක් පාර්ශ්ව වහාම එකිනෙකා වෙත මෙන්ම ලෙබනනය වෙතත් ප්‍රහාර එල්ලකර ගැනීම අත්හිටුවීම'' යන්නය.

ඒ අනුව, අමෙරිකාව සහ ඉරානය එකිනෙකාට සිදුකරන ප්‍රහාර වහා නැවැත්වීමට ක්‍රියා කළ නමුත්, ඊශ්‍රායලය මෙම තීරණය පිළිගැනීමට දැක්වූයේ මැලිකමකි.

කෙසේවෙතත්, ඊශ්‍රායලය සහ ලෙබනනය කටාර් රාජ්‍යයේ මැදිහත්වීමෙන් සටන් විරාමයකට එකඟ වූ නමුත් දිගින් දිගටම ප්‍රහාර එල්ල විය.

ඒ හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය සියලුම මුහුදු ගමනාගමන කටයුතු සඳහා යළි වසා දැමීමට පියවරගත් බව ඉරාන මධ්‍යම යුද අණදෙන මූලස්ථානය නිවේදනය කළේය.

එමෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ යාත්‍රා කරමින් පැවැති නෞකාවලට ඒ හරහා ගමන් නොකරන ලෙසත්, අණ නොතකා යාත්‍රා කරන යාත්‍රාවලට ජල බෝම්බවලට හෝ නාවික හමුදාවල ඉලක්ක විය හැකි බවත් ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදාවෙන් අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණි.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය අඛණ්ඩව සිදුවන බවට පවසමින් අමෙරිකානු මධ්‍යම විධානය එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇත.

ඊයේ දිනයේ පමණක් හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ වාණිජ නෞකා 55ක් ගමන්කර ඇති අතර බොරතෙල් බැරල් මිලියන 17කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව ද සඳහන්.

මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බගේයි, අමෙරිකානු පාර්ශ්වය තම වගකීම් ඉටුනොකරන්නේ නම් ඉරානය අවශ්‍ය පියවර ගන්නා බව පවසා තිබේ.

ඉරාන මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පවසා ඇත්තේ සාම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේ එහි සඳහන් කොන්දේසි ක්‍රියාත්මක වේයැයි බලාපොරොත්තුවෙන් වන බවය.

නව සාකච්ඡා වටය සඳහා ඉරාන පාර්ශ්වයෙන් එක්වන ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් ගලිබාෆ් සහ එරට විදෙස් කටයුතු ඇමති අබ්බාස් අරාග්චි ද ස්විට්සර්ලන්තයට පැමිණ ඇත.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි