header logo
SLIC
උණුසුම් පුවත්
මහනුවර තරුණිය මැරුවා ද? මැරුණා ද?
Jun 20, 202604:08 PM
මහනුවර තරුණිය මැරුවා ද? මැරුණා ද?
Mobitel 1278

මහනුවර, කුණ්ඩසාලේ, වරාපිටිය ප්‍රදේශයේ නිවසක තිබී අබිරහස් ලෙස මියගිය තරුණියකගේ මළසිරුරක් සොයා ගෙන තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන විවාහක තරුණියෙකි.

මියගිය තැනැත්තියගේ සැමියාට අයත් බව කියන නිවසේ තිබී මෙම මළසිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.

මරණකාරියගේ ඥාතීන් චෝදනා කරන්නේ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුළු පවුලේ සාමාජිකයන් විසින් ඇයට පහර දී ඝාතනය කර ඇති බවය.

කෙසේ වෙතත්, ඇයගේ ස්වාමිපුරුෂයා සඳහන් කර ඇත්තේ තමා සංගීත සංදර්ශනයක් බැලීමට ගොස් අද අලුයම නිවසට පැමිණි අවස්ථාවේදී ඇය ගෙල වැලලාගෙන සිටිනු දුටු බවත්, පසුව එම කඹය කපා ඇයගේ සිරුර ඇඳ මතට ගත් බවත්ය.

මොවුන් විවාහ වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වී ඇති අතර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ස්වාමිපුරුෂයා ඇයට දිගින් දිගටම සිදුකළ තාඩන පීඩන සම්බන්ධයෙන් බලගොල්ල පොලිසියට පැමිණිලි කිහිපයක්ම සිදු කළ බව මියගිය තරුණියගේ ඥාතීන් සඳහන් කර සිටී.

ස්වාමිපුරුෂයා විසින් ඇයට පහර දීම හේතුවෙන් ඇය නිරන්තරයෙන් දෙමාපියන්ගේ නිවසට පැමිණෙන බවත්, ඇය දික්කසාද වීමේ සූදානමකින් පසුවූ බවත් ඥාතීන් වැඩිදුරටත් පැවසීය.

මේ අතර මියගිය තරුණිය විසින් ලියන ලදැයි කියන ලිපියක් තරුණයාගේ නිවසේ අය විසින් පොලිසියට සහ මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර ඇත.

කෙසේවෙතත් තරුණියගේ ඥාතීන් චෝදනා කරන්නේ එම ලිපියේ ඇති අත්අකුරු තම මියගිය දියණියගේ නොවන බවය.

මෙම අවස්ථාවේදී මියගිය තරුණියගේ පාර්ශ්වයේ පිරිස නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක්ද හට ගෙන තිබේ.

ඒ අනුව තරුණියගේ දේහය පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහල වෙත යවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

බලගොල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි