header logo
SLIC
උණුසුම් පුවත්
ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
Jun 19, 202610:09 AM
ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
Mobitel 1278

මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමකට එළඹීමෙන් පසු ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය ඉවත් කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය තහවුරු කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව අවහිරය අවසන් කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් X ගිණුම ඔස්සේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු නාවික යාත්‍රා කිහිපයක් තවදුරටත් එම කලාපයේ රැඳී සිටින බවද වාර්තා වෙයි.

මේ අතර ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා කමේනි ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට වෙනස් අදහසක් තිබුණද මෙම ගිවිසුම අනුමත කළ බවය.

ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් විසින් ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ලබාදුන් සහතිකයෙන් පසු එය ඉදිරියට ගෙන යාමට අවසර දුන් බවද ඔහු සඳහන් කර තිබේ.

කමේනි චෝදනා කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගිවිසුම ලබාගැනීම සඳහා “දැඩි අවශ්‍යතාවයෙන් පෙළෙමින් සෑම ආකාරයකම බලපෑම් සහ උපක්‍රම භාවිත කළ” බවය.

ඇමෙරිකා-ඉරාන ගිවිසුම ප්‍රධාන කරුණු 14ක් වටා ගොඩනැගී ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම, ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් නොතිබිය යුතුය යන නියමය සහ රටේ "ප්‍රතිසංස්කරණ හා ආර්ථික සංවර්ධනය" සඳහා ඩොලර් බිලියන 300 ක අරමුදලක් වෙනුවෙන් කැපවීම ඊට ඇතුළත් වේ - කෙසේ වෙතත් මෙයට දායක වීමට ඇමෙරිකාවට බැඳීමක් නැත.

මෙම ගිවිසුම අනුව දෙපාර්ශ්වය අවම වශයෙන් දින 60ක් ඇතුළත අවසන් එකඟතාවකට පැමිණීමට කටයුතු කළ යුතු අතර, අවශ්‍ය නම් දෙපාර්ශ්වයේ එකඟතාව මත කාලය දීර්ඝ කළ හැකිය.

ගිවිසුමට නිල අත්සන් තැබීමේ උත්සවය ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, මැදිහත්කරු ලෙස කටයුතු කළ පාකිස්තානය පවසා ඇත්තේ එය දැනටමත් දුරස්ථ ක්‍රමයෙන් අත්සන් කර ඇති බැවින් උත්සවය අවලංගු කළ බවයි.

ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සඳහන් කළේ ගිවිසුම ක්‍රියාත්මක වී ඇති බවත්, ඉදිරි සාකච්ඡා සඳහා දින 60ක කාලසීමාව ආරම්භ වී ඇති බවත්ය.

කෙසේ වෙතත් මෙම ගිවිසුමට අමෙරිකාවේ ඇතැම් දේශපාලනඥයන්ගෙන් විවේචන එල්ල වී තිබේ.

රිපබ්ලිකන් සෙනෙට් සභික බිල් කැසිඩි එය "දශක කිහිපයකින් සිදු වූ දරුණුතම විදේශ ප්‍රතිපත්ති අත්වැරැද්ද" ලෙස විවේචනය කර ඇත.

මේ අතර ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් තවදුරටත් පවතින බවත්, ඉරාන-අමෙරිකානු ගිවිසුමෙන් පසුද දෙපාර්ශ්වය අතර ප්‍රහාර සිදුව ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව