header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
Jun 19, 202610:09 AM
ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
Mobitel 1278

මැදපෙරදිග යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාව සහ ඉරානය අතර ගිවිසුමකට එළඹීමෙන් පසු ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය ඉවත් කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය තහවුරු කර තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝගයට අනුව අවහිරය අවසන් කළ බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය විසින් X ගිණුම ඔස්සේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු නාවික යාත්‍රා කිහිපයක් තවදුරටත් එම කලාපයේ රැඳී සිටින බවද වාර්තා වෙයි.

මේ අතර ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා කමේනි ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට වෙනස් අදහසක් තිබුණද මෙම ගිවිසුම අනුමත කළ බවය.

ඉරාන ජනාධිපති මසූද් පෙෂෙස්කියන් විසින් ඉරාන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ලබාදුන් සහතිකයෙන් පසු එය ඉදිරියට ගෙන යාමට අවසර දුන් බවද ඔහු සඳහන් කර තිබේ.

කමේනි චෝදනා කළේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගිවිසුම ලබාගැනීම සඳහා “දැඩි අවශ්‍යතාවයෙන් පෙළෙමින් සෑම ආකාරයකම බලපෑම් සහ උපක්‍රම භාවිත කළ” බවය.

ඇමෙරිකා-ඉරාන ගිවිසුම ප්‍රධාන කරුණු 14ක් වටා ගොඩනැගී ඇත. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම, ඉරානයට කිසිදා න්‍යෂ්ටික අවියක් නොතිබිය යුතුය යන නියමය සහ රටේ "ප්‍රතිසංස්කරණ හා ආර්ථික සංවර්ධනය" සඳහා ඩොලර් බිලියන 300 ක අරමුදලක් වෙනුවෙන් කැපවීම ඊට ඇතුළත් වේ - කෙසේ වෙතත් මෙයට දායක වීමට ඇමෙරිකාවට බැඳීමක් නැත.

මෙම ගිවිසුම අනුව දෙපාර්ශ්වය අවම වශයෙන් දින 60ක් ඇතුළත අවසන් එකඟතාවකට පැමිණීමට කටයුතු කළ යුතු අතර, අවශ්‍ය නම් දෙපාර්ශ්වයේ එකඟතාව මත කාලය දීර්ඝ කළ හැකිය.

ගිවිසුමට නිල අත්සන් තැබීමේ උත්සවය ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතව තිබුණද, මැදිහත්කරු ලෙස කටයුතු කළ පාකිස්තානය පවසා ඇත්තේ එය දැනටමත් දුරස්ථ ක්‍රමයෙන් අත්සන් කර ඇති බැවින් උත්සවය අවලංගු කළ බවයි.

ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සඳහන් කළේ ගිවිසුම ක්‍රියාත්මක වී ඇති බවත්, ඉදිරි සාකච්ඡා සඳහා දින 60ක කාලසීමාව ආරම්භ වී ඇති බවත්ය.

කෙසේ වෙතත් මෙම ගිවිසුමට අමෙරිකාවේ ඇතැම් දේශපාලනඥයන්ගෙන් විවේචන එල්ල වී තිබේ.

රිපබ්ලිකන් සෙනෙට් සභික බිල් කැසිඩි එය "දශක කිහිපයකින් සිදු වූ දරුණුතම විදේශ ප්‍රතිපත්ති අත්වැරැද්ද" ලෙස විවේචනය කර ඇත.

මේ අතර ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර ගැටුම් තවදුරටත් පවතින බවත්, ඉරාන-අමෙරිකානු ගිවිසුමෙන් පසුද දෙපාර්ශ්වය අතර ප්‍රහාර සිදුව ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.

MostRead
Mobitel 1278
VideoStories
ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ  වාන් දොරටු 6ක් විවෘත කෙරේ

මහ වැසි හමුවේ රාජාංගනය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..