header logo
SLIC
සයුරෙන් එතෙර
පීසා පෙට්ටියකින් කොටු වූ දාම ඝාතකයා - අමෙරිකාවේ අධිකරණයකින් ඓතිහාසික තීන්දුවක්
Jun 17, 202609:49 PM
පීසා පෙට්ටියකින් කොටු වූ දාම ඝාතකයා - අමෙරිකාවේ අධිකරණයකින් ඓතිහාසික තීන්දුවක්
Mobitel 1278

අමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ලෝන්ග් අයිලන්ඩ් හි වෙරළ තීරය දී කාන්තාවන් අට දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ ‘රෙක්ස් හියුයර්මන් නමැති පුද්ගලයා ජීවිතාන්තය දක්වා ලිහිල් නොවන සිරදඬුවම් නියම කිරීමට අමෙරිකානු අධිකරණය පියවර ගෙන තිබේ.

දිගු කලක සිට ලෝකය පුරා මහත් ආන්දෝලනයකට ලක්ව තිබූ මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා විත්තිකරු අමතා පවසා ඇත්තේ "ඔබ ඉතාමත් පිළිකුල් සහගත, නින්දිත, පහත් මිනිසෙක්. මොහුව මෙතනින් රැගෙන යන්න!" යනුවෙනි.

62 හැවිරිදි ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ රෙක්ස් හියුයර්මන් වෙත අධිකරණය විසින් උපරිම දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පළමු පෙළ මිනීමැරුම් චෝදනා 3ක් සඳහා එකිනෙකට පසුව ක්‍රියාත්මක වන පරිදි ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 3ක්.

දෙවන පෙළ මිනීමැරුම් චෝදනා 4ක් සඳහා තවත් වසර 25ක සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් 4ක්.

ඒ අනුව ඔහුට සිය ජීවිතයේ ඉතිරි කාලය සම්පූර්ණයෙන්ම බන්ධනාගාරය තුළම ගත කිරීමට සිදුවන බව සඳහන්වේ.

මෙම ඝාතන 1993 සහ 2010 අතර කාලය තුළ සිදු වී තිබුණද, ඇතැම් මියගිය කාන්තාවන් ලිංගික ශ්‍රමිකයන් වීම හේතුවෙන් පොලීසිය මුල් කාලයේදී මේ පිළිබඳව දැඩි උනන්දුවකින් විමර්ශන සිදු නොකළ බවට වින්දිතයන්ගේ පවුල්වලින් සහ ප්‍රදේශවාසීන්ගෙන් දැඩි චෝදනා එල්ලව ඇත.

කෙසේ වෙතත්, 2022 වසරේදී පිහිටුවන ලද විශේෂ කාර්ය සාධක බලකායක් මඟින්, 2010 වසරේදී සාක්ෂිකරුවෙකු විසින් සැකසහිත පුද්ගලයෙකු සම්බන්ධයෙන් ලබා දී තිබූ සක්ෂි සහ ට්‍රක් රථයක් පිළිබඳ තොරතුර ඔස්සේ විමර්ශන පවත්වා සති 6ක් ඇතුළත හියුයර්මන්ව හඳුනා ගැනීමට සමත් ව ඇත.

පසුව 2023 වසරේදී, ඔහු විසින් අනුභව කර ඉවත දමා තිබූ පීසා පෙට්ටියක තිබූ DNA සාම්පල ආශ්‍රයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි විය.

මුලින් තමා නිවැරදිකරු යැයි පැවසුවද, අවසානයේදී හියුයර්මන් විසින් තමා කාන්තාවන් අට දෙනෙකු ගෙල සිරකර ඝාතනය කර සිරුරු වෙරළේ දමාගිය බව පිළිගත් බව සඳහන් වේ.

තීන්දුවට පෙර කෙටි ප්‍රකාශයක් කළ ඔහු, තමා කළ වැරදි පිළිගන්නා බවත්, මේ අවස්ථාවේදී තම වචනවලින් පලක් නොවන බවත් ප්‍රකාශ කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

 පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

පිටකොටුවේ බස් පොළේ බුලත් කෙළ ගසා මුත්‍රා කළ 1,029ක් ප්‍රජා සේවයේ

 පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

පාස්කු මහ නඩුවේ තීන්දුව සැප්. 22දා

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...