header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
සංචාරක සංවර්ධන කාර්යසාධක බලකාය රැස් වෙයි
Jun 16, 202606:36 PM
සංචාරක සංවර්ධන කාර්යසාධක බලකාය රැස් වෙයි
Mobitel 1278

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාය විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (16) පස්වරුවේ රැස් විය.

සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ බාධා ඉවත් කර ගනිමින් ශ්‍රී ලංකාව තිරසාර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ සැලසුම් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක ඒකාබද්ධ කරමින් විශේෂ සංචාරක කලාපයක් ඇති කිරීමේ යෝජනාව පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර, දකුණු සහ සබරගමුව පළාත් ඒකාබද්ධ කරමින් සිංහරාජය, කන්නැලිය-දෙදියගල-නාකියාදෙනිය වනාන්තර සංකීර්ණය සහ හිනිදුම කඳු වැටිය කේන්ද්‍ර කර ගත් විශේෂ සංචාරක කලාපයක් ඒ යටතේ සංවර්ධනය කෙරේ.

දැනට එම කලාපය තුළ සිදු වන අවිධිමත් හෝටල් ඉදිකිරීම් සහ පරිසර දූෂණය පාලනය කරමින්, එහි ස්වභාවිකත්වය ආරක්ෂා වන පරිදි නියාමන රාමුවක් සකස් කිරීම මෙහි අරමුණ වේ.

මෙම කලාපය තුළ තේ වගාව ආශ්‍රිත සංචාරක කර්මාන්තය සහ පාරිසරික පාදක සංචාරක කටයුතු ප්‍රවර්ධනයටද සැලසුම් කර ඇත. ඒ අනුව සංචාරක කලාපය පිළිබඳ යෝජනාවට අදාළ සියලු අංශ ආවරණය වන පරිදි ඒකාබද්ධ මෙහෙයුම් කමිටුවක් පිහිටුවීමටද මෙහිදී තීරණය කෙරිණි.

සමුද්‍රීය සංචාරක සහ මගී ප්‍රවාහන සේවා යටතේ Capital Marine and Civil Construction (CMC) ආයතනය වසර 10ක කාලයක් තුළ අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සමුද්‍රීය සංචාරක කොරිඩෝව පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

මෙහි පළමු අදියර ලෙස උතුරු පළාතේ යාපනය කේන්ද්‍ර කර ගත් මගී ප්‍රවාහන යාත්‍රා සේවා (Ferry services) ආරම්භ කර පසුව එය කොළඹ සහ ගාල්ල දක්වා ව්‍යාප්ත කිරීමටත් යෝජිතය.

සිනමා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිළිබඳවද මෙහිදි විශේෂ අවධානය යොමු විය. විදේශීය චිත්‍රපට කණ්ඩායම්වලට ලංකාව තුළ රූගත කිරීම් සඳහා අවසර ලබා ගැනීමේදී පවතින ප්‍රායෝගික ගැටලුවලට විසඳුම් ලබා දීම මෙන්ම, එකම ස්ථානයකදී අවසර ලබා ගැනීමට හැකි වන පරිදි තනි කවුළුවක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි. චිත්‍රපට උපකරණ තාවකාලිකව මෙරටට ගෙන ඒමේදී පවතින ගැටලු නිරාකරණය කර ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

ගුවන් හමුදාව, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ සංචාරක මණ්ඩලය ඒකාබද්ධ වූ වැඩසටහනක් මගින් කොග්ගල ගුවන් තොටුපළ ආශ්‍රිතව සංචාරකයන් ඉලක්ක කර ගනිමින් Skydiving ප්‍රවර්ධනය කිරීමටද අවධානය යොමු විය.

තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීම සඳහා නව මාර්ගෝපදේශ සකස් කර අවසන් කර ඇති අතර, එම ක්ෂේත්‍රය ක්‍රමවත් කිරීම සහ මාර්ගගත ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරමින් සිටින බවද මෙහිදී අනාවරණය විය.

කොළඹ නගරයේ රාත්‍රී සංචාරක ව්‍යාපාරය නංවාලීමේ අරමුණින් මැරයින් ඩ්‍රයිව් ප්‍රදේශයේ සති අන්තයේ පවත්වනු ලබන Marine Night වැඩසටහන සහ සංචාරකයන්ගේ වීසා සහ ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් කිත්සිරි, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.කේ. ජයසුන්දර, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් යන මහත්වරුද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් හිමාලි අරුණාතිලක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මල්කාන්ති රාජපක්ෂ යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද, ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී, ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන පාර්ශ්වකරුවෝ පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ