header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කටුනායක ගුවන්තොටුපළේ පළමු මගී පර්යන්තය පුළුල් කිරීමට සැලසුම්
Jun 16, 202604:40 PM
කටුනායක ගුවන්තොටුපළේ පළමු මගී පර්යන්තය පුළුල් කිරීමට සැලසුම්
Mobitel 1278

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පළමු මගී පර්යන්ත පහසුකම් පුළුල් කිරීම, නවීකරණය කිරීම සහ මෙහෙයුම් ධාරිතාව ඉහළ නැංවීම සඳහා පුළුල් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

වර්ධනය වන ගුවන් මගී සංඛ්‍යාව, උපරිම කාල සීමාවන්හිදී ඇතිවන මගී තදබදය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රමිතීන්ට අනුකූල පහසුකම් සැපයීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ව්‍යාපෘතිය අවසන් වූ පසු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වාර්ෂික මගී හැසිරවීමේ ධාරිතාව මගීන් මගීන් මිලියන 5කින් පමණ ඉහළ නැංවීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ යටතේ පිටත්වීමේ සහ පැමිණීමේ ප්‍රදේශ පුළුල් කිරීම, Check-in පහසුකම් වැඩිදියුණු කිරීම, ආගමන හා විගමන පරීක්ෂණ පහසුකම් සංවර්ධනය කිරීම සහ මගී අත්දැකීම ඉහළ නැංවීම සඳහා පියවර ගැනීමට නියමිතය.

ඒ අනුව පිටත්වීමේ මගී ශාලාව වර්ග මීටර් 1,700ක පමණ නව ඉඩකඩක් එක් කරමින් පුළුල් කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා රුපියල් බිලියන 6.7ක පමණ ආයෝජනයක් සිදු කිරීමට නියමිතය.

එමෙන්ම පැමිණීමේ ආගමන හා විගමන ප්‍රදේශය නවීකරණය කර ආගමන කවුන්ටර් සංඛ්‍යාව 28 සිට 40 දක්වා වැඩි කිරීමටත්, e-Gates 4ක් ස්ථාපිත කිරීමටත් සැලසුම් කර තිබේ.

පිටත්වීමේ පර්යන්ත ධාරිතාව වැඩි කිරීම සඳහා නව Check-in කවුන්ටර් 36ක් සහ Remote Boarding Gates 6ක් ස්ථාපිත කිරීමට නියමිත අතර, පවතින Check-in කවුන්ටර් සංඛ්‍යාව 60 සිට 74 දක්වා ඉහළ නැංවීමටද පියවර ගනු ඇත.

පැමිණීමේ ශාලාව නවීන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ප්‍රමිතීන්ට අනුකූලව සංවර්ධනය කිරීම සහ පර්යන්ත අභ්‍යන්තර අවකාශ ප්‍රතිසංවිධානය කිරීමද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසන්නේ මෙම සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී හැසිරවීමේ ධාරිතාව, මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකි වන බවයි.

ව්‍යාපෘතියේ ප්‍රධාන අදියර කිහිපයක් 2026 සහ 2027 වසරවලදී අවසන් කිරීමට අපේක්ෂා කර ඇත.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..