header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ වැඩ දිනන දකුණ හෙළාදකී
Jun 16, 202602:07 PM
පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ වැඩ දිනන දකුණ හෙළාදකී
Mobitel 1278

අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ දේශපාලන මැදිහත්වීම් දැඩි සේ හෙළා දකින බව දිනන දකුණු සාමුහිකය පවසයි.

එම සාමුහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව වෙනුවෙන් ශිරාල් ලක්තිලක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති පුරවැසියාගේ භාෂණයේ නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතළ ලෙස සීමා කරන්නට, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරන, අසංක නවරත්න, සුගීශ්වර බණ්ඩාර යන පුරවැසි භාෂකයන්ට එරෙහිව පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය පිළිබඳව දිනන දකුණ සාමූහිකය තම දැඩි පිළිකුල සහ විරෝධය ප්‍රකාශ කර සිටින බවය.

- උපුටා ගැනීම -

2024 අංක 8 දරණ අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ පොලීසියට, ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව අප සාමූහිකය අවධාරණය කර සිටී.

මහජන මතය මර්දනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම විශේෂිත පනත සක්‍රීයව භාවිතා කරමින්, සාපරාධී විමර්ශනයක් ආරම්භ කිරීම, නීතිමය දෘෂ්ටිකෝණයකින් බලන කළ, නීතිය ඉතා පැහැදිලිව විකෘති කිරීමක් සහ අවභාවිත කිරීමකි.

මෙහිදී සිදුවෙමින් ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සකස් කරන ලද නීතිමය යාන්ත්‍රණයක්, පොලිස් වාරණය සඳහා ආයුධයක් ලෙස නීතිවිරෝධී ලෙස පරිවර්තනය කරගැනීමකි.

විශේෂයෙන්ම, මෑතකාලීනව දේශපාලන බලපෑම් මත ක්‍රියාත්මක වන ස්වරූපයක් පෙන්නුම් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ක්‍රියාකලාපය විවේචනය කරන සහ ඒ පිළිබඳ තමන්ගේ අදහස් දක්වන සිවිල් පුරවැසියන්, ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් "අධිකරණයට අපහාස කිරීම" වැනි චෝදනා අවභාවිත කරමින් සිදුකරන මර්දනකාරී ක්‍රියාවලිය වහාම නතර කළ යුතු බවට අප සාමූහිකය අවධාරනණය කොට සිටී.

එවැනි චෝදනා නඟමින් නිදහස් මතධාරීන් බියවැද්දීමට පොලීසිය දරණ උත්සාහය කිසිසේත්ම ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන, පොලිස් සංකල්පයට සහ ඒ මත ගොඩනැගුන පොලිස් නිල ඇඳුමට නොතරම් හැසිරීමකි.

CID ය විසින් මෙහිදී කරමින් සිටින්නේ ආන්දෝලනාත්මක රාජ්‍ය නිලධාරියෙකු වන CID යෙහි ප්‍රධානියා කෙරෙහි එල්ල වන මහජන විවේචන වැළැක්වීම සඳහා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට පවතින නීතියක් පලිහක් කර ගැනීමකි.

මෙවැනි ක්‍රියා සුදුසු වන්නේ පොලිස් රාජ්‍යයකට මිස ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් තුළ නොවේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති පුරවැසියාගේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස CIDයේ මෙම ක්‍රියාව මඟින් බරපතළ ලෙස සීමා කරන්නට හේතුවන බව අප සාමූහිකයේ මතය වන්නේය.

එම නිසා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුරවැසියාගේ අදහස් දැක්වීම් දඩමීමා කරමින් කටයුතු කරන ආකාරය පිළිබඳව දිනන දකුණ සාමූහිකය තම දැඩි පිළිකුල සහ විරෝධය ප්‍රකාශ කර සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය මඟින් සෑම පුරවැසියෙකුටම භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දී ඇති අතර, 10 වැනි වගන්තිය මඟින් සිතීමේ, විමසීමේ සහ හෘද සාක්ෂියේ නිදහස තහවුරු කර ඇත.

රජයේ ආයතන හෝ නීතිය බලාත්මක කරන ආයතන දේශපාලනීකරණය වන විට, ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට සහ තම මතය සමාජගත කිරීමට පුරවැසියාට පරමාධිපත්‍ය බලයක් තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුව, පාලකයින්ගේ වුවමනාවන් වෙනුවෙන් පුරවැසි අයිතීන් පාගා දමන මෙවලමක් බවට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමක් සනිටුහන් කරන්නකි.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු අතර, දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීම සඳහා පොලිස් බලය අවභාවිතා කිරීම, සිවිල් සමාජයක් ලෙස අප කිසිසේත් අනුමත නොකරමු.

එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි පුරවැසියන්ගේ භාෂණයේ නිදහස සහ හෘද සාක්ෂියේ අයිතිය සුරක්ෂිත කරන ලෙසත්, දේශපාලන අවශ්‍යතා මත සිදුකරන මෙවැනි අත්තනෝමතික පොලිස් මර්දනයන් නතර කරන ලෙසත් දිනන දකුණ සාමූහිකය බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සියලුම බලවේගයන් මෙම මර්දනයට එරෙහිව එක පෙළට සිටගත යුතු මොහොත එළඹ ඇත.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.
මාධ්‍ය ප්‍රකාශනය
2026.06.16

- උපුටා ගැනීම අවසන් -

RelatedNews
MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ