header logo
SLIC
උණුසුම් පුවත්
පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ වැඩ දිනන දකුණ හෙළාදකී
Jun 16, 202602:07 PM
පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ වැඩ දිනන දකුණ හෙළාදකී
Mobitel 1278

අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලීසියේ දේශපාලන මැදිහත්වීම් දැඩි සේ හෙළා දකින බව දිනන දකුණු සාමුහිකය පවසයි.

එම සාමුහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව වෙනුවෙන් ශිරාල් ලක්තිලක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති පුරවැසියාගේ භාෂණයේ නිදහස හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බරපතළ ලෙස සීමා කරන්නට, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිලිත් ජයවීර, මහින්ද පතිරන, අසංක නවරත්න, සුගීශ්වර බණ්ඩාර යන පුරවැසි භාෂකයන්ට එරෙහිව පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය පිළිබඳව දිනන දකුණ සාමූහිකය තම දැඩි පිළිකුල සහ විරෝධය ප්‍රකාශ කර සිටින බවය.

- උපුටා ගැනීම -

2024 අංක 8 දරණ අධිකරණයට, විනිශ්චය සභාවකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත යටතේ පොලීසියට, ස්වාධීන අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පැවරීමට හෝ පවත්වාගෙන යාමට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති බව අප සාමූහිකය අවධාරණය කර සිටී.

මහජන මතය මර්දනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් මෙම විශේෂිත පනත සක්‍රීයව භාවිතා කරමින්, සාපරාධී විමර්ශනයක් ආරම්භ කිරීම, නීතිමය දෘෂ්ටිකෝණයකින් බලන කළ, නීතිය ඉතා පැහැදිලිව විකෘති කිරීමක් සහ අවභාවිත කිරීමකි.

මෙහිදී සිදුවෙමින් ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා සකස් කරන ලද නීතිමය යාන්ත්‍රණයක්, පොලිස් වාරණය සඳහා ආයුධයක් ලෙස නීතිවිරෝධී ලෙස පරිවර්තනය කරගැනීමකි.

විශේෂයෙන්ම, මෑතකාලීනව දේශපාලන බලපෑම් මත ක්‍රියාත්මක වන ස්වරූපයක් පෙන්නුම් කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) ක්‍රියාකලාපය විවේචනය කරන සහ ඒ පිළිබඳ තමන්ගේ අදහස් දක්වන සිවිල් පුරවැසියන්, ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඉලක්ක කර ගනිමින් "අධිකරණයට අපහාස කිරීම" වැනි චෝදනා අවභාවිත කරමින් සිදුකරන මර්දනකාරී ක්‍රියාවලිය වහාම නතර කළ යුතු බවට අප සාමූහිකය අවධාරනණය කොට සිටී.

එවැනි චෝදනා නඟමින් නිදහස් මතධාරීන් බියවැද්දීමට පොලීසිය දරණ උත්සාහය කිසිසේත්ම ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන, පොලිස් සංකල්පයට සහ ඒ මත ගොඩනැගුන පොලිස් නිල ඇඳුමට නොතරම් හැසිරීමකි.

CID ය විසින් මෙහිදී කරමින් සිටින්නේ ආන්දෝලනාත්මක රාජ්‍ය නිලධාරියෙකු වන CID යෙහි ප්‍රධානියා කෙරෙහි එල්ල වන මහජන විවේචන වැළැක්වීම සඳහා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට පවතින නීතියක් පලිහක් කර ගැනීමකි.

මෙවැනි ක්‍රියා සුදුසු වන්නේ පොලිස් රාජ්‍යයකට මිස ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනයක් තුළ නොවේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර ඇති පුරවැසියාගේ භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස CIDයේ මෙම ක්‍රියාව මඟින් බරපතළ ලෙස සීමා කරන්නට හේතුවන බව අප සාමූහිකයේ මතය වන්නේය.

එම නිසා පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පුරවැසියාගේ අදහස් දැක්වීම් දඩමීමා කරමින් කටයුතු කරන ආකාරය පිළිබඳව දිනන දකුණ සාමූහිකය තම දැඩි පිළිකුල සහ විරෝධය ප්‍රකාශ කර සිටියි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය මඟින් සෑම පුරවැසියෙකුටම භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබා දී ඇති අතර, 10 වැනි වගන්තිය මඟින් සිතීමේ, විමසීමේ සහ හෘද සාක්ෂියේ නිදහස තහවුරු කර ඇත.

රජයේ ආයතන හෝ නීතිය බලාත්මක කරන ආයතන දේශපාලනීකරණය වන විට, ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට සහ තම මතය සමාජගත කිරීමට පුරවැසියාට පරමාධිපත්‍ය බලයක් තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුව, පාලකයින්ගේ වුවමනාවන් වෙනුවෙන් පුරවැසි අයිතීන් පාගා දමන මෙවලමක් බවට පත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමක් සනිටුහන් කරන්නකි.

නීතිය සැමට සමානව ක්‍රියාත්මක විය යුතු අතර, දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීම සඳහා පොලිස් බලය අවභාවිතා කිරීම, සිවිල් සමාජයක් ලෙස අප කිසිසේත් අනුමත නොකරමු.

එබැවින්, වහාම ක්‍රියාත්මක වන පරිදි පුරවැසියන්ගේ භාෂණයේ නිදහස සහ හෘද සාක්ෂියේ අයිතිය සුරක්ෂිත කරන ලෙසත්, දේශපාලන අවශ්‍යතා මත සිදුකරන මෙවැනි අත්තනෝමතික පොලිස් මර්දනයන් නතර කරන ලෙසත් දිනන දකුණ සාමූහිකය බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි. ප්‍රජාතන්ත්‍රවාදය සහ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සියලුම බලවේගයන් මෙම මර්දනයට එරෙහිව එක පෙළට සිටගත යුතු මොහොත එළඹ ඇත.

දිනන දකුණ සාමූහිකය වෙනුවෙන්,
නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.
මාධ්‍ය ප්‍රකාශනය
2026.06.16

- උපුටා ගැනීම අවසන් -

RelatedNews
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි