header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
චෙම්මනි සමූහ මිනිවළෙන් සිරුරූ 351ක කොටස් හමුවෙයි
Jun 16, 202609:53 AM
චෙම්මනි සමූහ මිනිවළෙන් සිරුරූ 351ක කොටස් හමුවෙයි
Mobitel 1278

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයෙන් හමුවූ සමූහ මිනිවළ, මෑත ඉතිහාසයේ උතුරු පළාතෙන් වාර්තා වූ විශාලම සමූහ මිනිවළ බව පැවසේ.

ඊයේ (15) දින සිදුකළ කැනීම්වලදී තවත් මිනිස් සිරුරු 10කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීමත් සමඟ, මෙම මිනිවළෙන් මේ දක්වා මතුකරගෙන ඇති සමස්ත මිනිස් සිරුරු සංඛ්‍යාව 351ක් දක්වා ඉහළ ගොස් ඇත.

මීට පෙර උතුරු පළාතේ විශාලම සමූහ මිනිවළ ලෙස සැලකුණේ මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් හමුවූ මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ මිනිවළ බව සඳහන් වේ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ. නිරංජන් මහතා ප්‍රකාශ කළේ, ඊයේ දිනෙන් අවසන් වූ චෙම්මනි සමූහ මිනිවළේ 6 වැනි අදියරේ 25 වැනි දිනය වන විට සිරුරු 360කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන ඇති අතර ඉන් සිරුරු 351ක කොටස් මේ වන විට ගොඩගෙන ඇති බවය.

යාපනය මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම කැනීම් කටයුතු සිදුකරනු ලබයි.

2026 අප්‍රේල් 27 වෙනිදා මේ දක්වා වන 6 වැනි අදියර තුළින් පමණක් මිනිස් සිරුරු 112ක කොටස් ගොඩගෙන ඇත.

කුඩා දරුවන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් කිහිපයක්, රන් භාණ්ඩයක කොටසක් සහ කාසි කිහිපයක් ද හමුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මීට පෙර 2025 සැප්තැම්බර් 06 වෙනිදා මෙහි 5 වැනි අදියර නිමාවට පත්වන විට සිරුරු 239ක කොටස් ගොඩගෙන තිබිණි.

දැනට හමුවී ඇති සියලුම අස්ථි කොටස් සහ භාණ්ඩ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා භාරයේ සුරක්ෂිතව තබා ඇත.

යුද සමයෙන් අනතුරුව උතුරු පළාතේ ස්ථාන කිහිපයකින්ම මෙලෙස සමූහ මිනිවළවල් වාර්තා විය.

2013 වසරේ දී මන්නාරම තිරුකේදීශ්වරන් ප්‍රදේශයේන් මිනිස් සිරුරු 88කට ආසන්න ප්‍රමාණයක කොටස් හමුව ඇත.

මන්නාරම පැරණි සතොස පිහිටි ස්තානයේ 2018 - 2019 වසරේදී මිනිස් සිරුරු 342ක කොටස් හමුවූ අතර, අමෙරිකානු රසායනාගාරයක සිදුකළ කාබන් පරීක්ෂාවකින් හෙළි වූයේ ඒවා වර්ෂ 1450 ත් 1650 ත් අතර අතීතයකට අයත් බවය.

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ 2023-2024 වසර සීමාවේ දී මිනිස් සිරුරු 52ක කොටස් මතුකරගත් අතර, ඒවා 1994 - 1996 කාල වකවානුවට අයත් විය හැකි බව නිලධාරීන් නිගමනය කළහ.

කොක්කුතුඩුවායි කැනීම්වලින් අනතුරුව වාර්තා වූ මෙම චෙම්මනි සමූහ මිනිවළේ කැනීම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..