header logo
SLIC
උණුසුම් පුවත්
චෙම්මනි සමූහ මිනිවළෙන් සිරුරූ 351ක කොටස් හමුවෙයි
Jun 16, 202609:53 AM
චෙම්මනි සමූහ මිනිවළෙන් සිරුරූ 351ක කොටස් හමුවෙයි
Mobitel 1278

යාපනය, චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයෙන් හමුවූ සමූහ මිනිවළ, මෑත ඉතිහාසයේ උතුරු පළාතෙන් වාර්තා වූ විශාලම සමූහ මිනිවළ බව පැවසේ.

ඊයේ (15) දින සිදුකළ කැනීම්වලදී තවත් මිනිස් සිරුරු 10කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීමත් සමඟ, මෙම මිනිවළෙන් මේ දක්වා මතුකරගෙන ඇති සමස්ත මිනිස් සිරුරු සංඛ්‍යාව 351ක් දක්වා ඉහළ ගොස් ඇත.

මීට පෙර උතුරු පළාතේ විශාලම සමූහ මිනිවළ ලෙස සැලකුණේ මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් හමුවූ මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ මිනිවළ බව සඳහන් වේ.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ වි.කේ. නිරංජන් මහතා ප්‍රකාශ කළේ, ඊයේ දිනෙන් අවසන් වූ චෙම්මනි සමූහ මිනිවළේ 6 වැනි අදියරේ 25 වැනි දිනය වන විට සිරුරු 360කට අදාළ අස්ථි කොටස් හඳුනාගෙන ඇති අතර ඉන් සිරුරු 351ක කොටස් මේ වන විට ගොඩගෙන ඇති බවය.

යාපනය මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ, කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා සහ යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා ඇතුළු විශේෂඥ කණ්ඩායමක් විසින් මෙම කැනීම් කටයුතු සිදුකරනු ලබයි.

2026 අප්‍රේල් 27 වෙනිදා මේ දක්වා වන 6 වැනි අදියර තුළින් පමණක් මිනිස් සිරුරු 112ක කොටස් ගොඩගෙන ඇත.

කුඩා දරුවන්ගේ බවට සැකකෙරෙන අස්ථි කොටස් කිහිපයක්, රන් භාණ්ඩයක කොටසක් සහ කාසි කිහිපයක් ද හමුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මීට පෙර 2025 සැප්තැම්බර් 06 වෙනිදා මෙහි 5 වැනි අදියර නිමාවට පත්වන විට සිරුරු 239ක කොටස් ගොඩගෙන තිබිණි.

දැනට හමුවී ඇති සියලුම අස්ථි කොටස් සහ භාණ්ඩ යාපනය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග මත යාපනය විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා පීඨයේ විශේෂඥ වෛද්‍ය සෙල්ලයියා පිරනවන් මහතා භාරයේ සුරක්ෂිතව තබා ඇත.

යුද සමයෙන් අනතුරුව උතුරු පළාතේ ස්ථාන කිහිපයකින්ම මෙලෙස සමූහ මිනිවළවල් වාර්තා විය.

2013 වසරේ දී මන්නාරම තිරුකේදීශ්වරන් ප්‍රදේශයේන් මිනිස් සිරුරු 88කට ආසන්න ප්‍රමාණයක කොටස් හමුව ඇත.

මන්නාරම පැරණි සතොස පිහිටි ස්තානයේ 2018 - 2019 වසරේදී මිනිස් සිරුරු 342ක කොටස් හමුවූ අතර, අමෙරිකානු රසායනාගාරයක සිදුකළ කාබන් පරීක්ෂාවකින් හෙළි වූයේ ඒවා වර්ෂ 1450 ත් 1650 ත් අතර අතීතයකට අයත් බවය.

මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ 2023-2024 වසර සීමාවේ දී මිනිස් සිරුරු 52ක කොටස් මතුකරගත් අතර, ඒවා 1994 - 1996 කාල වකවානුවට අයත් විය හැකි බව නිලධාරීන් නිගමනය කළහ.

කොක්කුතුඩුවායි කැනීම්වලින් අනතුරුව වාර්තා වූ මෙම චෙම්මනි සමූහ මිනිවළේ කැනීම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

Lassana Flora
Spotlight
පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි