header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
කටුනායක ගුවන්තොටුපොළේ දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් නොවැම්බරයේ?
Jun 13, 202610:21 AM
කටුනායක ගුවන්තොටුපොළේ දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් නොවැම්බරයේ?
Mobitel 1278

ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නැවතුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ (BIA) දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ නොවැම්බර් මාසයේදී යළි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසා සිටියේ, ව්‍යාපෘතිය නැවත ආරම්භ කළ දින සිට මාස 30ක් ඇතුළත එය නිමා කිරීමට බලාපොරොත්තු වන බවය.

වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසෝමාටා අකියෝ මහතා අතර ඊයේ (12) පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇත.

මෙම අවස්ථාවට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) නියෝජිත කණ්ඩායමක්ද එක්ව තිබේ.

ව්‍යාපෘතියට අදාළ ණය මුදල සහ කොන්ත්‍රාත් වටිනාකම පිළිබඳ අනුමැතිය කඩිනම් කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වූ අතර, එම පියවරයන් සම්පූර්ණ වීමෙන් අනතුරුව ලබන නොවැම්බර් මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු මුලින්ම ආරම්භ වූයේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදීය. මේ සඳහා ජපන් රජය මඟින් යෙන් බිලියන 75ක ණය ආධාර ලබා දී තිබිණි.

කෙසේ නමුත් රටේ ඇති වූ ආර්ථික කඩා වැටීම හේතුවෙන් 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේදී මෙහි ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර විය.

2024 වර්ෂයේ අග භාගයේදී මේ සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය යළි ආරම්භ කළ අතර, 2025 වසරේදී ලංසු කැඳවීම් අවසන් කර මේ වනවිට අදාළ කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීමේ අවසන් අදියරට පැමිණ ඇත.

එමෙන්ම ශ්‍රී ලංකා රජය, ජපන් රජය සහ JICA ආයතනය සමඟ සිදු කළ සාකච්ඡා වට කිහිපයකින් පසුව, වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වසනීයත්වය මත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය ණය ප්‍රතිපාදන ලබා දීමට ජපාන පාර්ශවය එකඟත්වය පළ කර තිබේ.

ව්‍යාපෘතියට අවශ්‍ය අදාළ ණය මුදල් ප්‍රමාණය පිළිබඳව මුදල් අමාත්‍යාංශය සමඟ ඉක්මණින් සාකච්ඡා කර අනුමැතිය ලබා ගැනීමට අමාත්‍යවරයා මෙහිදී එකඟ වූ බවද නිවේදනයේ දැක්වේ.

එහිදී JICA නියෝජිත පිරිස යෝජනා කළේ පළමු පියවර ලෙස ණය මුදල ස්ථීර කර ණය ගිවිසුම් අත්සන් කිරීමත්, දෙවන පියවර ලෙස සාකච්ඡා කරගත් මිල මත කොන්ත්‍රාත්තුව පිරිනැමීමත් සිදු කළ යුතු බවයි.

මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් සහ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගමේ වැඩබලන සභාපති ඩබ්.ඩබ්.එස්. මංගල යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ සහ ගුවන්සේවා සමාගමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

MostRead
Mobitel 1278
VideoStories
''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

''ආ‍ර්ථිකයට ගම්, නගර භේදයකින් තොරව ජනතාව සහභාගී වෙන්න ඕනේ'' | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

17 වැනිදා රටම අඳුරු වීමට හේතුව හෙළිවෙයි | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

වීදී සුනඛයින්ගේ ශරීරයට ඩිජිටල් චිපයක් ඇතුළු කර තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් | Ada Derana

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි..මිලියන 13 ඉක්මවූ පිරිසක් දැනටමත් TIN අංකය ලබාගෙන

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

රු.කෝටි 10ක වන්දි ඉල්ලා සරත් වීරසේකරගෙන් Kingsbury හෝටලයට එන්තරවාසියක් | Ada Derana

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

පාන් කියාගන්න බැරිව ඉහළ ගිය පාන් මිල

 කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

කහ ගෑස් පාරිභෝගිකයා රැකගන්න ආණ්ඩුවෙන් දැඩි තීරණයක්..නඩු දාන්න හේතුවත් කියයි

 පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

පාන් සහ සෙසු බේකරි නිෂ්පාදනමිලරු.5කින් ඉහළට

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

මහ පාර ලෙයින් තෙත්කළ ත්‍රීරෝද රථ - ටිපර් අනතුර

 ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

ගිලන් වූ අලි පැටවාගේ ජීවිතය බේරාගන්න වෙල්යායෙන් උඩවලවට

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

පනත් නිසා දේශපාලන වේදිකාවත් රත්වෙයි

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කෙටුම්පත මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවට

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

සජිත් ආණ්ඩුවට දෙහිකපයි

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

"පොලීසියත් උන්ගේ නම්, නීතියත් උන්ගෙනම් දුක් විඳින ජනතාව වෙනුවෙන් කවුද පෙනී ඉන්නේ"

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

ඉෂාර අත්අඩංගුවට ගත්ත විදිහ ගැන පොලිසියෙන් හෙළිදරව්වක්..

Mobitel 1278
Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

පිරමීඩ ජාවාරමේ ගෝඩ් ෆාදර් නළු නිළියනුත් අන්දලා...

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

අත්අඩංගුවට ගන්නා අයගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිවල සීසීටීවී සවිකරන්න

 අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

අක්කාගෙන් මතට හුරුවූ පුංචි අයිය-නගෝ භාරදෙන්නේ කාටද? | Ada Derana

 වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

වසර 3 ට ළමයින් 48ක් මරාදාලා - මිනිස් ඝාතන 1,664ක්| Ada Derana

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ගෘහස්ත වත්කම් වර්ධනයට වඩා වගකීම් වර්ධනය වේගවත් වෙලා...

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

ජාතික මට්ටමේ ක්‍රීඩකයන්ට කුලියට ක්‍රිකට් ගැසීමේ සීමාවක්

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

“ඥානසාර හිමි නිදහස් කරන්න කියා මහා නාහිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලා නෑ... ”

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

හෝමාගම පොලීසියේ මරණය: නිසි විදියට සැකකරු භාරදී නෑ...අපරාධ අංශයට රැගෙන ගිහින්

එයාර්බස් ගනුදෙනු නඩුව :  චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

එයාර්බස් ගනුදෙනු නඩුව : චෝදනා 24යි - සාක්ෂිකරුවෝ 59යි

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

පොලිස් නිලධාරීන් සහ දේශපාලන ප්‍රභූන් ඝාතන සැලසුමක්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

“පාසල් වහන්න කාලගුණයෙන් ඇහුවේ නැහැ” – කාලගුණ අධ්‍යක්ෂ ජනරාල්

ජලාශ 38ක් වාන් දමයි

ජලාශ 38ක් වාන් දමයි

'ඔර්නබ්' ඉන්දියාවට -  ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ

'ඔර්නබ්' ඉන්දියාවට - ආන්ද්‍රා ප්‍රදේශ් සහ ඔඩිෂා ප්‍රාන්තවල පාසල් වසා දැමේ