header logo
SLIC
උණුසුම් පුවත්
වාහන සඳහා දැමූ සීමාවේ ප්‍රතිඵල ඇවිත්
Jun 12, 202606:16 PM
වාහන සඳහා දැමූ සීමාවේ ප්‍රතිඵල ඇවිත්
EDEX

සාමාන්‍ය තත්ත්වයක් යටතේ දිනකට ඩොලර් මිලියන 5.27ක වාහන ආනයනය කර තිබූ බවත් පැනවූ සීමා හේතුවෙන් එය දිනකට ඩොලර් මිලියන 3.9ක් දක්වා අඩු කරගැනීමට හැකිවූ බවත් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් වාහන සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිකර තිබූ බිය හේතුවෙන් වැඩිපුර වාහන ආනයනය කිරීම නිසා දිනකට ඩොලර් මිලියන 6.8 දක්වා වර්ධනයවූ අවස්ථාද තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත,

"මැදපෙරදිග යුදමය තත්ත්වයේ කම්පනය විවිධ අයුරින් අපේ ආර්ථිකය ඇතුළට ඇවිත් තියෙනවා. රටක් ලෙස ඊට මුහුණ දෙන්න නම් පොදුවේ ඊට මැදිහත් වෙන්න වෙනවා."

"තෙල් ප්‍රශ්නය තමයි ප්‍රධාන වශයෙන් අපිට මුහුණ දෙන්න සිදුවුණේ. අපි ප්‍රාර්ථනා කරනවා ඒ තත්ත්වය ඉක්මණින් සමනය වෙයි කියලා."

"නමුත් මේ තත්ත්වය අඛණ්ඩව ඉදිරිවයට ගියොත්..තවදුරටත් වර්ධනය වුණොත් රට ඇතුළේ එය කළමනාකරණය කරගැනීමට අවධානය යොමු කළ යුතුයි."

"ඩොලරයට ඇතිවුණු බලපෑම නිසා භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්න බලපෑමක් ඇති කළා. මෙවැනි අර්බුදයන් කෙටි කාලයකදී සමනය වෙනවා. අපි යම් යම් උපායමාර්ග මේ අවස්ථාවේදී ගත්තා."

"විදේශ විනිමය අනුපාතය වගේ තත්ත්වයකදී එය සමනය වෙන්න කෙටි කාලයක් යනවා. ඩොලරයට තියෙන ඉල්ලුම හා සැපයුම අනුව තමයි මෙය තීරණය වෙන්නේ."

"අපි ගත්තු තීන්දු නිසා අපේ ආනයන මිල වැඩිවීමට බලපාපු අයිතම අතර වාහන ආනයනය ප්‍රමුඛ ස්ථානයක් ගත්තා. ඉන්ධන ඒ වගේමයි. නමුත් ඉන්ධන අපිට දැන් සීමා කරගන්න බැහැ."

"අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කළා ඔබගේ පුද්ගලික වාහන ආනයනය යම්තාක් දුරකට අඩුකරන්න.. පාලනය කරන්න කියලා. එයට ක්‍රමවේදයක් ඇතුළත් කළා."

"දැන් අපිට පෙනෙනවා යම් ආකාරයක එහි ප්‍රතිඵල ළඟාවෙමින් තිබෙනවා."

"2025 වර්ෂය ගත්තාම මේ ආර්ථිකය පුළුල්වෙලා යනකොට වාහන ආනයනයට දවසකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 5.27ක ප්‍රමාණයක් වෙනුවෙන් වාහන ආනයනය කරලා තිබුණා."

"අර්බුදකාරී තත්ත්වයේදීත් රට තුළ ඇති කරපු බය නිසාත් මිනිස්සු වැඩිපුර වාහන ආනයනය කරන්න ගිහින් එය දිනකට ඩොලර් මිලියන 6.8 දක්වා වර්ධනය වුණා."

"නමුත් අපි ගත්තු ක්‍රියාමාර්ග නිසා ජුනි 10 වෙනකනම් නිවාඩු දින අතහැරලා දින 8ට වාහන ආනයනය සඳහා ගිය ප්‍රමාණය ඩොලර් මිලියන 31.72යි. දිනකට 3.9ක්."

"එතනින් පෙන්නුම් කරන්නේ අපි අපේක්ෂා කළාටත් වඩා වාහන ආනයනය පහළ මට්ටමකට ගිහින් තිබෙන බව."

https://youtu.be/11B7_4FC6oo
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට