header logo
Vallibel FD
Valible Le
උණුසුම් පුවත්
වාහන සඳහා දැමූ සීමාවේ ප්‍රතිඵල ඇවිත්
Jun 12, 202606:16 PM
වාහන සඳහා දැමූ සීමාවේ ප්‍රතිඵල ඇවිත්
Mobitel 1278

සාමාන්‍ය තත්ත්වයක් යටතේ දිනකට ඩොලර් මිලියන 5.27ක වාහන ආනයනය කර තිබූ බවත් පැනවූ සීමා හේතුවෙන් එය දිනකට ඩොලර් මිලියන 3.9ක් දක්වා අඩු කරගැනීමට හැකිවූ බවත් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කෙසේවෙතත් වාහන සම්බන්ධයෙන් සමාජය තුළ ඇතිකර තිබූ බිය හේතුවෙන් වැඩිපුර වාහන ආනයනය කිරීම නිසා දිනකට ඩොලර් මිලියන 6.8 දක්වා වර්ධනයවූ අවස්ථාද තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත,

"මැදපෙරදිග යුදමය තත්ත්වයේ කම්පනය විවිධ අයුරින් අපේ ආර්ථිකය ඇතුළට ඇවිත් තියෙනවා. රටක් ලෙස ඊට මුහුණ දෙන්න නම් පොදුවේ ඊට මැදිහත් වෙන්න වෙනවා."

"තෙල් ප්‍රශ්නය තමයි ප්‍රධාන වශයෙන් අපිට මුහුණ දෙන්න සිදුවුණේ. අපි ප්‍රාර්ථනා කරනවා ඒ තත්ත්වය ඉක්මණින් සමනය වෙයි කියලා."

"නමුත් මේ තත්ත්වය අඛණ්ඩව ඉදිරිවයට ගියොත්..තවදුරටත් වර්ධනය වුණොත් රට ඇතුළේ එය කළමනාකරණය කරගැනීමට අවධානය යොමු කළ යුතුයි."

"ඩොලරයට ඇතිවුණු බලපෑම නිසා භාණ්ඩවල මිල ගණන් ඉහළ යන්න බලපෑමක් ඇති කළා. මෙවැනි අර්බුදයන් කෙටි කාලයකදී සමනය වෙනවා. අපි යම් යම් උපායමාර්ග මේ අවස්ථාවේදී ගත්තා."

"විදේශ විනිමය අනුපාතය වගේ තත්ත්වයකදී එය සමනය වෙන්න කෙටි කාලයක් යනවා. ඩොලරයට තියෙන ඉල්ලුම හා සැපයුම අනුව තමයි මෙය තීරණය වෙන්නේ."

"අපි ගත්තු තීන්දු නිසා අපේ ආනයන මිල වැඩිවීමට බලපාපු අයිතම අතර වාහන ආනයනය ප්‍රමුඛ ස්ථානයක් ගත්තා. ඉන්ධන ඒ වගේමයි. නමුත් ඉන්ධන අපිට දැන් සීමා කරගන්න බැහැ."

"අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කළා ඔබගේ පුද්ගලික වාහන ආනයනය යම්තාක් දුරකට අඩුකරන්න.. පාලනය කරන්න කියලා. එයට ක්‍රමවේදයක් ඇතුළත් කළා."

"දැන් අපිට පෙනෙනවා යම් ආකාරයක එහි ප්‍රතිඵල ළඟාවෙමින් තිබෙනවා."

"2025 වර්ෂය ගත්තාම මේ ආර්ථිකය පුළුල්වෙලා යනකොට වාහන ආනයනයට දවසකට සාමාන්‍යයෙන් ඩොලර් මිලියන 5.27ක ප්‍රමාණයක් වෙනුවෙන් වාහන ආනයනය කරලා තිබුණා."

"අර්බුදකාරී තත්ත්වයේදීත් රට තුළ ඇති කරපු බය නිසාත් මිනිස්සු වැඩිපුර වාහන ආනයනය කරන්න ගිහින් එය දිනකට ඩොලර් මිලියන 6.8 දක්වා වර්ධනය වුණා."

"නමුත් අපි ගත්තු ක්‍රියාමාර්ග නිසා ජුනි 10 වෙනකනම් නිවාඩු දින අතහැරලා දින 8ට වාහන ආනයනය සඳහා ගිය ප්‍රමාණය ඩොලර් මිලියන 31.72යි. දිනකට 3.9ක්."

"එතනින් පෙන්නුම් කරන්නේ අපි අපේක්ෂා කළාටත් වඩා වාහන ආනයනය පහළ මට්ටමකට ගිහින් තිබෙන බව."

MostRead
Mobitel 1278
VideoStories
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත වෙයි - තත්ත්පරයට ඝන මීටර් 150 ක ජල ධාරිතාවක් මහවැලි ගඟට

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

ඔර්නබ් හොඳටම චණ්ඩ වෙයි - ඉන්දියාවට කඩාවැදීමට සුදානම් | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා  | Ada Derana

සෝලා පාර්ක් මාෆියාවක් සම්බන්ධයෙන් රජයට දැඩි චෝදනා | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

පුවත් කෙටියෙන් - 2026.10.27 | Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

අවසන් ඇමතුමෙන් කජ්ජාව බිල්ලට දුන් අචිනි.. ඩුබායි රටෙන් කුදලන් එයි | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

ජීවිත 80ක් සමඟ ප්‍රපාතයට ගිය බස් රථය - බාර්සිලෝනා බස් අනතුර උඩුගුවනට දිස්වූ හැටි... | Ada Derana

 මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මහ වැස්සෙන් වාන් දමන මහ ජල කඳ..| Ada Derana

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

මාවනැල්ල - කඩුගන්නාව විකල්ප මාර්ගය | ඩ්‍රෝන කැමරාවට හසුවූ අයුරු

 නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

නාමල් අදත් උදේම අධිකරණයට | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

ඔබට ක්‍රිකට්වල කරන්න බැරිවුණ දේ වත්මන් ආණ්ඩුව කළා නේද? | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

සංවිධානාත්මක අපරාද වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන සර්වජන බලයේ මතය | Ada Derana

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

මුළු අහසම කළු කරගෙන මහනුවරටත් මහ වැසි

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

අහංගමදී බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී පස් දෙනෙකු රෝහලට

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

මහ වැසි හමුවේ කලා වැවේ වාන් දොරටුත් විවෘත වෙයි

Mobitel 1278
Lassana Flora
Spotlight
'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි  | Ada Derana

'ඔර්නබ්' ප්‍රචණ්ඩ වෙයි | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

අයහපත් කාලගුණය නිසා රට පුරා පාසල් පෙරපාසල් අද නිවාඩු | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

මිනිසුන් එකතුවෙලා හැදු ටික ආයෙ හේදිලා ගිහින්: "දිට්වා මැද කැඩී ගිය ඩයගම පාර හදා දියව්" | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

ඉල්ලුම අඩුවී බිත්තර - මස් අලෙවිය පහළට | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක්  | Ada Derana

2050 වනවිට ලෝක ජනගහනය බිලියන 10ක් - ආහාර සුරක්ෂිතතාව ගැටලුවක් | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

නඩත්තු සිද්ධියට: රනිල් දුන් ජනපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහෝසියි | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

ඥානසාර හිමිට සමාව දී අර්බුදය අවසන් කරන්න - එජාපය | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

“සිරගත පුද්ගලයෙකුගේ මානව ගෞරවය අහිමි නොකළ යුතුයි” නීතිඥ සංගමයේ සභාපති වැලිකඩ දී කියයි | Ada Derana

දවසේ කාටුන් විස්තරේ

දවසේ කාටුන් විස්තරේ

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

ප්‍රථම වරට අනුරාධපුර පුජා භූමියට රුපියල් කෝටි 400ක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

රට පුරා විදුලි බිඳ වැටීම ජාතික පද්ධතියේ අවුලක්

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

ගෘහ ඒකක ගත් ණය වැඩිවෙලා

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

රටට බරක් වූ රාජ්‍ය ආයතන 34ක් ඈවරයි

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

කොළඹ මහ නගර සභාවෙන් කෝටි 100ක වැට් බදු පොල්ලක්

 අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..

අලි ඇත්තු රකින මෙහෙයුම් මැදිරිය..